‘අපි බරපතල කරදරයක’: උණුසුම් ලෝකයක් අපගේ සෞඛ්‍යයට අහිතකර වන්නේ ඇයි ?

‘අපි බරපතල කරදරයක’: උණුසුම් ලෝකයක් අපගේ සෞඛ්‍යයට අහිතකර වන්නේ ඇයි ?

ඔබේ හදවතට ඇති කරන අධික උණුසුමේ සිට එය ඔබේ මානසික සෞඛ්‍යයට කළ හැකි හානිය දක්වා, වැඩිවන වායු දූෂණය ගැන සඳහන් නොකරන්න… අනාවැකිය යහපත් නැත

පසුගිය ගිම්හානයේදී බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගිය අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව ආචාර්ය ලෝරන්ස් වේන්රයිට්ට (Dr Laurence Wainwright) හිස් වීදි “Dystopian*” ලෙස දිස් විය. එහෙත්, ඔහු උපකල්පනය කළ දෙය, ලෝකයේ වඩ වඩාත් භයානක උෂ්ණත්වයන් පිළිබඳ “සැබෑ අවදි කිරීමේ ඇමතුමක්/ real wake-up call” ලෙස ක්‍රියා කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ මිනිසුන් 60,000කට වඩා මිය ගිය යුරෝපීය තාප තරංගයක් වාර්තා වූ අතර, ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියේ වර්ග කිලෝමීටර් 500 කට වඩා වැඩි අළු වී ගියේය. එය එපමණකින් නොනැවතිනි. ඇරිසෝනා ප්‍රාන්තය අඛණ්ඩව දින 31ක් සෙල්සියස් අංශක 43ක් හෝ ඊට වැඩි උෂ්ණත්වයක් වාර්තා කළේය. මේ අතර පසුගිය ජූලි මාසය නූතන යුගයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාසය බවට පත්විය. උග්‍ර තාප අර්බුදය වර්ධනය වන බවක් පමණක් පෙනෙන්නට තිබේ.

‘’ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපි බරපතල කරදරයක ඉන්නේ.” ලෝරන්ස් වේන්රයිට් පවසන්නේය.

  • Dystopian – යනු කැකෝටෝපියා හෝ ප්‍රති-උතෝපියා ලෙසද හැඳින්වේ. එහි තේරුම මිනිසුන් අමානුෂික, බියෙන් පිරි ජීවිත ගත කරන පරිකල්පිත ලෝකයක් හෝ සමාජයකි. හැකි තරම් අමානුෂික සහ අප්‍රසන්න මනඃකල්පිත සමාජයක් ලෙස ද හැදින්වේ.

මිනිස් සිරුර අධික තාපයට නිරාවරණය වන විට, එය දහඩිය දැමීමෙන් එහි අභ්‍යන්තර උෂ්ණත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන අතර සමට අමතර රුධිර ප්‍රවාහයක් හරවා යැවීමෙන් සංවහනය මගින් අමතර තාපයක් නැති වීමට ඉඩ සලසයි. (දහඩිය වාෂ්ප වී යන විට ඔබව සිසිල් කරයි)

බොස්ටන් විශ්ව විද්‍යාලයේ පාරිසරික සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය ග්‍රෙගරි වෙලේනියස් (Gregory Wellenius) පවසන්නේ, “දහඩිය දැමීමෙන් ඔබට ජලය අහිමි වන අතර එමගින් ඔබ විජලනයට පත්විය හැකියි. දහඩිය දැමීම නිසා ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට, අනෙකුත් අවයවවලට රුධිර ප්‍රවාහය අඩු වෙනවා. ඒ නිසා ඔබේ හදවතට ටිකක් මහන්සි වෙන්න වෙනවා, ඔබේ වකුගඩුවලට ටිකක් මහන්සි වෙන්න වෙනවා. රුධිර ප්‍රවාහයේ වෙනස්කම් සහ දහඩිය වෙනස් වීමෙන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ට පවා හානිකර ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවිය හැකියි’’

උණුසුම් කාලගුණය වාතයේ ගුණාත්මක භාවයට ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි අතර පෙනහළු ක්‍රියාකාරිත්වය අඩු කරයි. තාපය මගින් උග්‍ර වන ඕසෝන් දූෂණයට දිගු කාලීනව නිරාවරණය වීම සෑම වසරකම මිලියනයක අකල් මරණවලට සම්බන්ධ වේ. ඉදිරි වසර හතර ඇතුළත උෂ්ණත්වය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ යාමත් සමඟ පසුගිය සියවසේ දී ලෝකය 1.3C කින් පමණ උණුසුම් වී ඇත. අවම වශයෙන් ඉදිරි වසර පහෙන් එකක් හෝ මෙතෙක් උණුසුම්ම වසර වීමට 98% ක සම්භාවිතාවක් ඇත.

