All Stories
රට පුරා කම්හල්වල කෝවිඩ්-19 ආසාදනය වීමට හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව වගකිව යුතුයි - නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය
ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් අතර කොරෝනා වයිරසය බරපතල ලෙස පැතිරීමක් පසුගිය දින කිහිපයේදී වාර්තා විය. මාස් (MAS) සමූහ ව්‍යාපාරයට අයත් 1,500 ක් පමණ සේවය කරන හා පසුගිය දෙසැම්බරයේ පළමු ආසාදිතයින් හඳුනා ගත් පානදුර යුනිචෙලා හා 8,000 ට වැඩි සේවක පිරිසක් ඇති තුල්හිරිය අපනයන නිපැයුම් සංකීර්ණයෙහි විශාල සේවක සංඛ්‍යාවන් ආසාදනයට ලක්ව ඇතැයි වාර්තා වූ පසු කම්කරු ඇමතිවරයා තුල්හිරිය ආසාදන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස කම්කරු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. එවැනි පරීක්ෂණයක් පසුගිය අවුරුද්දේ ඔක්තෝම්බර මාසයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ ආසාදන සම්බන්ධයෙන්ද තීන්දු කළ නමුදු ඒ පරීක්ෂණයට සිදුවූයේ කුමක්දැයි අද වනතුරු අපි නොදනිමු.
මේ අතර බණ්ඩාරගම කම්හලක් ආසාදිතයින් හේතුවෙන් වසා දැමූ බවටත්, නෝවුඞ්, පල්ලෙකැලේ, මුලතිවූ ප්‍රදේශවල කම්හල් කිහිපයකින් ආසාදිතයින් වාර්තා වූ බවටත් වාර්තා ඇත.
මීට මාසයකට පමණ පෙර මාස් සමූහ ව්‍යාපාරයට අයත් රිදීමාලියැද්ද ස්ටේරච්ලයින් කම්හලේ සේවකයින් ගණනාවක් ආසාදනය වූ අතර, එක් අයෙකු මිය ගියේයැයි වාර්තා වුනි. දැනට සති කිහිපයකට පෙර මීරිගම, ගලිගමුව, අවිස්සාවේල්ල, කෑගල්ල, මාවනැල්ල, හසලක, වැනි ප්‍රදේශවල කම්හල් වලද ආසාදිතයින් වාර්තා වූ බවත් ඇතැම් ප්‍රදේශවල කම්හල් වසන්නට ගම්වැසියන් බල කළ බවත් තවත් කම්හල් කිහිපයක් වසන්නට සිදුවූ බවත් අපගේ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ජාලය විසින් අපට දන්වා ඇත.
අපගේ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ජාලයේ තොරතුරු වලට අනුව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ යුනිචෙලා, බ්‍රැන්ඩික්ස්, එස්කුවෙල්, ස්ටාර් වන් හා ස්ටාර් ටූ යන කම්හල්වල දැනට ආසාදනයවී ඇති මුළු සංඛ්‍යාව 800 ට වැඩි ය. ඔවුන්ගෙන් අසාද්‍ය තත්ත්වයේ ආසාදිතයින් මාස් සමූහ ව්‍යාපාරය විසින් කුලියට ලබා ගෙන ඇති කලූගල හබරාදූව තාවකාලික රෝහලක ප්‍රතිකාර ලබති. මෙහි යුනිචෙලා සේවකයින්ට අමතරව බ්‍රැන්ඩික්ස් සහ එස්කුවෙල් සේවක සේවිකාවන්ද ඇත.
සේවිකාවන්ගේ නේවාසිකාගාර අවට ප්‍රදේශය කොටුකර වසා ඇතැයිද ඒ ප්‍රදේශයට කිසිවකුට යන්නට එන්නට නොහැකි යැයිද සේවක සේවිකාවන් දන්වා ඇත. ඔවුන්ට ඇති බරපතලම ප්රශ්නය ඇ`ගළුම් සේවක සේවිකාවන්ගෙන් කෝවිඩ්-19 වයිරසය පැතිරෙන්නේ යැයි ඔවුන්ට කඩ සාප්පු වල භාණ්ඩ අලෙවිය ප්‍රතික්ෂේප කිරීම ය.
බහුතර ආසාදිත සේවක පිරිස් නිවෙස්වල නිරෝදායනය කෙරෙති. ඔවුන්ගෙන් ඇතැමුන්ට නිසියාකාරව ආහාර ලැබෙන්නේ නැතැයිද පැමිණිළි ඇත.
එවගේම පොඩි ඇඟළුම් කම්හල්වල පී.සී.ආර් පරීක්ෂණ නෙකෙරෙන බවත් ඒවායේ ආසාදිත තත්ත්වය එනිසා කිසිවකු නොදන්නා බවත් අපට වාර්තා කෙරිණ.
අනෙක් කණගාටුදායක කාරණාව, මෙය කෙටුම්පත් කරන අතරතුර කොග්ගල ස්ටාර් ගාමන්ට්ස් ආයතනයේ ඉංජිනේරු මහතා කෝවිඞ්-19 ආසාදනයවී ඉතා අසාද්‍ය තත්ත්වයෙන් පසුව සිට මිය ගිය පුවත ලැබීම ය.
පසුගිය මැය 17 වන දින වනවිට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 100 ට වැඩි සංඛ්‍යාවක් ආසාදනය වී ඇතැයි වාර්තා වන නෙක්ස්ට් කම්හලේ කලමනාකාරිත්වය විසින් ප්‍රමුඛතා තේරීමක් අනුව ඔවුන්ගේ සේවක සේවිකාවන් 260 ට එන්නත් ලබාදී ඇතැයි දැන ගන්නට ඇත. මේ අතර මැග්පැක් කම්හලේ සේවක සේවිකාවන්ට එන්නත් ලබා දීමට සූදානමක් ඇතැයිද වාර්තා විය. ග්ලෝබල් ලංකා කම්හලේ සේවක සේවිකාවන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ කිරීම් ආරම්භ කර ඇති නමුත් එම වාර්තා ලැබෙන තෙක් සියල්ලන් සේවයට පැමිණි ය යුතු හෙයින් ආසාදනය වූවන්ගෙන් අනෙකුන්ට ආසාදනයවීමේ අවදානමක් ඇතැයි සේවක සේවිකාවෝ කියති.
අපගේ සම්බන්ධීකාරකයින් ලබා දෙන තොරතුරු අනුව වවුනියාව, කිලිනොච්චිය හා මුලතිවූ අතරින් තත්ත්වය වඩා බරපතලවී ඇත්තේ මුලතිවූ දිස්ති‍්‍රක්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශහෙි ය. එම ප්‍රදේශවල ආසාදනයවන සේවක සේවිකාවන් නිරෝදායනයට යොමු කරන නමුත් ඔවුන්ගේ පළමු පෙළ ආශි‍්‍රතයින් ගැන තොරතුරු ලබාගත නොහැක. කලමනාකාරිත්වයට අමතරව, එවැනි සේවක සේවිකාවන්ද තොරතුරු ලබා නොදෙන්නේ යැයි අපගේ සම්බන්ධීකාරකයෝද පවසති. එහි වඩාත් බරපතල තත්ත්වය වනුයේ සේවක සේවිකාවන් අතර ආසාදනයවීම් ගැන සෙවීමක් නොමැතිව ගැබිණි කාන්තාවන්ද සත් මසක් ගතවන තෙක් සේවයේ යෙදවීම යැයි සේවිකාවන් පැමිණිලි කරන බව අපගේ සම්බන්ධීකාරකයෝ කියති.
