
රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ වූ බව කියන තවත් කාන්තාවක් අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාරිය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එම කාන්තාවගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
මිනිස් ජාවාරමට සම්බන්ධ නියෝජිතවරයකුද, අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මීට පෙරාතුව අත්අඩංගුවට ගනු ලැබිණි.
ප්‍රධාන සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.