
කූඨ ලේඛන භාවිත කර ශ්රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා ලෙස හැඳින්වූ පුද්ගලයෙකු ගැන පුවතක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්රයෙන් වාර්තා වී තිබේ.
යුරෝපය වෙත පැනයෑමේ අදහසින් කූඨ ලෙස සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන්ගමන් බලපත්ර උපයෝගී කරගනිමින් ඔවුන් මෙලෙස ශ්රී ලංකාවට ඇතුළුවීමට තැත්කර තිබේ.
ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (07) උදෑසන ඔවුන්ව පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.
මේ ආකාරයටම පසුගිය සතිය තුළ ඉරාක ජාතිකයන් සිව් දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ යුරෝපය වෙත පළා යෑමට තැත් කිරීමේදී ශ්රීලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.