සේවක ආසාදන සම්බන්ධ බරපතලම සිද්ධිය වූයේ පසුගිය වසරේ (2020) ඔක්තෝම්බර පළමු සතියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවක සේවිකා ආසාදන පොකුරය. එය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පමණක් නොව පෑලියගොඩ ධීවර වෙළඳ සංකීර්ණය හරහා දෙවන කෝවිඩ්-19 රැල්ලටද හේතු විය. ඒ සම්බන්ධව කරුණු දක්වමින් එහි වගකීම් බ්‍රැන්ඩික්ස් සමාගමේ හාම්පුතුන් බාර ගත යුතු යැයි අපි විවෘතවම කීවෙමු. වෘත්තීය සමිති පිහිටුවීමේ අවස්ථා සේවක සේවිකාවන්ට දිගින් දිගටම අහිමි කර තිබූණෙන් කෝවිඩ්-19 වයිරසය පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් උල්ලංඝණය කරමින් සේවක සේවිකාවන්ගෙන් වැඩ ගැනීමට කලමනාකාරිත්වයට හැකි විය. කම්හලේ වෘත්තීය සමිතියක් තිබුණි නම් එම ඛේදවාචකය වළකා ගන්නට තිබුණි යැයි දැන් අකමැත්තෙන් වුව පිළිගනු ලබන්නකි.
පළමු කෝවිඞ්-19 රැල්ලෙහි ආරම්භක කාලයේදී රට පුරා සියලූ කර්මාන්ත ශාලාවල සේවක නියෝජනයක් සමග ”කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටුවීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ගනු ලැබූයේ දිනේශ් ගුණවර්ධන කම්කරු ඇමතිවරයා සභාපතිත්වය දැරූ ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුවෙහි ය. ඔහුගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කෙරුණු කෝවිඞ්-19 ට අදාල සේවක ගැටළු සම්බන්ධව තීන්දු ගැනීමේ එම ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුව සමන්විත වූයේ හාම්පුතුන්, වෘත්තීය සමිති සහ අමාත්‍යාංශය ඇතුළත්ව ය. විශේෂයෙන් අපනයන නිෂ්පාදන ක්ෂේත්රයෙහි කෝවිඞ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීම තම වගකීමක් ලෙස එම කාර්ය සාධක කමිටුව බාර ගත්තකි.
සේවක නියෝජනය ඇතිව ”කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටුවීම පිළිබඳව අපි දැඩි ලෙස අවධාරණය කළෙමු. ඒ වෙනුවෙන් අපි ”කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටුවීම පිළිබඳව ඇඟළුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ ඒකාබද්ධ සංසදය (JAAF) සමගද කේවල් කළ අතර, සමාජ කතිකාවක් සඳහා ඔවුන්ට ලියූ ලිපි මාධ්‍යයටද නිකුත් කළෙමු.
කර්මාන්ත ශාලා යනු නිෂ්පාදනය සඳහා සේවක පිරිස් සිය ගණනින් ගොනු කෙරෙන ස්ථාන වන අතර, ඒවායේ කෝවිඞ්-19 පැතිරීමේ ඉඩකඩ වැඩි බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්යාරක්ෂක පිළිවෙත් කම්හල්වල ක්‍රියාත්මක කිරීම දෛනිකව නියාමනය කළ යුතු යැයි අප තේරුම් ගෙන තිබූවකි. එනිසා ඒ වෙනුවෙන් සේවක නියෝජනයක් සහිත ”කම්හල් සෞඛ්‍ය කමිටු” පැවතිය යුතු බව අනෙකුත් වෘත්තීය සමිති නියෝජිතයින් සමග අපි ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුවෙහි අවධාරණය කළෙමු. ඒවායේ සේවක නියෝජනය තීන්දු කළ යුත්තේ සේවකයින් යැයිද අපි අවධාරණය කළෙමු.
