ලොව පුරා නගර අතරින් විදේශිකයින්ට ජීවත්වීමට සහ රැකියාවක නිරත වීමට සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ Valencia නගරය නම් කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ලොව විශාලතම විදෙස්ගත ප්‍රජාව නියෝජනය කරන ඉන්ටර්නේෂන්ස් නම් සංවිධානය විසින් ලොව පුරා රටවල නගර 50ක් යොදාගනිමින් 2022 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව තහවුරු කර තිබෙන අතර මෙම සමීක්ෂණයේදී ඒ ඒ නගරවල ජීවන තත්ත්වය, පොදු ප්‍රවාහනය, නිවාස මිල, දේශගුණය, ආරක්ෂිතභාවය ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමුකර තිබීම විශේෂත්වයක්.
එමෙන්ම ලොව පුරා රටවල් අතර විදේශිකයින්ට ජීවත්වීමට සුදුසු දෙවන රට ලෙස අනාවරණය වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයයි. එහි තෙවන ස්ථානයට පත්ව ඇත්තේ මෙක්සිකෝ නගරයයි.
එම ලැයිස්තුවට අනුව විදේශිකයින් සඳහා ජීවත්වීමට නුසුදුසු නගරය ලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයයි.