පෙරිමියන්කුලම වැව් තෙරෙහි
ඔබේ කවි මල් පිපුණා
ටිකෙන් ටික ඒ මල් සුවඳ
රටටම දැනුණා...
ඇරඹුණේ එහෙමයි ඒ ගමන;
වියළි කර්කශ පොළොවෙන් රජ රට
කොළොම්පුර ගෙන්දගම් පොළොවට
එකල්හි එය,
පෙර නොවූ විරූ නුවරක්ව තිබිණි...
දුම් දමන ගෙන්දගම් පොළොවෙහි
අදහස් ඝාතනය කෙරෙමින් තිබිණි
මානව ගරුත්වය කෙලෙසෙමින් තිබිණි...
එහෙත් තව තැනෙක ඊට එරෙහිව
අරගලයක් ඇවිලෙමින් තිබිණි...
පෙරිමියන්කුලමේ සීතා රංජනී
එතැන් සිට ඒ අරගල බිමෙහි
කතා කරන ගිනි දලුවක් වූවාය!
තමන් දැවෙමින් සටන දැල් වූ
ගිනි දලුවක් වූවාය ඈ...
දශක තුනකට වැඩි කලක්
ඈ දැවුණාය මෙසේ
යම් දිනෙක ඈ නිවුනේද
ඒ දැවී අවසන් වීමෙන් පමණි...
සටන තවමත් අවසන්ව නැත
පෙරිමියන්කුලම වැව් තෙරේ
තවමත් මල් පිපේ
සටන් බිම සගයන් අතෙහි, ඔබ නමින්
කොඩියක් ලෙළදෙමින් තිබේ...
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයීය වෘත්තීය සමිතිය