වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු සමාගම් නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිළධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් (09) දින වැවිලි අමාත්‍යාංශයේදී පැවැත්විණි.
වත්මන් රජය විසින් පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේද වැටුප රු.1,700/-ක් දක්වා ඉහල නැංවීමේ යෝජනාව සඳහා එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා මෙම ඒකාබද්ධ සාකච්ඡාව සිදු කෙරිණි.
මෙයට පෙර අවස්ථා කිහිපයකදිම වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම සඳහා අදාල පාර්ශව සමග සිදු කරන ලද සකච්ඡාවක දිගුවක් ලෙස මෙම ඒකාබද්ධ සාකච්ඡාව පවත්වනු ලැබුවා.
කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන ව්‍යාපාරයක් ලෙස වතු කම්කරුවන්ගේ මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දිය යුතු බවත්, ඒ වෙනුවෙන් මසක් ඇතුලත යම් සාධනීය පිළිතුරක් ලබා දෙන ලෙසත් රජය මෙහිදී වතු සමාගම් නියෝජනය කරමින් පැමිණි ප්‍රධාන විධායක නිළධාරින්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය , ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් , වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ වතු ක්ෂේත්රයේ නිලධාරීන්ද ඇතුළුව විශාල පිරිසක් සහභාගී වූහ.