රාජ්‍ය සේවයට 7,456 බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයට 7,456 බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමිව තිබේ.

මෙහිදී රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2024 12 30 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් බඳවාගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීම පිණිස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

අනු අංකය  අමාත්‍යාංශ/පළාත් සභා/කොමිෂන් සභා  බඳවාගැනීම් සඳහා කමිටුව විසින් නිර්දේශ කරන ලද තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව  
1 රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය    3,000
2 ආරක්ෂක අමාත්‍යාංශය       09
3 විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය    179
4 මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය           132
5 අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය            400
6 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය           161
7 සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය         3,519
8 බස්නාහිර පළාත් සභාව       34
9 නැඟෙනහිර පළාත් සභාව    05
10 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  17
 

මුළු සංඛ්‍යාව  

7,456

    

6.