සුනිසි මෙහෙවර කපු නිෂ්පාදන දාමයන් වෙතටත්

cotton-havests

රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදනය ලොව වටා විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලින් මිලියන ගණනකට ජීවීකාව සපයයි. නමුත් එය සරලව මිනිස්සුන්ට ජීවිකාව සපයන රෙදි පිළිවලින් ඇඳුම් ජීවන මාර්ගයක් පමණක් නොව එය ප්‍රජාවන්ගෙන් ජීවිත හා බැඳී පවතින සංකීර්ණ ක්‍රියාවලියක් වේ.

අප කවුරුත් දන්නා පරිදිම අන්තර් ජාතික කම්කරු සම්මේලනයට මෙම ඇගලුම් ක්ෂේත්‍රයන්හි සැපයුම් දාම තුළ සුනිසි මෙහෙවරක් හා සබැඳිව වැඩ කිරීම පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් ඇති අතර එමඟින් සාධාරණ වැටුප් වඩා හොඳ සේවා තත්ත්වයන් සහ සේවා පරිසරය පවතින කම්කරු නීතීන්වලට අනුව කටයුතු කිරීම සහ මානව හිමිකම් වලට ගරු කිරීම පිළිබඳව මෙම සැපයුම් දාමයන් සමඟින් ඉතා කිට්ටුවෙන් කටයුතු කරයි.

ගෝලීය වශයෙන් කපු අස්වැන්න නෙලා ගන්නා ශ්‍රම බලකායෙන් සියයට 65 ක් සහ රෙදිපිළි කර්මාන්තයෙන් සියයට 80 ක් කාන්තාවන් වේ. මෙසේ ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක තිබියදීත්, ඔවුන් කළමනාකරණ භූමිකාවන්හි අඩුවෙන් නියෝජනය වන අතර, ඒ වෙනුවට අවිනිශ්චිත සහ අඩු වැටුප් සහිත රැකියා වල සේවය කරන්නා වූ තත්ත්වයක් වාර්තාකරයි.

කාන්තාවන් පමණක් නොව කපු නිෂ්පාදන දාමයේ අනාරක්ෂිත සහ අවිධිමත් සේවා තත්ත්වයන් පිළිබඳ ප්‍රශ්නය මතු කළ අතර ඔවුන් සවිබල ගැන්වීම සඳහා ඉල්ලා සිටියේය.

මෙම උත්සවය ලෝක කම්කරු සංවිධානය (ILO) ලෝක වෙළඳ සංවිධානය (WTO) එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ ජාත්‍යන්තර කපු උපදේශක කමිටුව විසින් දියත් කරන ලද ඡරුජ්රස්එ චදමර කැ ජදඑද කොටසක් උන අතර අප්‍රිකානු රටවලට ඔවුන්ගේ කපු අංශයන් වර්ධනය කිරීමට, ඔවුන්ගේ නිෂ්පාදන ගෝලීය වෙළඳපොළට ගෙන ඒමට සහ කපු නිෂ්පාදනයේ යෙදී සිටින දේශීය ප්‍රජාවන්ට ප්‍රතිලාභ ලබා දෙන නව සහ යහපත් රැකියා නිර්මාණය කිරීමට සහ එකී බහුතරයක් වූ කාන්තා කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමක් ඉලක්ක කරමින් කරන ලද්දකි.

මෙම ILO හි Precariat pour le coton සමඟ සම්බන්ධ වීම මගෙන් නිපුණතා සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතරම, ළමා ශ්‍රමය, බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම සහ වෙනස් කොට සැලකීම වැනි තීරණාත්මක ගැටළු විසඳීම සඳහා එහි පාර්ශව කරුවන් වන රජයන්, කම්කරුවන් සහ කපු සැපයුම් සේවා යෝජකයන්ගේ සංවිධාන සමඟින් ගෝලීය වශයෙන් රටවල් විස්සක නියෝජිතායතනයේ එකට වාඩි වීමකි එහිදී මෙම කපු නිෂ්පාදන දාමය පුරා සමාජ ආරක්ෂණය. නිපුණතා සංවර්ධනය සහ ළමා ශ්‍රමය තුරන් කිරීම , කාන්තාවන් ඇතුළු සැපයුම් දාමයන් තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා වැඩි සමාජ ආරක්ෂාවක් සඳහා ද යෝජනා කරයි.

IPEC සහ Better Work වැනි මුලපිරීම් හරහා, ILO  විසින් කපු නිෂ්පාදන ජාලයන්හි සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කරන අතර, සංගමික නිදහස, සාමූහික කේවල් කිරීමේ අයිතිය සහ ආරක්ෂිත සේවා කොන්දේසි, වෘත්තීය සෞඛ්‍යය

වැනි මූලික අයිතිවාසිකම් සහතික කරන අතරම සූරාකෑමේ භාවිතයන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

දකුණු ආසියාතික නිෂ්පාදන ජාලයන්හි සේවය කරන අති මහත් බහුතරයක් වූ කාන්තා කම්කරුවන්ට මෙමගින් හෙට දවසට නව බලාපොරොත්තුවක් තබාගත හැක.

| අසන්ත විසිදාගමගේ (RED)