කිරි කිරි මැෂිමේ පායුග පැටළුනාදො
හිස ඇම්මකට ඇස් යුග පිය වුනාදො
උණ වැඩි නිසා රොහල වෙත ගියාදො
දිරි ඇති දියණි වෛරස් බිලි ගත්තාදො....
සන්නාලියනි පඬු සළු පිලි වෙලා ගත
ඔය යන මගට මල් පියවිලි එලා නැත
අම්මා අප්පා ගොඩලන්නට පුරය වෙත
ගිය මග කෙටි උනේ කිමදැයි අසයි සිත....
රැඳුරුයි දිවි ගමන කවදත් නිමා නැති
මැසුවද ජිවිතේ අමුනා හිමි නොමැති
වසංගතේ ඇයි මේ හැටි නපුරු ගති
මොහොතක් ඉඩ නැද්ද ජිවිතෙ දෙන්න සකි.....
සන්නාලියෙ සමනලියේ ඉගිළි ගිය
මෙලෙස සමුගැන්ම පාරවයි ළය
ඉපදෙන කිසිම බවයක නොම වේවා බය
නිවනට ඇරෙවා බිහිදොර කවුළු සැම......
මුහුණු පොතින් උපුටා ගන්නා ලද්දකි...