විශේෂයෙන් කැපී පෙනුණු ශ්‍රී ලංකන් එයාලයින්ස් එරෙහිව PRSE Corea නඩු තීන්දුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ කාලයක් තිස්සේ කාන්තාවන් මුහුණ පෑ ප්‍රමුඛ පෙළේ ගැටලුවක් වූ සේවා ස්ථානවල ලිංගික හිංසනයට විසඳුමක් ලබා දුන්නේය. මෙම තීන්දුවෙන් සේවා ස්ථානවල හිංසනය මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් පමණක් නොව එයින් ඵලදායීතාව සහ චිත්ත ධෛර්යය හීන කර දමන බවත් ශ්‍රී ලංකා ආර්ථිකයේ යථාර්ථය සමඟ ගැඹුරින් නින්නාද වන බවත් අවධාරණය කරනු ලැබීය.
2022 ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් කෝපරෙෂන් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ සේවා ස්ථානවල හිංසනය නිසා ශ්‍රී ලාංකීය සමාගම් වලට වාර්ෂිකව ඩොලර් මිලියන 1.7ක පාඩුවක් (හැකිලීමක්) සිදුවන බවත් එය එක් සේවකයකුගේ වැඩ දින හයක පාඩුවක් බවත් පෙනී ගියේය. මෙම ගැටලුව පැවතීම නිසා කාන්තාවන් ශ්‍රම බලකායට එක්වීමට අකැමැත්තක් දක්වන බව වාර්තා වේ.
2006 ජාත්‍යන්තර කම්කරු සංවිධානය(ILO) ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියකින් පෙනී ගියේ කාන්තාවන්ගෙන් පහෙන් තුනක් තමන් සේවා ස්ථානවල ලිංගික අතවරවලට ලක් නොවන බව සහතික කරන්නේ නම් වැඩ කිරීමට කැමති බවයි.
මෙම කාරණා ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය අනුපාතය කෙරේ පුළුල් බලපෑමක් එල්ල කර ඇත. 2024 පළමු කාර්තුවේදී සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ සියයට 29.6 ක ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය සියයට 67.2ක් වු පුරුෂ දායකත්වයෙන් භාගයකටත් අඩු බවයි. මේ සියල්ලෙන් එකම ආකාරයක ප්‍රවණතාවක් පිළිබිඹු වේ.
පසුගිය දශකය ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්ව අනුපාතය පහත වැටී සියයට 30 – 35 අතර උච්ඡාවචනය වීමට ලිංගික අතවර කිරීම බොහෝ දුරට හේතු වී තිබේ. අධිකරණයෙන් ගත් උත්සාහයන් පිළිබඳ බොහෝ තොරතුරු තිබුණද සේවා ස්ථානවල හිංසනවලට සෘජු විසඳුම් ලබා දෙන ඒ සඳහා වෙන් වූ නීතියක් ශ්‍රී ලංකාවේ නැතිි තරම්ය. මෙම අඩුපාඩුව 2023 මූල්‍ය අරමුදලේ කාන්තාවන්ගේ රැකියා තෝරා ගැනීම්වලට අදාළ වාර්තාවේ කරුණු හුවා දක්වා තිබිණි. කාන්තාවන්ගේ රැකියා අනුපාතය සෑහෙන තරම් වර්ධනය කිරීමට අවශ්‍ය දැඩි නීතිමය ආරක්ෂාව පැවතීමේ විභවතාව පිළිබඳව එහි අවධාරණය කොට ඇත.