American Journal of Kidney Disease සඟරාවේ පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මෙම තත්ත්වය සඳහා හදිසි රෝහල් ගතවීම් අතිශය උණුසුම් දිනවල 1.7% සහ 3.1% අතර ප්‍රමාණයකින් ඉහළ ගිය බවයි. දැඩි ඉන්ද්‍රියයන් ක්‍රියා කිරීමට අවශ්‍ය වන තරමට ඒවා වැඩි ආතතියට පත් වේ.  විජලනය (dehydration) සහ අධි තර්මියාව (hyperthermia) වැනි අනෙකුත් සාමාන්‍ය තාප තරංග අතුරු ආබාධ සමඟ සම්බන්ධ වූ විට මෙම තත්ත්වය වඩාත් බරපතළ වේ. (ශරීරයේ නියාමන යාන්ත්‍රණයන් ඉහළ ගිය අභ්‍යන්තර උෂ්ණත්වය සමඟ සටන් කිරීමට අසමත් වූ විට තෙහෙට්ටුව ඇති වන අතර ඇතැම් විට මරණයට පවා හේතු වේ).

Hyperthermia යනු අසාමාන්‍ය ලෙස ඉහළ ශරීර උෂ්ණත්වයකි. නැතහොත් අධික උණුසුම් වීමකි. හයිපර්තර්මියාව ඇති වන්නේ ඔබේ ශරීරය මුදා හැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩි තාපයක් අවශෝෂණය කරන විට හෝ උත්පාදනය කරන විටය. (හයිපර්තර්මියාව යනු තාපය සමඟ කටයුතු කිරීමට ශරීරයේ තාප නියාමනය කිරීමේ යාන්ත්‍රණයන් අසමත් වීම නිසා ඇතිවන අසාමාන්‍ය ලෙස ඉහළ ශරීර උෂ්ණත්වයකි)

උණුසුම් කාලගුණය වාතයේ ගුණාත්මක භාවයට ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි අතර පෙනහළු ක්‍රියාකාරිත්වය අඩු කරයි. තාපය මගින් උග්‍ර වන ඕසෝන් දූෂණයට දිගු කාලීනව නිරාවරණය වීම සෑම වසරකම මිලියනයක අකල් මරණවලට සම්බන්ධ වේ. ඉදිරි වසර හතර ඇතුළත උෂ්ණත්වය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ යාමත් සමඟ පසුගිය සියවසේ දී ලෝකය 1.3C කින් පමණ උණුසුම් වී ඇත. අවම වශයෙන් ඉදිරි වසර පහෙන් එකක් හෝ මෙතෙක් උණුසුම්ම වසර වීමට 98% ක සම්භාවිතාවක් ඇත. (එය වසර පහක කාලය සඳහාම අදාළ වේ)

‘’තාප තරංග වයස්ගත පුද්ගලයින්ට වඩාත් භයානක යැයි විශ්වාස කරන අතර 2022 වසරේදී යුරෝපය මුහුණ දුන් තාප තරංගයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ වයස අවුරුදු 80 පුද්ගලයින් අතරයි. එසේම අධික තාප තරංග හේතුවෙන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවන අය අතර හෘද වාහිනී රෝග / cardiovascular disease, නිදන්ගත බාධාකාරී පෙනහළු රෝගය / chronic obstructive pulmonary disease සහ ශ්වසන රෝග, දියවැඩියාව වැනි තත්ත්වයන් වර්ධනය වන අතර ගර්භනී කාන්තාවන්ට ද වැඩි අවදානමක් තිබිය හැකියි. එසේම තරුණ, සෞඛ්‍ය සම්පන්න මිනිසුන් පවා තාපයේ බලපෑමට යටත් විය හැකියි” මහාචාර්ය ග්‍රෙගරි වෙලේනියස් පවසයි.

ඉහළ උෂ්ණත්වයේ බලපෑම තේරුම් ගැනීමට මිනිසුන් අසමත් වී ඇති බව වෙලේනියස් පවසයි. “උණුසුම් තරංග අනතුරුදායක බව මිනිසුන් දන්නවා. නමුත් ඒවා තමාට අනතුරක් නොවන බවයි ඔවුන් විශ්වාස කරන්නේ’’

බිහිසුණු / අනතුරුදායක යැයි පිළිගන්නා නිශ්චිත උෂ්ණත්වයක් නොමැති බව ඔහු තවදුරටත් පවසයි. අධික උණුසුම / extreme heat සම්බන්ධ ලන්ඩනයේ අර්ථය ඇරිසෝනා හි අර්ථයට වඩා වෙනස් දෙයකි. නමුත් එය හානියක් වන්නේ ශරීරයේ ප්‍රතික්‍රියාවට පමණක් නොවේ. නිදසුනක් වශයෙන් ඇරිසෝනාහි “නිරයේ මාසය / month in hell ” ලෙස නම් කර ඇති තත්ත්වය පදික වේදිකාවේ ඇවිදීමෙන් තුන්වන මට්ටමේ පිළිස්සුම්වලට ගොදුරු වීමට හේතු වේ. මේ අතර කෝනෙල් විශ්ව විද්‍යාලයේ පත්‍රිකාවක් යෝජනා කරන්නේ ලැව්ගිනි දුම් අංශු ආශ්වාස කිරීම නිසා සෑම වසරකම එක්සත් ජනපදයේ අකල් මරණ 4,000 ත් 9,000 ත් අතර ප්‍රමාණයක් සිදුවිය හැකි බවයි.

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Katrin Burkart පවසන්නේ, “අධ්‍යයනයන් කිහිපයක් මගින් ඉහළ උෂ්ණත්වයන් සහ ඉහළ වායු දූෂණ මට්ටම් අතර සහයෝගී බලපෑමක් පෙන්නුම් කර ඇති තිබෙනවා. ඉහළ උෂ්ණත්වයන් ශරීරය වායු දූෂණයට වඩාත් අවදානමට ලක් කිරීමට ඉඩ ඇති බැවින් මෙය ජීව විද්‍යාත්මකව පිළිගත හැකි කරුණක්.  අනෙක් අතට මරණ අනුපාතය වැඩි වීමට එම සම්බන්ධය ප්‍රබල හේතුවක් වී තිබෙන බව ද හෙළිකර ගෙන තිබෙනවා”

+       +       +       +       +       +

ඉහළ උෂ්ණත්වය නිසා රෝග කාරක ක්‍රියාකාරකම් සහ ඒවායේ ප්‍රජනනය වැඩි කළ හැකි අතර, වැඩි රෝග කාරක පැටවීමට මෙන්ම, වයිරසය වැඩි කිරීමට ද හේතු වෙනවා. රෝගය සම්ප්‍රේෂණය වන්නේ මදුරුවන් හෝ කිනිතුල්ලන් වැනි වාහකයකින් නම්, ඉහළ උෂ්ණත්වයන් මගින් වාහක ක්‍රියාකාරිත්වය සහ මිනිසුන්ට රෝග සම්ප්‍රේෂණය කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කළ හැකියි

ලෝකය උණුසුම් වන විට බෝවන රෝග පැතිරීම සහ එහි ප්‍රබලත්වය ද වැඩි වෙයි. උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ වර්ෂාපතනයේ වෙනස්වීම් ඩෙංගු, මැලේරියාව, සිකා වෛරසය, චිකුන්ගුන්‍යා සහ කොලරාව වැනි තත්ත්වයන් කලින් නොදන්නා ප්‍රදේශවලට සම්ප්‍රේෂණය වීමට සරු පසක් නිර්මාණය කරයි. තවද උණුසුමට මුහුණ දෙන මිනිසුන් සිසිල් වීමට තවත් රෝග අවදානම් තෝතැන්නක් වන ජලය වෙත හැරෙනු ඇත‍.

