[ Video] මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් එංගලන්තයම කැළඹෙයි!

ඇමරිකානු ජනප්‍රිය ගායිකා අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ එංගලන්තයේ පැවති සංගීත ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

“මැන්චෙස්ටර් අරිනා” ගෘහස්ථ ක්‍රීඩාංගනයට එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් 19 දෙනෙකු මියගොස් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ප්‍රහාරයෙන් එරට වාසය කරන ලාංකිකයින් කිසිවෙකුට හානි සිදුවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.

පිපුරුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්  ත්‍රස්තවාදී මර්ධන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙසට සලකා කරයුතු කරන බවත් ප්‍රකාශයට පත්කර තිබේ.

කෙසේ වෙතත්, සිදුවීම වූ ස්ථානයේ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තරකර ඇති අතර මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දා සියලු දුම්රිය ගමන්ද අවලංගු කර ඇති බව සදහන්ය.

වැඩි ආරක්ෂාව වෙනුවෙන් ප්‍රහාරය සිදුවූ ප්‍රදේශයෙන් ඈත්වී සිටින ලෙසට  එරට ආරක්ෂක අංශය විසින් මහජනතාවට නිවේදන නිකුත්කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435