- සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ පරිපාලන දුර්වලකම නිසා ප්‍රතික්‍රීයක වලින් පමණක්, වසරකට රුපියල් බිලියන හතරක් පමණ වැඩිපුර වියදම් වෙනවා.
මධ්‍යම රජයට අයත් රෝහල්වල රසායනාගාර ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට පමණක් විතරක් වසරකට රුපියල් බිලියන 10ක් පමණ මහජන බදු මුදල් වැය කරනවා.
ප්‍රතික්‍රීයක සහ රසායානාගාර උපකරණ මිලදී ගැනීමේ නියාමනය සහ ක්‍රමය නිවැරදිව පාළණය කිරම සදහා ඉතා සරල මග මග පෙන්වීමක් සිදු කිරීම මගින් පමණක්, එකම එක පරීක්ෂණයක් හෝ නතර නොකරමින්, වසරකට බිලියන 4ක් නාස්තියට සහ වංචාවන්ට හසු වෙන එක වලක්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට පුළුවන්.
ප්‍රතික්‍රීයක මුල දී ගැනීමේදී, නිවැරදි තත්ත්ව පාලන සහතික ඇති සමාගම් අතර මිල තරගයක් ඇති කිරීම මගින් ඉතා පහසුවෙන් එම ඉතිරිය කරගත හැකි වුවත්, රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එම මුදල ඉතිරිකර ගැනීම සදහා තරගකාරී මිලක් ඇති කල යුතු නිළධාරීන් සහා විශේෂඥයින් විසින්ම, ප්‍රතික්‍රීයක මිල ඒකාධිකාරයක් හිතාමතාම නිර්මාණය කිරීම හේතුවෙන් බිලියන පහක හෝ හයක ප්‍රමාණයකින් සිදු කල හැකි රසායනාගාර පරීක්ෂණ සදහා බිලය දහයකට වඩා වැය කිරීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ඒ හේතුවෙන්, ඇතැම්විට රු 3/-ට කර ගන්න පුළුවන් පරීක්ෂණයක් සදහා රු30/- ක් ගෙවීමට සිදුවී ඇති අතර, එකම රොහලේ, එකම රසායනාගාරයේ, එකම ජාතියේ යන්ත්‍ර දෙකකින් එකම පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මිල දෙකක් ගෙවීමට සිදුවන තරමට, ප්‍රතික්‍රීයක මිල ඒකාධිකාරය දූෂිත වී තිබේ.
ප්‍රතික්‍රීයක මිල තරගය ඇති කිරීම පිළිබදව වාර්ථා පිට වාර්ථා ලබා දී තිබියදී හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලිඛිත නියෝග ලබා දී තිබියදී, රෝහල් පරිපාළකයින් ඒ තරමටම අන්ධවී ඇත්තේ, ඔවුන්ද මෙම ජාවාරමේ කොටස්කරුවන් වී ඇති නිසාය.
ඖෂධ නියාමන අධිකාරිය තුලද, ඖෂධ වලට දෙන අවධානය ප්‍රතික්‍රීයක වලට ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය සාමූහිකව සිදු කරන ලබන තාක්ෂණික ජාවාරමක් බවට පත්ව ඇත. රසායනාගාර උපකරණ, ප්‍රතික්‍රීයක ගැන කටයුතු කරන්න අඩු තරමින් ඖෂධ නියාමන අධිකාරිය තුල, එම විශයට අදාල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් එක් අයෙකු හෝ පත් කරගෙන නැහැ. ඒ නිසාම එහි තීරණ තාක්ෂණික නියාමනයකට හසුවෙන්නේ නෑ.
සියළු තීරණ රසායනාගාර විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ අභිමතයට යට කර තිබෙනවා. ඔවුන් නිර්දේශ කරන සමාගමින් පමණක් ප්‍රතික්‍රීයක ගැනීමට සිදු වීම හරහා, එම සමාගම නියම කරණ ලබන ඕනෑම මිලක් ගෙවීමට සිදු වෙනවා. එලෙස වැඩි කර ගන්නා මිල හරහා ලැබෙන අමතර ලාභය එම තත්ත්වය නිර්මාණය කර දීමට මග පෙන්වන තාක්ෂණික විශේෂඥ අතර බෙදී යනවා. ඔවුන් නිර්දේශ කරනවා, සමාගම කැමති මිලක් නියම කරනවා. අමාත්‍යංශය තුන් ගුණයක් වැඩිපුර ගෙවනවා. ඒ නිසා මුදල් නොමැතිව පරීක්ෂණ නතර කලද, අඩුවට ගන්න පුළුවන් වෙන සමාගමකට අවස්ථාව ලැබා ගන්න බැහැ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තරගකාරී මිලට දීම අනිවාර්ය කරලා, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිඛිත නියෝගයක් දීලා තියනවා. රසායනාගාර විශේෂඥ වෛද්‍යවරියක් ඇය කැමති එක විතරමයි ඕනේ කියලා නිර්දේශ කරනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට වඩා ඉහලින් රසායනාගාර විශේෂඥවරිය තබා තිබෙනවා. මිල තරඟයක් නැතුව එකම සමාගමක් නම් කරලා ටෙන්ඩර් කැඳවනවා. සාමාන්‍යයෙන් කාටවත්ම යටත් නැති ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් එහෙම යටත් වෙන්නේ නිකන්ම වෙන්න බෑ. යටත් වෙන්න ඕනේ කාටද කියන එකත් මේ ජාවාරමේ සැලසුමට අනූව කලින් තීරණය කරලා තියන එකක්.
ජාතික රෝහල තුල ජීව රසායන විද්‍යා පරීක්ෂණ සදහා පමණක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අභිබවමින්, ගනු ලැබු තීරණය නිසා විතරක් වසරකට රුපියල් මිලියන 200/-ක් ගසා කෑමට ලක් වෙනවා.
ජාතික රෝහල වගේ ආයතනයකට මිල තරගකාරීත්වය ඇති කරන්න අනිත් රෝහල් වලටත් වඩා, ඉතා පහසුයි. විවිධ අවස්ථාවල එක් එක් විශෙෂඥයින්ගේ කැමැත්ත අනූව අනවශ්‍ය ලෙස මිලදී ගත්ත, විවිධ සමාගම් වලට අයත් ජීව රසායන ස්වයංක්‍රීය යන්ත්‍ර විශාල ප්‍රමාණයක් දැනටමත් ජාතික රෝහලෙහි ගොඩ ගසා තිබෙනවා. ඒ නිසා, රෝහල එකම යන්ත්‍රයට විවිධ ප්‍රතික්‍රීයක දානවා වගේ තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් නැතුව, ප්‍රතික්‍රීයක මිලට අදාලව ලාබදායී තාක්ෂණය තෝරන්න පහසුවෙන්ම පුළුවන්.
රාසායනාගාර පරීක්ෂණ සදහා උපකරණ වලට සෞඛ්‍ය අමාත්‍යාංශය වසරකට රුපියල් බිලියනයක්වත් වැය කරන්නේ නෑ. ප්‍රතික්‍රීයක වලට රුපියල් බිලියන 10ක් පමණ වැය කරනවා. ඒ නිසා මේ මාෆියාවට අදාලව අපිට උපකරණය ඒ තරම්ම වැදගත් නෑ.
සමහර ටෙන්ඩර් වල සම්පූරණ ස්වයංක්‍රීය යන්ත්‍ර සදහා ඉදිරිපත් කරන මිලට, කොත්තු රොටී පාර්සලයක්වත් ගන්න බෑ. නමුත් එක පරීක්ෂණයක් සදහා පළවෙනි ප්‍රතික්‍රීයක කට්ටල ටිකට යන්ත්‍රයේ මිල වගේ දහ ගුණයක් ගෙවන්න වෙනවා. නමුත් යන්ත්‍රය මූලික කරගත් මාෆියාවක් තමා ක්‍රියාත්මක වෙන්නේ. යන්ත්‍ර සුවිශේෂි එහෙමත් නැත්නම්, 'Machine Specific' ප්රතික්රීයකම ඕනේ කියලා තමයි ඇතැම් විශේෂඥයින් මාෆියාවේ ගැටය ගහන්නේ. අධ්‍යක්ෂකවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, තමන්ට ලැබෙන වාසියේ ප්‍රමාණයට අනූව ඒ 'ගැටයට' හිතාමතාම අහුවෙනවා. බලය පාවිච්චි කරලා බොරුවට ගහපු 'ගැටය' හොදට තද කරනවා.
අමාත්‍යාංශය සහ අධ්‍යක්ෂකවරු, රටට පෙන්නන්නේ විශේෂඥ වෛද්‍ය වරයා 'සියල්ල දත්' නිසා මොකුත්ම කරන්න බෑ වගේ දෙයක්. නමුත් ප්‍රතිකාර සේවයේ ඉන්න විශේෂඥ වෛද්‍ය වරුන්ට ඖෂධ ගන්න එහෙම අවස්ථාවක් දීලා නෑ. ඖෂධවලට තියන නියාමනයවත් රසායනාගාර පරීක්ෂණ සදහා නොමැති වීම නිසා සහ මෙලෙස සිදුවන අනවශ්‍ය වියදම නිසා, අපට රසායනාගාර වහලා දාන්න වෙන තත්වයක් ඉදිරියේදී නිර්මාණය වෙනවා.
රසායනාගාර වැහුණත්, පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වලට යවන්න වුණත්, ඒකේ වාසිය ගන්නෙත් මේ ජාවාරමේම කොටස් කාරයෝ කණ්ඩායමම තමයි.
ඒ අය බොහෝ පෞද්ගලික රසායනාගාරවලින් ලාබ ගන්නවා. ඒ නිසා ඔවුන් ඒකටත් සතුටුවේවි. නමුත් ගැටලුව වෙන්නේ රෝගීන්ට. ජීවිත අවධානමක් ගන්න වෙන්නේ,
නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ගැනීම වෙණුවෙන් බදු ගෙවලා, රෝහලට එන මහ ජනතාවට. වෛද්‍ය පරීක්ෂණ නියමිත පරිදි කර ගැනීමට නොහැකි වීම නිසා, බටහිර වෛද්‍ය සේවාව ලබා ගන්න එන රෝගීන්ට සිදු වෙන්නේ, හැත්තෑව දශකයේ ප්‍රතිකාරයක් අරගෙන ජීවිතය විශාල අවධානමකට ලක් කර ගන්න.
| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය