මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
 
ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවති නමුත් අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වී ඇති බව එහි සභාපති උපුල් රෝහණ කියා සිටියි.
 
මේ හේතුව නිසා අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බව හෙතෙම අවධාරණය කරයි.
 
වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු මෙසේද, කියා සිටියේය.
 
"සුනඛයින් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත විශාල වශයෙන් හිඟකමක් මේ වෙද්දි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙනවා. එන්නත් අඛණ්ඩ සැපයුමක් නෑ. මේ නිසා මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. විශේෂයෙන්ම එන්නතක් ලබාගෙන වසරකට වරක් නැවත වරක් අවම වශයෙන් සුනඛයින්ට එන්නත් ලබාදිය යුතුයි. පසුගිය මාස කිහිපයේම මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. "