කාගෙද මේ - බලවේගේ
 පරිපූරක - අතුරු ඇතුළු
 හෙද සේවේ - බලවේගේ
 පාගා දාපු - අපෙ අයිතිය
 දිනන්න එන - බලවේගේ
 
 ලොවම දිනූ - සුවසේවයේ
 බිඳිනු එපා - අභිමානේ
 සුව වෘත්තික - සහයෝගේ
 රැල්ල නැඟෙයි - බලවේගේ
 
 දෙදාස් හයේ - චින්තනයේ
 බලෙන් ඔබපු - චක්‍රලේකෙ
 වැටුප අනූව - බමුණු කුලය
 හදල දීපූ - චක්‍රලේකෙ
 
 විෂමතාව - බේරගන්න
 රනුග්ගේගේ - වාර්තාවේ
 දුන් විසඳුම් - ඇයි ප්‍රමාද
 
 වෘත්තිකයිනි - පෙරට එන්න
 සුව සේවය - බේරගන්න
 රැකගන්නට - අභිමානය
 අධ්‍යාපන - සම අයිතිය
 
 ජුන්ටාවකට - යට කරවපු
 පරිපාලන - මාෆියාව
 සේවාවම - විකුනං කන
 මිතුරන් හට - ටෙන්ඩර් දෙන
 සල්ලි ගිලින - මාෆියාව
 නැති කරනවා - සුව සේවය
 
 උපාධියට - නිසි සැලකුම්
 උගත් කමට - නිසි තනතුරු
 හැම රටකම - තියන ක්‍රමය
 ලබා දියව් - අපේ රටට
 
 පහත හෙලව් - ඖෂධ මිල
 ලබා දියව් - පාළණ මිල
 මාස්ක් දියව් - දරුවන් හට
 නවතා දමව් - මැරෙනා එක
 මහ පාරේ - පෝලිම් වල
 රෝහල් වල - බෙහෙත් නැතුව
 
 අපේ දිනුම - අපේ සටන
 රකින්නටයි - සුව සේවය
 හදන්නටයි - ක්‍රමවේදේ
 ජනතාවනි - පෙරට එන්න
 මේ සටනට - සහය දෙන්න

 
	