ආජන්ටිනාව වසර 36 කට පසු පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම සමත් විය. ආජන්ටිනා නායක ලියොනල් මෙසී මෙවර කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර, එය ඔහුගේ අවසාන ලෝක තරඟය ද වෙයි.
කටාර් හි ලුසයිල් ක්රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී පැනල්ටි පහර 4-2 කින් ප්රංශය පරදවා ජයග්රහණය ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය.
තරගාවලියේ හොඳම තරුණ ක්රීඩකයා - එන්සෝ ෆර්නැන්ඩස් ( ආර්ජන්ටිනාව)
තරගාවලියේ හොඳම ගෝල් රකින්නා - එමිලියානෝ මාටිනස් ( ආර්ජන්ටිනාව)
තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ( ගෝල්ඩන් බූට් සම්මානය) ගෝල 8 යි - කිලියන් එම්බාපේ ( ප්රංශය)
තරගාවලියේ හොඳම ක්රීඩකයා (ගෝල්ඩන් බෝල් සම්මානය) - ලියොනල් මෙසී ( ආර්ජන්ටිනාව)