
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් විවිධ කරදර හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 47 දෙනෙකු ඊයේ (25) දිනයේ දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.
මෙලෙස පැමිණි පිරිස ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
ගුවන්තොටට පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස ඔවුන් පදිංචි ප්‍රදේශ කරා පිටත් කර යැවීමට කටයුතු කර තිබෙන බවත් සඳහන්.
කුවේට් ලක් තානාපති කාර්යාලයේ දත්තවලට අනුව මෙලෙස විවිධ හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 1,300 ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටින බවත් ඔවුන් කඩිනමින් මේ ආකාරයෙන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු සිදුකරන බවත් වාර්තා කරයි.