සේවක නියෝජනයක් සහිත එකී ”කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටුවන්නට නිශ්චිත වශයෙන් තීන්දු ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 16 වන දින රැස්වූ ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුවෙහිදී ය. එම සෞඛ්‍ය කමිටු දෙසැම්බර් 15 වන දිනට පෙර පිහිටුවා අවසන් කළ යුතු යැයිද එදින තීන්දු කෙරිණ. එම වගකීම කම්කරු දෙපාර්තමේන්තුවට බාර කෙරුණු අතර එහි ප්‍රගතිය සමාජලෝචනය කිරීමේ අනු කමිටුව කම්කරු කොමසාරිස් ජනරාල්ගේ මූලිකත්වයෙන් සති පතා රැස්විය යුතු යැයිද එදිනම තීන්දු කෙරිණ.
එහෙත් කම්කරු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පියවර නොගත් අතර, අපගේ වෘත්තීය සමිති දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ජාලය විසින් අපට වාර්තා කළ ආකාරයට, කිසිදු කර්මාන්ත ශාලාවක ‘‘කම්හල් සෞඛ්‍ය කමිටු’’ පිහිටු වන්නට කලමනාකාරීන් ඉඩ ලබා දී නැත. එවැනි සේවක නියෝජනයක් සහිත ‘‘කම්හල් සෞඛ්‍ය කමිටු’’ පිහිටු වුවහොත් කලමනාකාරිත්වයට රිසි සේ සේවක සේවිකාවන්ගෙන් වැඩ ගැනීමට නොහැකිවන බැව් හාම්පුතුන් හොඳින් දැන සිටියකි.
පසුගිය සතියෙහි කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ‘‘එස්කුවෙල්’’ ඇඟළුම් කම්හලෙහි එය ඉතා මැනවින් ප්‍රදර්ශනය විය. එහි සේවකයින් 1,500 ක් අතරින් 283 දෙනෙකු ආසාදනය වූවන් ලෙස පී.සී.ආර් පරීක්ෂණ මගින් හඳුනා ගක් පසු තවත් සේවක සේවිකාවන් 733 දෙනෙකු පළමු පෙළ ආශි‍්‍රතයින් යැයි නිරෝධායනය සඳහා ගණන් බැලූණු අතර, ඔවුන් සම්බන්ධ තොරතුරු නිසියාකාරව ලබා නොදෙන්නට කලමනාකාරිත්වය කටයුතු කළ බවත් සේවකයින් අතර ආසාදනයවීම් පැතිරීම වළකන ආකාරයෙන් කලමනාකාරිත්වය කටයුතු නොකළ බවත් ‘‘එස්කුවෙල්’’ කලමනාකාරිත්වයට එරෙහිව නඩු පවරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය සතියේ කරුණු ඉදිරිපත්කර තිබිණ.
මෙය වර්තමානයේ පොදු තත්ත්වය බවට පත්ව ඇතත් එවැනි අමානුෂික තත්ත්වයන් සම්බන්ධව ගත යුතු පියවර සාකච්ඡාකර තීන්දු කිරීමට රටම ඇඳිරි නීතිය සමගින් වසා තැබුණු කාලයෙත් රැස්වූ ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුව 2021 මාර්තු මස 03 වන දින සිට මෙතෙක් රැස්ව නැත. අන්තර් ජාල ”සූම් තාක්ෂණය” ඔස්සේ මාසිකව හෝ පැවැත් විය යුතු බව එහි සාමාජික වෘත්තිය සමිතියක් ලෙස අප කිහිප වර කීවද එයද මෙතෙක් නොකෙරුණි. එළෙසින් ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුව මේ වනවිට අකර්මන්‍ය කර ඇත.
මේ වසර ආරම්භයේදීම තුන්වන කෝවිඞ්-19 වසංගත රැුල්ල ගැන විශේෂඥ අනතුරු ඇඟවීම් කෙරුණි. ජනවාරි මාසය අවසන් වන්නට පෙර ආණ්ඩුව විසින් එන්නත් කිරීම් ආරම්භ කළේ ය. එන්නත් කි‍්‍රයාවලිය තුල ඊට අදාල ප්‍රමුඛතා ලේඛණය සංශෝධනය වූ හෙයින් අපනයන නිෂ්පාදන ක්ෂේත්රයේ සේවක සේවිකාවන්ටද මාර්තු අවසානයට පෙර එන්නත් ලබා දෙන ලෙස අපි ජනාධිපතිටත් අගමැතිවරයාටත් දෙවරක්ම ලිඛිතව දැනුම් දුන්නෙමු. එහෙත් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් අපට ලැබී නැත.