“ඉහළ උෂ්ණත්වය නිසා රෝග කාරක ක්‍රියාකාරකම් සහ ඒවායේ ප්‍රජනනය වැඩි කළ හැකි අතර, වැඩි රෝග කාරක පැටවීමට මෙන්ම, වයිරසය වැඩි කිරීමට ද හේතු වෙනවා. රෝගය සම්ප්‍රේෂණය වන්නේ මදුරුවන් හෝ කිනිතුල්ලන් වැනි වාහකයකින් නම්, ඉහළ උෂ්ණත්වයන් මගින් වාහක ක්‍රියාකාරිත්වය සහ මිනිසුන්ට රෝග සම්ප්‍රේෂණය කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කළ හැකියි” යුරෝපීය පරිසර ඒජන්සියේ (European Environment Agency – EEA) යුරෝපීය දේශගුණය සහ සෞඛ්‍ය නිරීක්ෂණ විශේෂඥ Eline Vanuytrecht පවසයි.

පසුගිය වසරේ EEA වාර්තාවක් අනතුරු ඇඟවූයේ ගෝලීය උණුසුම කෙරෙහි අවධානය යොමු නොකළහොත් යුරෝපීයයන් බෝවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි. මාස කිහිපයකට පෙර Nature Climate Change සඟරාවේ පළ වූ පත්‍රිකාවක සඳහන් වූයේ බෝවන රෝගවලින් 58%ක් දේශගුණික විපර්යාස නිසා උත්සන්න වී ඇති බවයි. https://www.nature.com/articles/s41558-022-01426-1

Vanuytrecht පවසන්නේ තාප තරංගවලට “මිනිස් හැසිරීම් සහ අවදානම් සංජානනය වෙනස් කළ හැකි” බවයි. අධ්‍යයනයන් මගින් අධික උණුසුම හමුවේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් පෙන්නුම් කර ඇති අතර සියදිවි නසාගැනීමේ අවදානම කිහිපයක් වාර්තා වීමත් සමඟ ඉතා උණුසුම් දිනවලදී මානසික සෞඛ්‍ය තත්ත්වයන් සඳහා හදිසි අවස්ථා දෙපාර්තමේන්තු පැමිණීමේ වැඩිවීමක් පෙන්නුම් කරයි. පසුගිය වසරේ වෙඩි තැබීම් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් “අකාලික උණුසුම / unseasonable heat” නිසා ගිනි අවි ප්‍රචණ්ඩත්වය මට්ටම් ඉහළ යන බව සොයාගෙන ඇත.

මානසික සෞඛ්‍ය තත්ත්වයන් තුළ සමස්ත මරණ අනුපාතය වැඩි වීම හෝ රෝග ලක්ෂණ නරක අතට හැරීම, නැවත යථා තත්ත්වයට පත් කිරීම ඇතුළුව අප සොයා ගන්නා සමහර දේවල් ගැන තමා බෙහෙවින් කම්පනයට පත් වූ බව’’ Eline Vanuytrecht පවසයි.

ඔහු පවසන්නේ අධික උෂ්ණත්වයේ බලපෑම “සුළු සිට මධ්‍යස්ථ” වන බැවින් සාමාන්‍ය ජනතාව සඳහා සැලකිලිමත් වීමට ප්‍රධාන හේතුවක් නොමැති බවයි.

ශරීරය උණුසුම් වන විට සහ විජලනය වන විට, පවතින තත්ත්වයන් උග්‍ර කරන විට සමහර ඖෂධ අඩුවෙන් ක්‍රියා කළ හැකි බව ඔහුගේ පර්යේෂණයෙන් ද සොයාගෙන ඇත. ලිතියම් – බයිපෝල අක්‍රමිකතා වැනි තත්වයන් සඳහා මනෝභාවය ස්ථායීකාරකයක් ලෙස භාවිතා කරයි. එහි “තරමක් අඩු වූ කාර්යක්ෂමතාවයක් තිබිය හැකියි. මෙයට හේතුව නම්, අපට තවමත් නොතේරෙන බොහෝ දේ තිබීමයි. නමුත් තාපය සමහර අවස්ථාවලදී සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව අපට පෙනෙනවා” Wainwright පවසයි.

පෙර නොවූ විරූ උෂ්ණත්වයන් අඛණ්ඩව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට බර පැටවීමට ඉතිරි විය හැකි බවට විද්වතුන් කනස්සල්ලට පත්ව සිටිති. සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ යොන්ග් ලූ ලින් වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය ජේසන් ක්වායි ලී පවසන්නේ “අනෙකුත් ව්‍යසනයන් මෙන්ම ගෝලීය උණුසුම ද අසමානතාවය උග්‍ර කරනවා. වායුසමනය කරන ලද කාර්යාලවල රැකවරණය ලැබිය හැකි සුදු කරපටි නිලධාරීන් මෙන් නොව, සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 සිට 31 දක්වා පරාසයක පවතින රටක එළිමහනේ දිගු කාලයක් ගත කරන කම්කරුවන්  දැනටමත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය හැකියි. නමුත් ඔවුනට වෙනත් තේරීමක් කළ නොහැකියි. ඔවුන්ට අධික උෂ්ණත්වය යටතේ දිගටම වැඩ කරගෙන යාමට සිදුවෙනවා. ඔවුන්ට තේරීමක් කළ නොහැකියි’’

පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇත්තේ “ගිම්හාන තාප ආතතිය / summer heat stress” කම්කරුවන් අතර සැලකිය යුතු ප්‍රමාණයකින්  වකුගඩු ආබාධ ඇති කළ හැකි බවයි. ලී පවසන්නේ ඵලදායිතාවයට බාධාවක් වේ යැයි බියෙන් ජලය පානය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් මෙය අවුලුවාලිය හැකි බවත්, එමගින්  ජීවිතයෙන් ගෙවීමට සිදුවන බවත්ය.

“ඔවුන් හැකි තාක් කල් වැඩ කිරීමට උත්සාහ කරාවි. ඒනිසා ඔවුන් සිතන්නේ: ‘මම චූ නොකළහොත්, මට මගේ කාලය උපරිම කර ගත හැකියි’ කියායි. ඒ වගේම මුත්‍රා කිරීම අවම කිරීමට එක් ක්‍රමයක් නම් මත්පැන් පානය නොකිරීමයි. සති ගණනක් හෝ මාස හෝ අවුරුදු ගණනක් මෙය සිදු කිරීමෙන් අදහස් වන්නේ “අවසානයේ, ඔබට මිල ගෙවිය හැකි බවයි. අපි දකින්නේ අයිස් කුට්ටියේ කෙළවර පමණයි.” ලින් පවසයි.

අනෙකුත් රටවල් සහ මහාද්වීපවල සංසන්දනාත්මකව නව ප්‍රශ්නය වන අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් කටයුතු කරන විට, දිගු කලක් තිස්සේ ගැටලුවක්ව පැවති රටවලින් පාඩම් තවමත් ඉගෙන ගෙන නොමැති බව ලී කියයි. “අපි එය බොහෝ දුරට අමතක කර තිබෙනවා.” ඔහු දැඩි උණුසුම් කාල පරිච්ඡේදයන් ගැන පවසයි. “අපි පැමිණිලි කරනවා, අපි දුක් විඳිනවා. ඊළඟ ගිම්හානයේදී මේ සියල්ල නැවත නැවතත් සිදු වෙනවා ” සිංගප්පූරුව තනිකරම තාප තරංග අත්විඳින්නේ නැහැ. ඒ වෙනුවට නිරන්තරයෙන් උණුසුම්, තෙත්, දේශගුණයකට මුහුණ දෙනවා. නමුත් “එයින් අදහස් කරන්නේ අපි මිල නොගෙවන බව ද ? නැහැ. සිංගප්පූරුවේ, [සහ] නිවර්තන කලාපයේ අපි දීර්ඝතම කාලයක් තිස්සේ උතුරන දිය භාජනයක පීනමින් සිටින කකුළුවන් වාගේ. අපගේ විවේකය අවසන් වෙමින් තිබෙනවා. තව මොහොතකින්  අපි පිසිනු ලබන බව [අවබෝධ කර ගැනීමට] කාලය පැමිණ තිබෙනවා. මෙහිදී කෙටි කාලීන විසඳුම් ප්‍රමාණවත් වන්නේ නැහැ ”

+       +       +       +       +       +

මෙම අර්බුදයට විසඳුම ඔබ අසන අය මත පදනම්ව පුළුල් ලෙස වෙනස් වේ. කාබන් විමෝචනය අඩු කිරීමට රජයන් පියවර ගැනීම ප්‍රමුඛතාවයක් බව බොහෝ දෙනා එකඟ වේ.

