All Stories
ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් හි වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමුවීම නිසා එම කලාපය හදිසියේ වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.
පසුගිය 15 වෙනි දින වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හමුවී ඇති අතර මෙතෙක් එම ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා තිබේ.
කොවිඩ් -19 වසංගතය ඇරඹීමෙන් පසුව එම ප්‍රාන්තය ලොක්ඩවුන් කෙරෙන 5 වැනි අවස්ථාව මෙය වේ. එය ලබන අඟහරුවාදා දක්වා බල පැවැත්වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ මිලියන 6.6ක ජනතාවක් වෙසෙන අතර ඔවුන්ට නිවෙස්වලින් පිටතට යා හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට, අත්‍යවශ්‍ය රැකියා සඳහා, ව්‍යායාම සඳහා හෝ එන්නත් ලබාගැනීමට පමණි.