All Stories

32කට මරු කැඳවූ ඊජිප්තුවේ දුම්රිය අනතුර

ඊජිප්තුවේ මාරාන්තික දුම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙක් මරණයට පත්ව තිබේ.
 
තවත් පුද්ගලයන් 91 දෙනෙක් බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව විෙදස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඊජිප්තු අගනුවර වන කයිරෝ සිට කිලෝමීටර 365ක් දුරින් අනතුර සිදුව තිබේ. නාදුනන පුද්ගලයෙක් විසින් ඉදිරියෙන් ගමන් කර ඇති දුම්රියේ හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුම්රිය නවත්වා තිබේ.
 
නමුත් ඊට පසුපසින් එකම දිශාවට ගමන් කරන ලද දුම්රියක් නවත්වා තිබූ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
 

ගැටීමෙන් අනතුරුව දුම්රිය මැදිරි පීලි පැන අනතුර මාරාන්තික අනතුරක් බවට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නියෝග කර ඇති බව රජයේ නීති කාර්යාලය පවසයි.

32කට මරු කැඳවූ ඊජිප්තුවේ දුම්රිය අනතුර

කටාරය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලීමක්

කටාරය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් හමුවීම ක්‍රමයෙන් ඉහළ යාම නිසා එරට සෞඛ්‍ය අංශය සම්පූර්ණ අඟුළු දැමීමක් අවශ්‍ය බවට කටාර් රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
හමාඩ් වෛද්‍ය සංස්ථාවේ අහමඩ් අල් මොහොමඩ් ඉලීමක් කරමින් පවසා ඇත්තේ දිනපතාම වැඩිවන ආසාදිතයින්  හේතුවෙන් රට තුළ කොරෝනා අවදානම අවම කිරීමට නම් සම්පූර්ණ අඟුළු දැමීමක් අනිවාර්යෙන්ම සිදුකළ යුතු  බවයි.
 
හමාඩ් වෛද්‍ය සංස්ථාවේ (HMC) දැඩි සත්කාර ඒකකවල වැඩබලන සභාපති අහමඩ් අල් මොහොමඩ්ද ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ කටාර් පළමු රැල්ලට පසුව රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
 
මෙම හේතු සලකා බලමින් කටාරය පූර්ණ වශයෙන් අඟුළු දමන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් පුවත් වාර්තා සඳහන් කරයි.
කටාරය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලීමක්

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image