තුර් කියේ භු කම්පනයෙන් මිය ගිය ශ්රී ලාංකික කාන්තාවගේ දේහය සොයා ගත්තා - තුර් කියේ ශ්රී ලංකා තානාපති

මීට පෙර භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ තුර්කියේ සිටි ශ්රී ලාංකික කාන්තාව මිය ගොස් ඇති බව තුර්කියේ ශ්රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය BBC සිංහල සේවයට පවසා ඇත.
ශ්රී ලංකා තානාපතිනිය වැඩිදුරටත් පවසා තිබුණේ, ඇය ජිවත් වූ නිවසේ සුන්බුන් අතර තිබී ඇයගේ සිරුර අද සොයා ගනු ලැබූ අතර අදාළ කාන්තාවගේ දියණිය විසින් සිය මවගේ සිරුර හඳුනාගෙන තිබේ. කාන්තාව වසර ගණනාවක සිට තම තුර්කි ජාතික සැමියා සහ දියණිය සමග තුර්කියේ ජිවත්වන අතර ඇය ශ්රී ලංකාවේ ගලගෙදර ප්රදේශයේ කෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ.
තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්රී ලාංකිකයන් 16 දෙනෙකු භූ කම්පන සිදු වූ ප්රදේශවල ජීවත්ව සිට ඇත.