කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කළ පුද්ගලයෙකු ලබන නොවැම්බර් මස 13 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් පසුගිය 31 වෙනි දින මෙම සැකකරු සම්බන්ධයෙන් මෙලෙස නියෝග කළ බව අප වාර්තාකරු පවසයි.
සාක්ෂිවලට බලපෑම් කිරීමක් සිදු විය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පොලොන්නරුව පදිංචි රසික බණ්ඩාර නමැති පුද්ගලයෙකි.
මොහොමඩ් ෂෆීක් නමැති අයකු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු පොලිසියට පැමිණි බවත්, චෝදනාව කියවා දී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.