ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ සේවක සංඛ්‍යාව වාර්තා වන අන්දමට මිලියන (2023) 8.408 කි මෙයින් රාජ්‍ය අංශය බොහෝ විට ඉටුකරනු ලබන්නේ සේවාවන් හා පරිපාලනමය කටයුතු සම්බන්ධවය.
මං නමුත් නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුවම දායකත්වය සපයන්නේ පුද්ගලික අංශය බැවින් පුද්ගලික අංශයේ නිෂ්පාදන ඵලදායිතාවය හා නිෂ්පාදනය වැඩි කරවා ගැනීම කෙරෙහි පාලක පක්ෂයේ අවධානය මීට වඩා යොමුවිය යුතුව ඇත.
ආසියාවේ බොහෝ රටවල නිෂ්පාදන ධාරිතාවය පිළිබඳව බැලීමේදී ශ්‍රී ලංකාව සිටින්නේ එම රටවල් අතරින් බොහෝ පහළ තැනකය. ඊට හේතුව ලෙස දැක්විය හැක්කේ ලංකාවේ පමණක් නොව ලෝකයේ ද ඇතිවූ කොරෝනා වසංගතයේ බලපෑමෙන් මෙන්ම ලංකාවේ පුද්ගලික අංශය රටට සපයන නිෂ්පාදන ප්‍රමාණය තරමක් දුරට අඩුවීම සහ පුද්ගලික අංශයේ සේවකයින්ට කොරෝනා වසංගතය දඩමීමා කර ගනිමින් හාම්පුතුන් විසින් අහිතකර බලපෑම් එල්ල කිරීම.
එමෙන්ම රටක නිෂ්පාදනය වර්ධනය වීමට දායකත්වය දක්වන්නා වූ සේවක පක්ෂයත් සේව්‍ය පක්ෂයත් අතර මනා සම්බන්ධතාවයක් නොපැවතීමත්, සේවක හා අයිතිවාසිකම් හා වරප්ප්‍රසාද ලබාදීම සේව්‍ය පක්ෂය තුළින් ඉටු නොවීමත්, සේවක පක්ෂය තෘප්තිමත් තත්වයක නොසිටීමත් රටේ නිෂ්පාදනය පහත වැටීමට හේතුවක් වෙයි.
මෙම හේතූන් මුල් කරගනිමින් ඒවායේ අනිටු ප්‍රතිඵල ලෙස සේව්‍යන් හා සේවකයන් අතර කාර්මික සාමය බිඳ වැටීම, නිෂ්පාදන ඉලක්කයන් නොලැබී යාම, නිෂ්පාදනයන්ගේ තත්ත්වය බාල වීම, නිෂ්පාදන භාණ්ඩ හා මෙවලම්වලට හානි පැමිධෑම වැනි හේතූන් මත වෙනත් රටවලින් ලැබෙන ඇනවුම් නොලැබීමත් නිතර නිතර සේව්‍ය සේවක ගැටුම් ඇතිවීමත් ශ්‍රම පැය ගණන දීර්ඝවීමත් වැනි අනිටු ප්‍රතිඵල බොහෝමයක් මෑත කාලීනව සිදුවී ඇත.
එමෙන්ම වෘත්තීය සමිතියක් ඇතිකර ගැනීම තමාගේ සේවා ස්ථානයේ තමාට ඉමහත් ශක්තියක් බව තවමත් සේවකයින් විශ්වාස නොකරන අතර එය ඔවුන්ගෙන් මගහැරුණු කම්කරුවෙකුට අතිශයින් අවශ්‍ය රටේ ව්‍යවස්ථාව විසින් සහතික කර දී ඇති ඔවුන්ගේ අයිතියකි.
එනමුත් පාලකයින් විසින් සේවකයින් සේවයට බඳවා ගැනීමේදී වෘත්තීය සමිතිය යනු සියලු දෙනා ගිලගන්නට බලා සිටින යක්ෂයකු ලෙස පෙන්වීම මෙයට හේතු සාධක වී ඇති බව අපගේ හැඟීමයි. එසේම යම්කිසි සේවකයකු විසින් හෝ සේවා කණ්ඩායමක් විසින් වෘත්තීය සමිතියක් සාදා ගැනීමට උත්සාහ ගැනීම රැකියාව අහිමිවීමට මාර්ග යක් බව සේවකයා සිතන අතර පාලකයා සහතික ලෙසම වෘත්තීය සමිති ගතවීමට හිතන සේවකයින් බොහෝ දෙනෙක් උපක්රමශීලීව රැකියාවෙන් නෙරපා දැමීමටද කටයුතු කරයි.
සහයෝගීතාවය, ස්වාධීනත්වය,ප්රජාතන්ත්රවාදය, සාමූහිකත්වය වගේම වගකිවයුතු හා වග වීම සැබෑ වෘත්තීය සමිතියක චර්යා ධර්ම පද්ධති මාලාව වන අතර මෙවැනි වෘත්තිය සමිතියක් සාදා ගැනීම සඳහා රැකියාව අහිමි වුවත් කම් නැතැයි කියමින් එඩිතරව නැගී සිටි කම්කරුවන්ද ඉතිහාසය පුරා නැතුවාම නොවේ.
ශ්‍රී ලංකාවේ වතුකරය ආශ්‍රිතව පළවෙනි වතාවට වතු වෘත්තීය සමිතියක් පිහිටවූයේ මීට වසර 200කට පෙරයි. මෙයට නෛතික බලයක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ වෘත්තිය සමිති ආඥා පනත (1935) වර්ෂයේ ස්ථාපිත කරන ලදී. වාර්තාවල සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ පළවෙනි වැඩ වර්ජනය මුද්‍රණ කම්කරුවන්ගේ වැඩ වර්ජනය ලෙසින් වාර්තාවන නමුත් එය මනා ලෙස සංවිධානාත්මක නොවූයෙන් එම වර්ජනය අසාර්ථක වූ බවද එකී වාර්තාවලින් පෙන්වා දෙයි.
ඒ වගේම ලංකාවේ පළවෙනි වෘත්තීය සමිතිය ඊ.ඒ. ගුණසිංහ මහතා විසින් පිහිට වූ අතර එම වෘත්තීය සමිතියට සාමූහික ගිවිසුමක් අත්සන් කරන්නටද කිවූ බව වාර්තා වලින් පෙන්වා දෙයි. සාමූහික ගිවිසුමක් යනු යම් සේවා යෝජකයෙකු හෝ සේවා යෝජකයන් හා සේව්‍යන් කිසිවෙකු හෝ සේවකයන්ගෙන් සමන්විත වෘත්තිය සමිතියක් හෝ වෘතීය සමිති අතර සේවකයන් සේවයේ
01 වෙනි පිටුවෙන්ගග නියුක්ත කරවීමේ කොන්දේසි නියාමනයන්ට අදාළ වන්නාවූ හෝ වරප්‍රසාද වලට අයිතිවාසිකම් හෝ කාර්යයන්ට අදාළ වන්නා වූ හෝ යම් කාර්මික ආරවුලක් නිරවුල් කරගත යුතු ආකාරය පිළිබඳව ඇති කරගනු ලබන ගිවිසුමකි. එහි සාමූහික ගිවිසුමට අදාළ වන පාර්ශව හා වෘත්තීය සමිතිය කවරේද සේවා යෝජකයන් හා සේවකයන් කවරහුද යන වගද සඳහන් කරනු ලැබිය යුතුය.
සාමූහික ගිවිසුමක් අත්සන් කිරීමෙන් මෙම සේව්‍ය සේවක දෙපාර්ශ්වයටම බොහෝ ප්රතිලාභ ලැබෙන අතර ඉන් නිසැකවම රැකියාවේ සුරක්ෂිතභාවය සහ කාර්මික සාමය ද ආරක්ෂා වෙයි. තවද හාම්පුතුන් විසින් සේවකයන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළ හැක්කේ කෙසේද එවැනි අවස්ථාවන්හිදීම සේවකයන් සේවකයන්ගේ දුක් ගැනවිලි යාන්ත්‍රණ ඉදිරිපත් කළ හැක්කේ කෙසේද යන්න පවා පැහැදිලිව සදහන් වෙයි.
සේවකයන් වෘත්තීය සමිති ගතවීම හා සාමූහික ගිවිසුමකට එළඹීම මහා අපරාධයක් නොවන අතර එය පාලක සේවක දෙපක්ෂයටම මහත් ප්රතිලාභ ලැබෙන කරුණක් වන්නේය.
(රතු විත්ති)