ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය නිසා ඇතිවන හිංසනය හා ප්‍රචණ්ඩත්වය

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය නිසා ඇතිවන හිංසනය හා ප්‍රචණ්ඩත්වය

හිංසනය හා ප්‍රචන්ඩත්වයට ස්ත්‍රින් මෙන්ම පුරුෂ පක්ෂයටද පොදු ප්‍රශ්ණයකි.මෙහිදි තත්වය කාන්තාවන් 95% හිංසනයට ලක්වන විට පුරුෂ පක්ෂය 05%  ලෙස වාර්තා වේ.මෙහි බරපතලම අසාධාරනය ලක්වන්නේ කාන්තාවන්ය.

මෙහිදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනමි වු හිංසනය යනු කුමක්ද? කුමක්ද යන්න අර්ථ දැක්වීමේදී ප‍්‍රසිද්ධියේ හෝ පුද්ගලික ජීවිතයේදි ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වු යම්කිසි ක‍්‍රියාවක් හෝ ක‍්‍රියාවලියක් නිසා ශාරිරිකව, මානසිකව හා ලිංගිකව හිංසනයට, වේදනාවට, තුවාල හෝ පහරදීම් වලට ස්ත‍්‍රින් ලක් වීම හා ලක් කිරිම, තර්ජනය කිරිම, බලහත්කාරයෙන් හෝ හිතුවක්කාර ලෙස ස්ත‍්‍රියගේ නිදහස සීමා කිරිමට උත්සාහ දැරිම යන ඹ්නෑම ක්‍රියාවක් හිංසනය ලෙස නිර්වචනය කළ හැකියි.

කාන්තාවන් හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට ලක්කෙරෙනුයේ මූලික වශයෙන් බලය අනිසි ලෙස භාවිතා කිරීම,ලිංග භේදය හා මානව හිමිකම්වලට ගරු නොකිරීම යන්න බලපානු ලබයි.

පීතෘ මූලික සමාජය හිංසනය හා ප්‍රචන්ඩත්වයට ට දඬුවම් විරහිතව සලකන අතර එමගින් GBV හි ක්‍රියාවන් අනුමත කරයි. පිරිමින් වඩා බලවත් යයි හගියි. පිරිමින් කාන්තාවන් පාලනය කළ යුතු හා කාන්තාවන් ,හැසිරීම, කළ යුතුය.
එහෙත් ඉන්දියානු ස්ත්‍රීවාදී සහ ක්‍රියාකාරකම් සංගමයේ ක්‍රියාකාරීනී˝කමලා භාෂින්˝ පවසන්නේ "මා දූෂණයට ලක් වූ විට මිනිසුන් පවසන්නේ මට මගේ ගෞරවය නැති වූ බවයිග මට මගේ ගෞරවය නැති වූයේ කෙසේද?මගේ ගෞරවය මගේ යෝනි මාර්ගය නොවේග මගේ ස්ත්‍රී දූෂණය මගේ ප්‍රජාවේ ගෞරවය කෙලෙසන බව පීතෘමූලික අදහසකිගමම හැමෝටම කියන්න කැමතියිල ඔබ ඔබේ ප්‍රජාවගේ ගෞරවය කාන්තා යෝනි මාර්ගයට තැබුවේ ඇයි?අපි කවදාවත් එහෙම කරලා නැහැල ස්ත්‍රී දූෂකයාට තමයි ගෞරවය නැති වෙන්නේල අපිට එහෙම වෙන්නේ නැහැ˝"ලෙසයි.

 ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනය/ ගෘහස්ත හිංසනය පිලිබඳ සාකච්චා කිරීම වැදගත් වන්නේ ඇයි? යන්න විමසා බැලීමේදී මෙය විවිධ සංස්කෘතිකල සමාජයීයල භූගෝලීයල ආගමික හා ආර්ථික ස්ථර පුරා පැතිරුණු මුළු ලොවටම පොදු වූ ගැටළුවකි. මෙය මානව හිමිකම් පිලිබඳ ගැටළුවක් ලෙසද හඳුනාගෙන ඇත. මෙය ඉතා වැදගත් සෞඛ්‍ය ගැටළුවක් ලෙසද හඳුනාගෙන ඇතග හිංසනය යනු මානව හිමිකම් ගැටළුවකි. හිංසනය හා ප්‍රචන්ඩත්වය මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ පහත සඳහන් මූලධර්ම උල්ලංඝනය කරයිග. එහි” 1 වන වගන්තිය ,සියලු මනුෂ්‍යයන් නිදහස් හා සමාන ගෞරවයෙන් හා අයිතිවාසිකම් වලින් උපත ලබයි., 3 වැනි වගන්තියෙන් ,සෑම කෙනෙකුටම ජීවත්වීමට, නිදහසට සහ පුද්ගල ආරක්ෂාවට අයිතිය ඇත.  5 වන වගන්තියෙන් ,කිසිවෙකු වධ හිංසාවලට හෝ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමට හෝ දඬුවම්වලට යටත් නොකළ යුතුය.,
තවද, කාන්තාවන් හා ගැහැණු ළමයින්ට එරෙහිව ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම වූ ප‍්‍රධාන හිංසනයන් පහත ආකාරයෙන් වර්ගකර ඇත.

