
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටි කම්කරු නිලධාරියා වහාම දිවයිනට කැඳවීමට තීරණය කර තිබේ.
විදේශ අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බව අප වාර්තාකරු කියා සිටියි.
රැකියාවක් සඳහා එරටට ගිය තමන්ට මොහු විසින් ලිංගික අතවර කිරීමට තැත් කළ බවට කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව යළි මෙරටට කැඳවීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකර ඇති අතර, එමඟින් ද ඊට අදාළ කරුණු තහවුරු වී තිබේ.