ආසියාවේ දිගම ජල මාර්ගය ලෙස සැලකෙන "යැංසි" ගගෙහි ජලය මේ වන විට වාර්තාගත ලෙස අඩු මට්ටමකට පත්ව ඇති බව, බලධාරීන් පෙන්වා දෙනවා.
යැංසි ගඟ ආශ්රිත පෝෂක කලාපය නියඟය හමුවේ වියළියාමෙන්, චීනයට මෙවර වියළි කාලය අති දුෂ්කර එකක් වී ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පවතින තාප අධික තරංග හේතුවෙන් වායු සමීකරණ හා අනෙකුත් පහසුකම් සඳහාද දැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.
පවතින තත්වය හමුවේ චීන බලධාරීන් කෘතිමව වැසි වළාකුළු ඇති කිරීම සඳහා රොකට් ආධාරයෙන් අහසට රසායනික ද්‍රව්‍ය මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.