
ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක වෙසෙන සෑම පුරවැසියෙකුටම රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඉතා වැදගත් අවශ්‍යතාවයකි.මන්ද යත් රාජ්‍ය තොරතුරු ජනතාවට මුදා හැරීම තුළින් රාජ්‍ය සහ මහජනතාව අතර මනා අන්තර් සම්බන්ධතාවයක් පවත්වාගෙන යා හැකිය.
එසේ නොවෙන අවස්ථාවන්හිදී රජය සහ මහජනතාව අතර සැක ඇතිවීම තුළින් අනවශ්‍ය නිරන්තර ගැටුම් ඇතිවිය හැකිය.එම නිසා මෙම තොරතුරු ලබා දීම සහ ලබා ගැනීම තුළින් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සුරැකෙන සමාජයක් බිහිවෙයි.
1.ප්රශ්නය: 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත අනුව “තොරතුරු” යනු මොනවාද?
පිළිතුර
රටේ මහජනතාවට අවශ්‍යය රාජ්‍ය ආයතන තුල තබා ඇති ලේඛනගත ද්‍රව්‍ය, එනම් සටහන්, ලේඛන, සංදේශ, උපදෙස්, උපදේශ මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියම (orders) ගිවිසුම්, ලොග් පොත්, වාර්තා, ප්රවෘත්ති පත්‍ර, සාම්පල්, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු පත් (plan), වීඩියෝ පට, ශබ්ද පටිගත කිරීම්, පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ලිපිලේඛන ආදිය යි.
2 ප්රශ්නය ශ්‍රී ලාංකික පුරවැසියෙකුට තොරතුරු ඉල්ලීම කළ හැකි ආකාර මොනවාද? එය කවුරුන් වෙත ඉදිරිපත් කළ යුතුද?
පිළිතුර
- එකී තොරතුරු ඉල්ලීම ලිඛිතව, වාචිකව සහ විද්‍යුත් මාර්ග මගින් සිදුකළ හැකිය.
- ඉල්ලීම අදාල රාජ්‍ය ආයතනයේ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා වෙත යොමු කළ යුතුය.
3. ප්රශ්නය
මෙකී තොරතුරු ඉල්ලීම සිදු කළ විට එකී තොරතුරු ලබා දීම කෙතරම් කාලයක් ඇතුළත සිදු කළ යුතුද? ඒ කෙසේද?
පිළිතුර
සාමාන්‍ය තත්ත්වයක් යටතේ යම් පුරවැසියෙකු තොරතුරු ලබාදීමක් කරන ලෙස ඉල්ලීමක් කළ විට එම ඉල්ලීමේ යම් අඩු පාඩු ඇත්නම් ඒ බව පෙන්වා දීමට නිලධාරියා විසින් කටයුතු කළ යුතුය. මෙම තොරතුරු ඉල්ලීම සිදුකොට දින 14ක් ඇතුළත අදාළ තොරතුරු සැපයීම සිදු කළ යුතු වේ. තවද යම් පුරවැසියකු විසින් තොරතුරු ඉල්ලන්නේ ජීවිතය හා පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන විට එකී තොරතුරු පැය 48 ක් තුල ලබා දිය යුතුය. එකී තොරතුරු ලබා දිය නොහැකි නම් එයට හේතුව අදාළ පුරවැසියාට දැනුම් දිය යුතුය එසේම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට අදාළ හේතු දින 14 ක් ඇතුළත සිදුකළ යුතුය .තවද යම්කිසි තුන්වන පාර්ශ්වයක් විසින් සපයන ලද රහසිගත තොරතුරකට අදාල කාරණාවක් වන විටදී එකී තුන්වන පාර්ශවයට ඒ බව දැනුම් දීමෙන් තොරතුරු ලබා දීම සිදු කළ හැකිය. එමෙන්ම පොදු අධිකාරියක් සතු තොරතුරක් ඉල්ලා සිටින්නේ නම් අදාල පොදු අධිකාරිය වෙත ඒ බව දැනුම් දිය යුතුය. දැනටමත් ප්‍රසිද්ධ කර ඇති තොරතුරක් නම් ප්‍රසිද්ධ කර ඇත්තේ කොතැනද යන්න අයදුම්කරුට දැන්විය යුතුය. අවසාන වශයෙන් සම්පූර්ණයෙන් ලබාදිය නොහැකි එහෙත් කොටසක් පමණක් ලබා දිය හැකි තොරතුරක් සම්බන්ධයෙන් වන විට අදාළ හේතු දක්වා එකී කොටස පමණක් අයදුම්කරුට ලබාදිය යුතුය .
4.ප්රශ්නය
තොරතුරු නිලධාරියාගේ (පොදු අධිකාරිය) තීරණයෙන් සෑහීමකට පත් නොවන පුද්ගලයන්ට පවතින නීතිමය ප්රතිකර්මය කෙසේද?
පිළිතුර
තොරතුරු දැන ගැනීමේ පනතේ 31 වගන්තිය ප්‍රකාරව
1. තොරතුරු ඉල්ලීම් සඳහා කරන ලද ඉල්ලීමක් බාරගැනීම ප්‍රතික්ෂේප වූ විට
2. ලබා දෙන ලද තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම
3. නියමිත කාල සීමාව ට අනුකූල නොවන විටදී
අභියාචනය කිරීමට අයිතිය හිමි වේ. එකී අභියාචනය අදාල ප්රශ්නය ඇති වූ දින සිට දින 14ක් ඇතුළත එකී අභියාචනය නම් කළ නිලධාරියා වෙත යොමු කළ යුතුය.