රෝහල් ඉලක්ක කර සිදු කරන ප්රහාර යුද නීති උල්ලංඝණය කිරීමක් වන බැවින් ප්රහාර නවත්වන්නැයි, යුරෝපා සංගමය රුසියාවෙන් යළි ඉල්ලා සිටියි.
බොහෝ අවස්ථාවල රුසියානු හමුදාව යුක්රේනයේ සිවිල් වැසියන් වෙසෙන ගොඩනැගිලිවලට ප්රහාර එල්ල කර තිබේ. එම ප්රහාරවලින් ළමුන් හා කාන්තාවන් විශාල
පිරිසක් මියගිය බවට ද යුරෝපා සංගමය රුසියාවට චෝදනා කරයි. යුක්රේනයේ කියෙව් නගරයේ ප්රදේශ කිහිපයක තවමත් ගැටුම් පවතියි.