සේවා ස්ථානවල ලිංගික හිංසන ගැටලුව විසඳීම උදෙසා අපරාධ නීතියේ පවතින සීමා
ලිංගික හිංසනය යනු (පොදුවේ) 1995 අංක 22 දරන ( සංශෝධිත) පනතේ අපරාධ විධි විධාන සංග්‍රහයේ අංක 345 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු අපරාධයකි. ඒ අනුව තවත් පුද්ගලයකුට ලිංගික වශයෙන් හිංසා කිරීම හෝ ශරීරයේ බලය භාවිතා කරන හෝ ලිංගික හිරිහැරය හෝ හිංසනය කිරීමට වචන හෝ ක්‍රියා භාවිත කරන කවරෙක හෝ ලිංගික හිංසනය පිළිබඳව අපරාදය සිදු කරන්නෙක් වෙයි. එහි පැහැදිලි කිරීම්වලට අනුව සේවා ස්ථානවල හිංසනය එම වැරදි වලින් ආවරණය වනුයේ එහි යම් පුද්ගලයෙකු අධිකාරී බලය භාවිත කොට ක්‍රියාවෙන් හෝ වචනයෙන් ලිංගික අතවර කිරීම සේවා ස්ථානවල හෝ වෙනත් ඕනෑම තැනක නොකළ යුතු බව ඇතුළත් කිරීම නිසාය.
මේ වසරේ ජූලි මස මුලදී අපරාධ විධි විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම් පතෙන් එම ප්‍රතිපාදන පුළුල් කිරීමට හා නවීකරණය කිරීමට උත්සාහ ගන්නා ලදී.
ක්‍රියාවලින් හෝ වචනයෙන් යන විෂය පථය යැවීම (Sending) බෙදා හැරීම (Sharing) නිර්මාණය, ලිංගික ක්‍රියා පැහැදිලි වන පණිවිඩ පළකිරීමෙන් රූප ශබ්ද(Audio) හෝ වීඩියෝ ඉලෙක්ට්‍රොනික හෝ මාර්ගගත ක්‍රම යන ඕනෑම ආකාරයක සන්නිවේදන ඔස්සේ යැවීම ඇතුළත් කොට පුළුල් කරන ලදී. ලිංගික හිරිහැර හෝ හිංසන සිදු කරන වචන හෝ ක්‍රියා මොනවාද යන්න විස්තර කෙරෙන උදාහරණ ද පනත් කෙටුම්පතෙන් ඉදිරිපත් කෙරිණි. මීට අසීරුතාවට පත් කරන ශබ්ද හෝ ඉරියව් අයෝග්‍ය උපකරණ කාමුක අභිප්‍රායෙන් සිදුකරන නුසුදුසු ශාරීරික ස්වරූප තවත් පුද්ගලයකු අපහසුතාවට පත් කරන සංඥාවලට නිරාවරණය කිරීම ආදිය ද ඊට ඇතුළත් විය.
දුරස්ථ කටයුතු හඳුනා ගනිමින් හා සන්නිවේදනය ඉලෙක්ට්‍රොනික ක්‍රම මත රඳා පැවැත්ම වැඩිවීම පිළිගනිමින් මෙම යෝජිත සංශෝධන කාලීනව නිවැරදි දිසාවට තැබූ පියවරකි. සිවිල් නීතියට පටහැනිව අපරාධ නීතියෙන් හැසිරවීමට සිදුවන නිසා සේවා ස්ථානවල ලිංගික හිංසනයට අපරාධ විධිවිධාන සංග්‍රහය ඔස්සේ පිළියම් යොදන විට එහි එක්තරා මූලධර්මික දෝෂයක් පවතී.
සේවා ස්ථානයේ ලිංගික හිංසනය පිළිබඳ පැමිණිලි කිරීමේ සුවිශේෂීතාව ගැන ප්‍රමාණවත් ලෙස සංවේදී නොවූ ඊට ගොදුරු වන්නා අපරාධ නීතිය යටතේ පොලිසියේ පැමිණිලි කිරීමක් අවශ්‍ය වේ. තවදුරටත් එසේ පැමිණිලි කරන්නා දීර්ඝ නඩු විභාගයකට මුහුණ දිය යුතු අතර එම නඩුව දිනා ගැනීමට ඉහළම ප්‍රමිතියෙන් ඔප්පු කිරීමක් කළ යුතු වන්නේය. මෙම ප්‍රමිතිය සාධාරණ සැකයෙන් තොරව යනුවෙන් හඳුන්වන අතර එයින් අදහස් වන්නේ චූදිතයාගේ වරදකාරී බව ප්‍රශ්න කිරීමට පදනමක් ඉතිරි නොවන අයුරින් සාක්ෂිවලින් ඒත්තු යා යුතුය යන්නයි. සේවා ස්ථානයේ ලිංගික හිරිහැර සම්බන්ධව කටයුතු කිරීමේදී සිවිල් නීතියෙන් ඊට ගොදුරු වූ තැනැත්තාට පොලිසියට පැමිණිලි කිරීමේ ක්‍රියාදාමය මඟහරින්නට අවස්ථාව සැලසේ. ඊට අමතරව සිවිල් නීතිය යටතේ ඔප්පු කිරීමේ නීතිය, කියමන සියයට පනහක(50%) වඩා සත්‍යයයි පෙනී යන සඛ්‍යතාව වැඩිබර අනුව (සම්භාවිතා ශේෂය) ප්‍රදර්ශනය කරන්නකි.