  • ශාරීරික
  • උද්වේගශීලී හා මානසික හිංසනය
  • වාචික
  • ලිංගික
  • ආර්ථික
  • අන්තර්ජාල හා තොරතුරු තාක්ෂණ උපයෝගී කරගනිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ප‍්‍රගුණ කිරීම

ශාරීරික හිංසනය අර්ථ දැක්වීමේදී ශාරීරික පීඩා,තුවාළ හෝ මරණය පවා සිදුවිය හැකි ලෙස,පුද්ගලයෙකු වෙත එක්ක කරන අනිසි බලපෑමක් හෝ ප්‍රචණ්ඩත්වයකි.කම්මුලට ගැසීම,සිරුරට පහර දීම,අත් ඇඹරීම,පිහියෙන් ඇනීම,ගෙල මිරිකීම,පිළිස්සීම,උගුර හිර කිරීම,පයින් ගැසීම,යම් වස්තුවකින් පහර දීම,තර්ජනය කිරීම,ගැසීම,ටල්ලු ලිරීම,අත්මිටින් ඇනීම හෝ වෙනත් නොයෙක් ලෙසින් පුද්ගලයෙකුට ශරීර ආපදාවක් සිදුවෙන ලෙස හිංසා කිරීම හා මිනීමැරීම ශාරීරික හිංසනයට ඇතුළත් වේ.

වාචික හිංසනය අර්ථ දැක්වීමේදී අයුතු ලෙස බලය පෙන්වීම හා හිරිහැර කිරීම,කෑ ගැසීම,බැන වැදීම,මදිපුංචිකම් කිරීම,තර්ජනය ආදිය චිත්තවේගාත්මක හා මානසික හිංසනයෙහි තවත් පැත්තක් විය හැකි අතරම ඊට දායක වන්නක්ද විය හැකිය.චිත්තවේගාත්මක හා මානසික හිංසනය බාහිරව එතරම් නොපෙනෙන නොදැනෙන හෙයින් එක්තරා ලෙසකට යටපත් කළ හැකියි.එසේ වුවද එමගින් කාන්තාවකගේ ආත්ම ප්‍රතිබිම්භය හා මානසික සුවය හානිවන අතර එය ශාරීරික හා ලිංගික හිංසනය සේම බරපතළ වූ හිංසනයකි.

මානසික හිංසනය අර්ථ ගැන්වීමේදී චිත්තවේගාත්මක හෝ මනඉක හිංසනය ලෙස කිසියම් පුද්ගලයෙකු මානසිකව බිඳ දැමීම අරමුණුකරගත් හිංසනය වෙයි.නිතර බැන වැදීම,තර්ජනය කිරීම,මදිපුංචිකම් කීම හෝ කිරීම.කෑගැසීම, නිවසටම හිරකර තැබීම,ප්‍රවික්ෂණය,අත්හැර දාන බවට හෝ වෙනත් අපයෝජනයකට පත්කරන බවට තර්ජනය කිරීම.දරුවන්ගේ භාරකාරත්වය අහිමිකරන බවට තර්ජනය කිරීම, බඩුබාහිරාදිය කඩාබින්ඩ්න්හ දැමීම,තනි කිරීම හෝ කොන් කිරීම හා නිරන්තර මානභංගය හෙවත් හෙලා දැකිම මෙයට ඇතුළත්.ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් බොහෝමයක් චිත්තවේගාත්මක හා මානසික හිංසනයන්ට තුඩු දෙයි.අයෙකුගේ ගත් ස්වභාවය,පෞරුෂය හා පරිසරය අනුව චිත්තවේගාත්මක හිංසනයෙන් පීඩාවට පත්වන ආකාරය වෙනස්විය හැක.ශ්‍රී ලංකා ජනරජයේ 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රයා වැළැක්වීඉමේ පනත අනුව චිත්තවේගාත්මක අපයෝජනය යන්නෙන් පීඩාවට පත් තැනැත්තෙකු වෙත යොමුකරන බරපතල ස්වභාවයේ කෲර,අමානුෂික,අවමන්සහගත සහ අපහාසාත්මක ක්‍රියාකලාපය අදහස් වේ.

