රාජ්‍ය සේවයට ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීමට සාකච්ඡා

chandan-suriyaarachchi-government-TU

සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සදහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකස් කිරීම හා වෘත්තීයභාවය ඉහල නැංවීම සදහා  ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට රජය  සූදානමක.

සාමාන්‍යයෙන්  සිදුවන්නේ වැටුප් කොමිෂමක් දැමීම.නමුත් මෙවර ආණ්ඩුවේ අදහස වැටුප් විෂමතා හෝ වැටුප් ගැටළු විසදීමට පමණක් සීමා නොකර වෘතීයභාවය ඉහල නැංවීම සදහා ද විසදුම් සෙවීමයි.

කොමිෂමක් පත්කිරීමට පෙර ඒ සදහා වන පුලුල් පරාසයන් පිළිබදව අවධානය යොමු කරමින් කොමිෂම ආවරණය කල යුතු කේෂත්‍රය න් හදුනා ගැනීමවෙනුවෙන් පාර්ලිමේන්තු අනු කමිටුවක් පත්කලා.රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනු කමිටුව පත්කලා

අනු කමිටුව  . උපදේශක සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත්කලා.එහි සභාපතිවරයා වශයෙන් ⁣මේ වන විට කමිටුවාර 03 ක් පවත්වා ඇත.

පළමු කමිටුව කමිටු සාමාජිකයින් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ඇතුලු අදාල නිලධාරීන් එක්ව සාකච්ඡා කලා.දෙවනුව අගමැති ලේකම් තුමාගේ ප්‍රධානත්වය සහිත එම කමිටුව නියෝජනය කරන සියලුම ආයතන ප්‍රධානීන්,අධ්‍යාපන හා සෞඛ්‍ය ඇතුලු අමාත්‍යාංශ ප්‍රධානීන් එක්ව සාකච්ඡා කලා.තුන්වනුව පසුගිය 11 වෙනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා සිදුකල  සම්බන්ධිකරණ මගින්  සම්බන්ධ කරගත් වෘතීය සමිති සමග සාකච්ඡා කලා.

ඒ අවස්ථාව වැදගත්.අසහස්,යෝජනා ,ගැටලු කරුණු රැසක් කතා කලා.එම සාකච්ඡාට සම්බන්ධ  වුණු වෘත්තීය සමිති බොහෝ අය තමන්ගේ ගැටළු මෙන්ම යෝජනා ලිඛිතවද යොමු කලා.පා.ම දිනිදු සමන් සහෝදරයගේ යෝජනාවක් අනුව  එහෙම යෝජනා ලබාදෙන්න අවශ්‍ය වෘත්තීය සමිතිවලට සති 02 කක කාලයක් තුල යෝජනා ලබාදීමට අවස්ථාවක් ලබා දීමට තීරණය කලා.

ලේකම්,අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කාර්යාංශය,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,කෝට්ටේ ලිපිනයට යොමු කරන්න පුලුවන් .නමුත් කලබල විය යුතු නෑ.මොකද ඒක අනිවාර්ය නෑ.

පාර්ලිමේන්තුවේ මේ රැස්වෙන්නේ  වැටුප්  කොමිෂමක්  නෙමෙයි.ඒක ඉදිරියේදී ජනාධිපති අනුර සහෝදරයා විසින් සිදු කිරීමට නියමිතයි .කොමිෂම පත්‍කලාට පසු ලංකාවේ සෑම Union එකකටම  අවස්ථාවක් ලැබෙනවා තමන්ගේ සේවයේ,ශෙු්ණියේ ගැටලු මෙන්ම යෝජනා ඉදිරිපත් කරන්න.

වත්මන් අණ්ඩුව පළමු අය වැයෙන් රටේ  පැවති ආර්ථික තත්වය යටතේ වුවද මූලික වැටුප් වැඩි කිරීමක් කලා.2027 දක්වා වාර්ෂික වැඩිවීමක් විදිහට. ඒ වගේම රාජ්‍ය සේවකයින්ට වැඩි සහන ලබාදෙමින් ආපදා ණය සීමාව රු.දෙලක්ෂ පනස් දහසක මුදල වැඩිකලා.රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය බදවාගැනීම් 64000 කට කැබිනට් අනුමැතිය දුන්නා.විකුණන්න ගිය තැපෑල ,විදුලිය ඇතුලු ආයතන රජය සතු කලා.මේ ආකාරයේ රාජ්‍ය සේවය ශක්මත් කරන දිශාවට ආණුඩුව වැඩ කරමින් තිවෙනවා .

ඒ සදහාවන වැඩ පිළිවෙලට එක්වෙමින් කටුයුතු කිරීමත්,ඇතැම් කුහක අන්තවාදී කණ්ඩායම් වල වුවමනාවට මේ ජයග්‍රහණ කඩාකප්පල් කරගැනීමේ දිශාවට කටයුතු කිරීමට වගකීමක්  හෝ යුතුකමක් නොවන බවත් සිහිපත් කරනවා.පැවති ආණ්ඩු විසදපු නැති,එයාල හදපු ප්‍රශ්න විසදීම ආණ්ඩු⁣ට වුවමනාවක් සැබෑ ලෙසම පවතින අතර ඒ සදහා වන එකගතාවක් සහයයක් කම්කරු පංති ව්‍යාපාරයෙන්   සහාය ආණුඩුවට  ලැබෙනවා.එය තව ඉහල නැංවිය යුතුව තිවෙනවා .

අපි ආණ්ඩුවක් ලෙස ස්ථිර ලෙස ශක්මත්ව ස්ථාවරව රාජ්‍ය සේවය ශක්මත් කරමින් යන වැඩ පිළිවෙල ඉදිරියටම යනවා. එක්ව වැඩ කරමු.ජාතික අභිලාෂයන් සමග රටක් ගොඩනගන කාර්යට කම්කරු ව්‍යාපාරයේ උපරිම සහය එක්කරමු. ජය.

| චන්දන සුරියාරච්චි

(මුහුණ පොතින්)