ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පිහිටි ආගමික පාසලක දී ෂෙයික් රහිමුල්ලා හඛ්ඛානි නම් පූජකවරයාව ඝාතනය කර තිබේ.
එසේ ඝාතනය කර තිබෙන්නේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය දීමට පක්ෂව මෙම පූජකයා කටයුතු කල අයෙකු නිසා බව විදෙස් ප්රවෘත්ති වාර්තා ප්‍රකාශ කරයි.
එරට මාධ්‍ය පැවසුවේ තලිබාන් සංවිධානයට ද සහාය දැක් වූ එම පූජකයාව මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු විසින් ඝාතනය කර ඇති බවය.
කෘතීම පාදයක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවාහැර එම ඝාතනය සිදුකර ඇති අතර ඊට අයි එස් කණ්ඩායමක් වගකීම බාරගෙන තිබේ.