[VIDEO] ඉංජිනේරු සභාවේ පනත කඩිනම් කිරීමට පියවර – ජනාධිපති

සංවර්ධන ව්‍යාපෘතිවලදී දේශීය ඉංජිනේරුවන් කෙරෙහි වැඩි විශ්වාසයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා අද කොළඹ පැවති සමුළුවක් අමතමින් මේ බව පැවසී ය.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සමුළුව අද කොළඹදී පැවැත්විණි.

කෘෂි, වාරි, ඉංජිනේරු අංශ වලින් 2500කට අධික නිර්මාණයන්ට හිමිකම් කියන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ආසියාවේ පැරණිතම ඉංජිනේරු ආයතනය වේ.

MTVහා MBC මාධ්‍ය ජාලය මෙවර වාර්ෂික සමුළුවට විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙනු ලැබී ය.

එහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉංජිනේරු ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අභියෝග පිළිබඳව අදහස් දැක්වමින් සඳහන් කළේ, ඉංජිනේරු සභාවේ පනත සම්බන්ධයෙන් යම් ප්‍රමාදයන් ඇති වීම පිළිබඳ පෞද්ගලිකව සොයා බලා ඒ පනතේ අරමුණු ඉටුකර ගැනීම සඳහා කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය සමග කටයුතු කරන බව ය.

 

 

මූලාශ්‍රය – නිව්ස්ෆස්ට්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435