“පුද්ගලයින්ට සජලනය වීමෙන්, සුදුසු ඇඳුම් ඇඳීමෙන්, අධික ශාරීරික ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීමෙන් තමන්ව ආරක්ෂා කර ගත හැකියි” යනුවෙන් බර්කාට් පවසයි. “ප්‍රජා මට්ටමින්, සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම මෙන්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනා ගැනීම කළ යුතුයි. උදාහරණයක් ලෙස අභ්‍යන්තර නගරවල ජීවත් වන වැඩිහිටියන් හෝ අඩු ආදායම්ලාභී නිවාසවල ජීවත් වන පුද්ගලයින් හඳුනා ගැනීම සහ ප්‍රමාණවත් තාප සෞඛ්‍ය අධ්‍යාපනය සහ මැදිහත්වීමේ උපාය මාර්ග සැපයීම අතිෂයින් වැදගත් වෙනවා”

අධික උෂ්ණත්වයකදී සිසිලන මධ්‍යස්ථාන වෙත ප්‍රවේශය ලබා දීම හෝ මිනිසුන් තම නිවෙස්වල සිසිල්ව තබා ගැනීම සඳහා වායු සමීකරණ සඳහා මූල්‍ය ආධාර සැපයීම මෙයට ඇතුළත් විය හැකිය. “නාගරික හරිත අවකාශ, ප්‍රමාණවත් ගොඩනැගිලි ද්‍රව්‍ය සහ වැඩි ඇල්බෙඩෝ [පෘෂ්ඨයකින් පරාවර්තනය වන විකිරණ හෝ ආලෝකයේ අනුපාතය] අධික තාප නිරාවරණය අඩු කිරීමට තවත් මෙවලමක් විය හැකි බැවින්, නගර සැලසුම්කරණය තාපය අවම කිරීමේ කාර්යභාරයක් ඉටු කරයි.

වෙලේනියස්ට අවශ්‍ය වන්නේ වීදි ගස් සහ උද්‍යාන වැනි “ස්වභාවධර්මය පදනම් කරගත් විසඳුම්ය.

‘‘ ගස් වියන පුළුල් ලෙස වැඩි කිරීම, නැතහොත් විවිධ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා අපගේ නගර අඩු තාපයක් රඳවා තබා ගන්නා අතර, අපි නාගරික තාප දූපත් ආචරණය [ප්‍රදේශයක්] අවම කළ යුතුයි” ඔහු පවසයි.

අධික උණුසුම ගැන කතා කරන ආකාරය වෙනස් කළ යුතු බවද ඔහු කියයි. ‘එය කෙතරම් උණුසුම්ද ?‘ යන්න මිනිසුන්ට සරලව පැවසීම වෙනුවට, “එය කෙතරම් භයානකද ?‘ හෙට හෝ අද ඔවුන්ට පැවසීම වඩාත් ඵලදායී විය හැකියි. මන්ද මෙය ඍතුවේ වේලාව අනුව වෙනස් විය හැකියි. ග්‍රීසියේ ව්‍යාපෘතියක් මෙම වර්ගීකරණ ක්‍රමය අත්හදා බලමින් සිටිනවා. මේ අතර, ස්පාඤ්ඤය අපි සුළි කුණාටු සමඟ කරන පරිදි, තාප තරංග නම් කිරීම, වඩාත් පූර්වාරක්ෂක පියවර ගැනීමට මිනිසුන් පොළඹවනු ඇත්දැයි සොයා බලමින් සිටිනවා. කෙටි කාලීනව නම් උග්‍ර තාප ආරක්ෂකයාගේ අවි ගබඩාවේ ප්‍රබලතම මෙවලම අධ්‍යාපනය ලබාදීමයි. ඊට මුහුණ දීමට කිසිවකුට ප්‍රතිශක්තියක් නැහැ. ණුසුම් තරංග ඔබ කවුරුන් වුවත්, ඔබ ඇතුළු මිනිසුන්ගේ සෞඛ්‍යයට භයානකයි”  බර්කාට් වැඩි දුරටත් පෙන්වා දෙයි.

https://www.theguardian.com/society/2023/aug/11/were-in-serious-trouble-why-a-hotter-world-will-be-bad-for-our-health