
රුමේනියාවේ රැකියා ලබාදෙන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ විදේශිකයකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස බදුල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට පත්වූ බව වාර්තා වේ.
රුමේනියාවේ රැකියා අවස්ථා පිළිබඳ ආකර්ෂණීය ලෙස සමාජ මාධ්‍ය පෝස්ට් පළ කරමින් බොහෝ දෙනෙකුට වංචා සිදුකිරීම පිළිබඳ චෝදනාවට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.