අප්‍රේල් මාසයට යෙදුණු රාමසාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මේ බව නිල වශයෙන් දැනුම් දෙනු ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියි.
ඉදිරි කාලයේදී සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට එරට රජය කටයුතු කරනු ඇති බවත්, ඒ සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.