2019 කෙටුම්පත් කළ රැකියා පනතෙන් ශ්‍රී ලංකාවේ රැකියා නීතිය ඒකාබද්ධ කළ අතර එහිදී සේවා ස්ථානවල ලිංගික හිංසනය යන වරද අපරාධ නීතිය විෂය පථයෙන් පිටතට ගන්නට විධිමත් උත්සාහයක් දරනු ලැබීය. කෙසේ වුවද ආණ්ඩු එකින් එක මාරුවෙද්දී යෝජිත සංශෝධන යට ගැසී කිසිදු පැහැදිලි සංශෝධනයක් සිදු නොවූයේය.
නීතිමය සංශෝධනවල හදිසි අවශ්‍යතාව
ශ්‍රී ලංකාවට මාස 48කින් යුක්ත විස්තීර්ණ ණය පහසුකම් සැපයීමේ දෙවැනි විශ්ලේෂණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රටේ දීර්ඝ කාලීන විභවතා මුදා හැරීමට ව්‍යුහාත්මක අභියෝගතාවලට පිළියම් යෙදීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. එහි වූ ප්‍රධාන නිර්දේශ අතර නිපුණතා නැංවීම ඉලක්ක කොටගත් කම්කරු නීති ප්‍රතිසංස්කරණයය, ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීම හා ශ්‍රම වෙළඳපොළේ ස්ත්‍රී පුරුෂ පරතරය අඩු කිරීමද තිබිණි.
මෙම ප්‍රමුඛතා සමඟ සමපාත වන අයුරින් අලුත බලයට පත්වූ ජනාධිපතිවරයා ඔහුගේ පිටු 130කින් යුතු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රම වෙනසක් ඉල්ලා සිටියේය. ඔහු සේවා ස්ථානවල ලිංගික හිංසනය කාන්තාවන්ට සරදම් කරමින් කරන කෑ කෝ ගැසීම් ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩතා ආදිය මර්දනය කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් වෙනුවෙන් පෙනී සිටි. සේවා ස්ථානවල දි කාන්තාවන්ට ආරක්‍ෂාව සැපයීම උදෙසා නීතිමය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ප්‍රතිඥා දෙමින් හිංසනවලට ගොදුරු වන්නන්ට සමාජ හා මනෝ විද්‍යාත්මක සහයෝගීතා දැක්වීමේ අවශ්‍යතාවද ඔහු හුවා දක්වා තිබේ.
සමස්තයක් වශයෙන් ඵලදායි වෙනසක් ඇති කිරීම සඳහා නීති සහ කාර්ය පටිපාටින්හි සංශෝධන ඇති කිරීමට ඔහු ප්‍රතිඥා දෙයි. නව රජය පොරොන්දු මුළුමනින් ඉටු කර ඇත්තේ දැයි මැන බැලීමට තවම කල් වැඩිවන අතර මූල්‍ය අරමුදලෙන් යෝජනා කරන ව්‍යුහාත්මක වෙනස්කම්වල ඒවා දැඩි ලෙස පුන පුනා සඳහන් කරන බැවින් ඒවා ඉටු කිරීම මඟ හැරිය නොහැකි කාර්යයකි.