11

2

විෂේශයෙන් සහකරු වෙතින් කාන්තාවන් හිංසනයට පත්වන වර්ග වනුයේ, සමීප සහකරුගේ කායික ලිංගික සහ චිත්තවේගීය ප්‍රචණ්ඩත්වය, ගැටුම් සම්බන්ධ ලිංගික හිංසනය ඇතුළු ලිංගික හිංසනය, බලහත්කාරයෙන් හා මුල් විවාහය, ගෞරවය ඝාතනය, කාන්තා ලිංගික ඡේදනය, ජාවාරම හා පර පීඩා කාමුකත්වය ආදිය වැඩිපුර දක්නට ලැබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ, සෑම වසරකදිම මිලියන 2.4 ක් කාන්තාවන් හිංසනයට හා පහරදීමට ලක් වන අතර, ප‍්‍රජනක වයසෙහි සිටින කාන්තාවන් වැඩි වශයෙන්ම අනතුරු වලට ලක්වන හේතුවද මෙයවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ 28% ක් හා එංගලන්තයේ 25% ක් කාන්තාවන් (තම ජිවිත කාලය තුල) එක් වතාවක් හෝ තම සහකරුගෙන් හිංසනයට ලක් වී ඇත.

ගෘහස්ථ හිංසනය

පීඩාවට පත් තැනැත්තා සහ පීඩාව සිදුකරන තැනැත්තා අතර ඇති පෞද්ගලික ස්වභාවයේ සම්බන්ධතාවයක ප‍්‍රතිඵලයක් ලෙස යම් තැනැත්තෙකු ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් පීඩාවට ලක් කිරිම වේ. මෙය නිවසේ පරිසරය තුලදිම සිදු කිරිම අවශ්‍ය නොවන අතර නිවසින් පිටතදී වුවද සිදු කල හැක.පුරුෂ පක්ෂය විසින් නිවසේ තම බලාධිකාරිය භාවිතා කරමින් ඹවුන්ගේ අවශ්‍යතා වලට අනුතූලතාව නොදැක්වීම තුල කාස්තාව හා දරුවන් හිංසනයට ලක් කරයි.දඩුවමට ලක් කරයි.

ශ්‍රි ලංකාවේ තත්වය සලකා බැලිමේදි
ස්ත්‍රීන්ට එරෙහි හිංසනය සෘජුව ප්‍රවර්ධනය කරන සංස්කෘතික හෝ සමාජීය භාවිතයන් නොමැති වුවද පුරුෂාධිපත්‍ය මතවාදයන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතා තුළින් නිර්මාණය වන සංස්කෘතික හා *සමාජීය ආකල්ප සෑම සමාජ ආයතනයකම ගැබ්ව ඇත.
*කන්‍යාභාවය පරීක්‍ෂා කිරීම වැනි සංස්‌කෘතිකව පිළිගත් පිළිවෙත්වල අපගේ කොටස අප සතුව ඇත.


ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහිව බහුලවම සිදුවන ප‍්‍රචණ්ඩත්වයන්
*ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය
*ලිංගික හිංසනය
*ස්ත්‍රී දූෂණය
*ව්‍යාභිචාරය
*බරපතල ලිංගික අපහරණය
*මානව පුද්ගල ජාවාරම (කුට්ටනය)
*තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප‍්‍රචණ්ඩත්වය.

රටේ නිති බහුලය. එහෙත් කාන්තාවන් හා දරුවන් නිරන්තරයෙන් හිංසනහට හා පීඩනයට ලක් වේගතවමත් පැලැස්තර අලවමින් සිටී ගබහු පාර්ශවික එ කමුතුවී පුචන්ඩත්වය හා හිංසනය පිටුදැකිය යුතු අතර අප සැමවිටම සාමිප‍්‍රදායිකව පැවතෙන පීතෘ මුලික මාතෘ කේන්ද්‍රීය පවුල් රටාව සුරැකීමටත්, කාන්තා හිංසනය පිටු දැකීමටත් වෙර දැරිය යුතුය.

සටහන -විමලා හේරත්
ජාත්‍යන්තර සම්බන්ධීකාරක- GNOA