ජනපති සමග අද (29) පැවැත්වෙන සාකච්ඡාවට අපිට ආරාධනා නෑ - සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

health-allaince-htua

සෞඛ්‍ය වෘත්‍තිකයින් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග අද (29) දින සෞඛ්‍යයට සම්බන්ධ වෘත්තීය සමිති කොටසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡවක් සූදානම් කර ඇති බවත් තමන්ට ඒ සඳහා ආරාධනා කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රවි කුමුදේස් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය මහතා පහත පරිදි වේ.

ජනධිපතිවරයාගේ හෙට සාකච්ඡාව දේශපාලන කාඩර්වරුන් සමග කරන එකක් මිස, සෞඛ්‍ය වෘත්තීය සමිති සමග කරන එකක් නොවේ.

ජනධිපතිවරයාගේ හෙට සාකච්චාව දේශපාළණ කාඩර්වරුන් සමග කරන එකක් මිස, සෞඛ්‍ය වෘත්තීය සමිති සමග කරන එකක් නෙවේ. සෞඛ්‍ය වෘත්‍තිකයින් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග හෙට දිනට යොදා ඇති ජනාධිපති සාකච්ඡාව සම්පූර්ණයෙන් ම දේශපාලන සාකච්චාවක්. ඒ සඳහා සෞඛ්‍ය සේවයේ ඇත්ත වෘත්තීය සමිති කිසිවකට ආරාධනය කර නෑ.

ජවිපේ හො NPP අනුගාමිකයන් විතරක් කැඳවමින් කරන සාකච්ඡාවක්, ජනාධිපතිවරයා විසින් සිදු කළත්, ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවතියත්, ඒක පක්ෂයකට අයිති සාකච්ඡාවක් මිස, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු හඳුනා ගන්න තියන රජයේ නිල සාකච්ඡාවක් වෙන්නේ නෑ. පූර්ණ වශයෙන් අනුගාමිකයන්ට විතරක් කතා කරන එක සහ ජනාධිපතිවරයා එක පක්ෂයක නියෝජිතයෙක් පමණක් ලෙස හැඟවෙන පරිදි කටයුතු කිරීම අන් කවරදාටත් වඩා වත්මන් ජනාධිපතිවරයා යටතේ සිදු වෙමින් පවතිනවා.

සමහරවිට ඒ පිළිබඳව ජනාධිපතිවරයාට අවබෝධය නැතුව ඇති.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෘත්තීය සමිති හැසිරවීම සිදු වන්නේ නිල තනතුරක් පවා නොමැති දේශපාලන කාඩර්වරුන් යොදාගෙන. ඔවුන් ඇතැම්විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉ හළම නිලධාරීන්ට පාවා නියෝග දෙන තත්ත්වයකට පත් වෙලා.

මීට පෙර සෞඛ්‍ය ඇමැතිවරුන් කිසිවෙකුගේ දේශපාලන නියොජිතයින් අමාත්‍යාංශ කටයුතුවලට හෝ වෘත්තීය සමිති කටයුතුවලට අනවශ්‍ය මැදිහත් වීමක් කළේ නෑ. දේශපාලන එරියස් තියන අයට බලය දීමෙන් රජය ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා වහාම ඒ පිළිබඳව හොයා බලන ලෙස අපි නලින්ද ජයතිස්ස ඇමති වරයාගෙන් ඉල්ලනවා.

ජවිපෙ හෝ NPP නායකතුමා සෞඛ්‍ය සේවයේ කාඩර්වරුන් සමග තියන සාකච්ඡාව හෙට පවත්වන්න. සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට මතු වෙලා තියන ගැටලු සාකච්චා කරන්න අපිට කඩිනම් අවස්ථාවක් ලබා දෙන්න.

රවී කුමුදේශ් / උපුල් රෝහණ / චනක ධර්මවික්‍රම / උදේනි දසනායක / දේවිකා කොඩිතුවක්කු / රෝයිද මෙල් / ඩබ්. ඒ. ඩී. විමලරත්න

කැඳවුම්කාර මණ්ඩලය

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය