
නීත්යායනුකූල බලපත්රලයක් නොමැතිව රෝයල් රෙක්රූට්මන්ට් කන්සල්ටන්ට් පුද්ගලික සමාගම නමින් මාරවිල මුදුකටුව ප්රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු 2023.01.17 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 2023.01.18 දින මාරවිල මහේස්ත්රාකත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇති අතර, වැඩිදුර නඩු විභාගය 2023.06.21 දින කැඳවීමට නියමිතය.
මෙම වැටලීම සඳහා විශේෂ විමර්ශන අංශයේ සරත් විමලවීර, එම්.කේ. සුමනවීර, මධුශාන් විජේවර්ධන, කේ.එල්.එම්. දමයන්ති සහ ජානකි යන නිලධාරීන් සහභාගී විය.