ආර්ථිකය බිඳ වැටී ඇති කෝවිඞ්-19 වසංගතය සමයේද ආණ්ඩුව අපනයන නිෂ්පාදන ක්ෂේත්රයේ සේවක සේවිකාවන් ගැන නොසැළකීම කම්කරු අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ වගකීම් පැහැර හැරීමට සෘජුව ආධාර වන්නකි. එය කෝවිඞ්-19 වසංගතයට පෙර සිටම සිදු වන්නකි. එය ඔවුන්ගේ අකාර්යක්ෂමතාව හා නොදැනුවත්කම් නිසා සිදු නොවන්නක් බව කවුරුත් දන්නා කාරණාවකි. සෘජු විදේශ ආයෝජන සහිත අපනයන නිෂ්පාදන අංශයේ විශේෂයෙන් ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්රයෙහි හාම්පුතුන්ට අවශ්‍ය ආකාරයෙන් බොහෝ දේ සිදුවන විශේෂ ආකාර ඇති බව බොහෝ දෙනා දනිති. කම්කරු දෙපාර්තමේන්තුව කම්කරුවන්ගේ සුභසාධනය හා අයිතිවාසිකම් සුරැකීමේ සිය වගකීම් අතහැර හාම්පුතුන්ගේ ආයෝජන වෙනුවෙන් තීන්දු ගන්නා බවට ප්‍රසිද්ධ චෝදනා කෙරුණේ අද ඊයේ නොවේ.
එබැවින් මේ කම්හල්වල දහස් ගණනක් සේවක සේවිකාවන් ආසාදනයවීමට ප්‍රධාන හා මූලික හේතුව තමන්ගේ ලාභය වෙනුවෙන් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන හාම්පුතුන්ගේ ඇති නොසැළකිල්ල සහ කම්කරු දෙපාර්තමේන්තුව සේවක ආරක්ෂාව සම්බන්ධ සිය වගකීම් පැහැර හැරීම බව අවධාරණයෙන් යුතුව මෙහි සඳහන් කළ යුතු ය. හාම්පුතුන්ගේ සහ වගකීමෙන් තොර කම්කරු දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය හේතුවෙන් සේවක සේවිකාවන් පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ නේවාසිකයින්ද රටේ ආර්ථිකයද බරපතල අවදානමකට පත්කර ඇත. කම්හල් වැසුණු පසු ඔවුන්ගේ සේවා සුරක්ෂිත භාවයත් අවදානමට පත් වන්නේ යැයි සේවකයින් අතර මතයක් ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය ගැන විශ්වාසයක් තැබිය නොහැකි හෙයිනි.
රටේ සමාජ පැවැත්ම හා ආර්ථිකය අඩාලවීමට හාම්පුතුන් සමග කම්කරු දෙපාර්තමේන්තුව වගකිව යුතු අතර, එයට විසඳුම් ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ප්‍රජා මට්ටමෙන් දියත් කෙරෙන රෝග නිවාරණ කෝවිඩ්-19 වයිරස් පාලන වැඩ සටහනක් සමග සෑම කම්හලකම සේවක නියෝජනයක් සහිත ‘‘කම්හල් සෞඛ්‍ය කමිටු’’ පිහිටුවීමෙන් යැයි අපි යළි යළිත් අවධාරණය කරමු. එම ‘‘කම්හල් සෞඛ්‍ය කමිටු’’ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නියාමනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කමිටු සාමාජිකයින්ගේ නම් හා තනතුරු සමගින් ලියාපදිංචි කළ යුතු යැයි ආණ්ඩුව වහා අදාල සියලූ පාර්ශවයන්ට නියෝග කළ යුතු යැයිද අපි කියමු.
නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය