පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩවර්ජනය අත්හිටුවයි

strike-called-off

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (19/02/2025) දින උදෑසන 8.00 ට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල්හි ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට විධායක කමිටුව තීරණය කරන ලද බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ලේකම් චානක ධර්මවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයට අනුව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්තුමාගේ ලිඛිත එකඟතාවයන් මත මෙම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව  අත්හිටුවීමට තීරණය කරණ ලද බවත්, බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් ඉටුකරන සියලුම පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි ඉටු කරන ලෙස සමස්ත සාමාජිකත්වයට දැනුම් දී ඇති බව එම නිවේදනනයේ වැඩිදුරටත් සඳහන්වේ.

සබැඳි පුවත්