
රටවිරුවන්ගේ ශ්රී ලංකාවට පැමිණීමට වූ අයිතිය උදුරා ගැනීමට එරෙහිව ඉතාලියේ ලාංකිකයින් විසින් විරෝධතාවයක් සිදුකිරීමට නියමිතයි.
අද (04) සවස 02 සිට සවස 04 දක්වා රෝමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඔබත් ඉතාලියේ සිට මව්බිමට යාමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් ඊට සහභාගි වෙන්න.
පාටපක්ෂ වලින් තොරව රට විරුවන් වෙනුවෙන් මේ සඳහා සහභාගිවෙන ලෙස එරට සිටින සියලුම ලාංකිකයින්ට විවෘත ආරාධනාවක්ද කර තිබේ.