UAE හැඳුනුම්පත වෙනස් වෙයි – මෙන්න අලුත් හැඳුනුම්පතේ තොරතුරු

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැඳුනුම්පතට පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇතිබව වාර්තා වේ.

එහිදී යම් පුද්ගලයෙකු විසින් සිය අවයව වෙනත් අයෙකුට පරිත්‍යග කිරීමට කැමැත්තක් ඇත්නම් ඒ පිළිබඳ තොරතුරුරුද හැඳුනුම්පතට ඇතුළත් කිරීමටත් පියවර ගෙන ඇත.

සෞඛ්‍ය හා නිවරණ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ හැඳුනුම්පත් සහ පුරවැසිභාවය පිළිබඳ අධිකාරියේ සහයෝගයෙන් අරාබි සෞඛ්‍ය ප්‍රදර්ශන සමුළුවේදිඅදාල වැඩසටහන දියත් කර ඇති අතර හැඳුනුම්පත “ස්මාර්ට් සෞඛ්‍ය කාඩ්පත’’යනුවෙන් නම් කර ඇති බවත් සඳහන්.

මීට අමතරව ගල්ෆ් කලාපයේ වෛද්‍යවරුන්ට සිය සේවා ලබා ගන්නා පුද්ගලයින්ගේ තොරතුරු කඩිනමින් පරීක්ෂාකර ගත හැකිවන ලෙසම මෙම හැඳුනුම්පත සැකසීමට විශේෂ අවධානයක් යොමුකර තිබෙන අතර කාඩ්පත හිමි පුද්ගලයාගේ අසාත්මිකතාවයන්, ලේ වර්ගය, රෝග නිශ්චයන්, නිදන්ගත රෝග ආදියද එහි ඇතුළත් කිරීමට නියමිතයි.

කාඩ්පතේ අඩංගු කර ඇති තොරතුරු කියවීමට වෛද්‍යවරුන්ට අවස්ථාව ලබා දී තිබුණත් එහි නව තොරතුරු ඇතුළත් කිරීම සඳහා ඔවුන්ට අවස්ථාවක් හිමිනොවෙන බවත් සඳහන්.

මෙම හැඳුනුම්පත දෙස් විදෙස් සියළුම දෙනාට වලංගුවන අතර එමඟින් සියළුම දෙනාට යහපතක් සිදුවෙන බව එමිරේස්ට් බලධාරීන්ගේ අදහසයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435