සේව්‍යයන්ගේ වගකීම: ආයතනික ප්‍රතිසංස්කරණ
නීතිමය ප්‍රතිසංස්කරණ පමණක් කිරීම තවදුරටත් ප්‍රමාණවත් නොවන්නේය. කොම්පැණි (සමාගම්) කාන්තාවන්ට ශ්‍රම බලකායට පිවිස ඉදිරියට යාම පිණිස කාන්තාවන් උදෙසා තම සේවා ස්ථාන යෝග්‍ය සේවා ස්ථාන බවට තහවුරු කරනු සඳහා ආයතනික ප්‍රතිපත්තිය වෙනස්කම් කිරීම අවශ්‍ය වේ.
වඩාත් ඵලදායි පියවරක වුවමනාව
2018 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අවධාරණය කරනුයේ ආරක්ෂා සහිත වැඩ පරිසරයක් තහවුරු කොට පවත්වා ගැනීම සේව්‍යාගේ වගකීමක් බව හුවා දක්වමිනි. කාන්තා ශ්‍රම සහභාගීත්වය ඇතිකර ගැනීම පිණිස සේවා ස්ථානවල ලිංගික හිංසන ගැටලුවට පිළියමක් ලෙස පූර්ව ක්‍රියාමාර්ග ගෙන තිබීමේ ප්‍රවේශයක අවශ්‍යතාව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) අවධාරණය කරයි.
කෙසේ වුවද 2019 දි Equal Ground ආයතනය විසින් විධිමත් අංශවල සුළුතර කණ්ඩායම් හිංසනයට ගොදුරු වීම සම්බන්ධව කළ සමීක්ෂණයේදී අනාවරණය වූයේ සේවා ස්ථානවල ලිංගික හිංසනය වැළැක්වීමට යාන්ත්‍රණයක් සකසා තිබුණේ සේව්‍යයන්ගෙන් 38ක් පමණක් බවයි. හිංසන පිළිබඳ සිද්ධි යාන්ත්‍රණයක් අභ්‍යන්තර වශයෙන් සමාගම් කල්තියා තහවුරු කොට පවත්වාගත යුතුවේ. පැමිණෙන ඉදිරිපත් කිරීමට සහ එයින් අනතුරුව ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමේ පැහැදිලි ක්‍රියා පටිපාටියක් ඊට ඇතුළත් විය යුතු වේ. ඊට අමතරව හිංසනයට ගොදුරු වූවන්ට මැදිහත්වීම වැනි විකල්ප විසඳුම් සැපයීම, වරදකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ උපදේශක සේවා සැපයීම සමාගම් විසින් කළ යුතු වේ.
ශ්‍රී ලංකාවේ සේවා ස්ථානවල හිංසනවලට විසඳුම් ලබාදීම සමාජමය වගකීමක් පමණක් නොව එය ආර්ථික වශයෙන් මගහැරිය නොහැකි ක්‍රියාමාර්ගයකි. අනාගත ආර්ථික වර්ධනය තහවුරු කරනු පිණිස රජය සහ සේව්‍යයන් හිංසනය පිළිබඳ ගැටළු වලට මුළුමනින්ම විසඳුම් ලැබෙන පරිදි ප්‍රතිපත්ති බලගැන්වීමට හා ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධව සහයෝගයෙන් කටයුතු කළ යුතුය. වෙනස යන්න ඵලදායි වන්නේ එය අර්ථවත් වූ විටය.
පැහැදිලි නීතිමය ප්‍රතිසංස්කරණ සේව්‍යයන් පැත්තෙන් ගන්නා වූ පියවර සහ ඵලදායි ප්‍රතිපත්ති අපට අවශ්‍ය වන්නේ මේ නිසාය. එසේ ක්‍රියාත්මක නොවීමේ වන්දිය මනිනු ලබන්නේ ඵලදායීතාව අහිමිවීමෙන් පිරිවැටුම අහිමි වීමෙන් හා රැකියාවලට නොපැමිණීමෙනි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැරිය නොහැකි තරම්ය.
| ටිෆානි හූල් සහ තිලෝකා යාපා
2024 නොවැම්බර් 28 Daily FT පාත්‍රයේ පළමු Price of inaction Sexual Harassment tool on Sri Lanka's Eeconomy ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ (ලංකාදීප)