කොරියාවේ සේවය කළ ලාංකිකයින්ට රක්ෂණ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්!

දකුණු කොරියාවේ සේවය කල කාලය ඇතුළත හිමි රක්ෂණ මුදල් ලබා ගැණීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කොරියාවේ සේවය කළ ලාංකිකයින් වෙත විශේෂ දැනුවත් කිරීමක් කර තිබේ.
රක්ෂණ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් වන විස්තරය හා ඊට අදාල අයඳුම්පත්‍රය විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ දැක්වෙන අතර එය පහත දැක්වෙන ලින්ක් එක ඔස්සේ බාගත කිරීමේ හැකියාව සලසා දී ඇත.
ඔබත් දකුණු කොරියාවේ සේවය කර පැමිණි අයෙක් නම් රක්ෂණ මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවූ අයෙක් නම් මේ ගැන දැනුවත් වෙන්න.

