සම්මුති සහ නිර්දේශ ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ විශේෂඥ කමිටුව Committee of Experts on the Application of Conventions and Recommendations (CEACR)

සම්මුති සහ නිර්දේශ ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ විශේෂඥ කමිටුව Committee of Experts on the Application of Conventions and Recommendations (CEACR)

කිසි යම් රටක් ILO සම්මුතියකට අත්සන් කළ විට, එම සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවරයන් නිතිපතා වාර්තා කිරීමට එම රට බැඳී සිටී. මූලික සම්මුතීන් අටෙන් හෝ ප‍්‍රමුඛතා සම්මුතීන් හතරෙන් කවරකට හෝ අත්සන් කර ඇත් නම්, ඒවා ක‍්‍රියාවේ යෙදවීම සඳහා නීතියේ දී සහ භාවිතයේ දී ගෙන ඇති පියවරයන් විස්තර කරමින් රජයන් සෑම දෙවසරකට ම වරක් වාර්තා ඉදිරිපත් කළ යුතු ය. අත හැර දමා ඇති (එනම්, තව දුරටත් නිතිපතා අධීක්ෂණයට ලක් නොවන) සම්මුතීන් හැර අනෙක් සියළු සම්මුතීන් සම්බන්ධයෙන් සෑම පස් වසරකට ම වරක් වාර්තා ඉදිරිපත් කළ යුතු ය. සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ වාර්තා ඊට වඩා කෙටි කාල වකවානු තුලදී ද ඉල්ලා සිටිය හැකි ය. රජයන් සිය වාර්තාවල පිටපත් සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන වෙත ඉදිරිපත් කළ යුතු ය. මෙම සංවිධානයන්ට රජයන් ඉදිරිපත් කළ වාර්තා පිළිබඳව අදහස් දැක්වීම් කළ හැකි ය; එමෙන් ම, සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ සිය අදහස් දැක්වීම් ඍජුව ILO වෙත ද යැවිය හැකි ය.

ILC committee in Action

1926 දී විශේෂඥ කමිටුව පිහිටුවන ලද්දේ අත්සන් කළ සම්මුතීන් පිළිබඳව රජයන්ගේ වාර්තා සංඛ්‍යාව වැඩි වෙමින් පැවතියෙන් ඒවා විමර්ශනය කිරීම සඳහා ය. වර්තමානයේදී මෙය කීර්තිමත් නීති විශාරදයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් තෙවසරක කාල සීමාවක් සඳහා පාලක මණ්ඩලය විසින් පත් කෙරේ. විශේෂඥයන් විවිධ භූගෝලීය ප‍්‍රදේශ, නීති පද්ධති සහ සංස්කෘතීන් නියෝජනය කරයි. කමිටුවේ කාර්ය භාරය වන්නේ ජගත් කම්කරු ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීමේ තත්ත්වය පිළිබඳව අපක්ෂපාතී සහ තාක්ෂණික අගැයීමක් සම්පාදනය කිරීම යි. 

ජගත් කම්කරු ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීම විමසුමට ලක් කරන විට විශේෂඥ කමිටුව දෙවර්ගයක අදහස් දැක්වීම් කරයි: එනම්, නිරීක්ෂණ Observations සහ ඍජු ඉල්ලීම් ය Direct Requests. නිරීක්ෂණ සමන්විත වන්නේ, රාජ්‍යයක් කිසි යම් සම්මුතියක් ක‍්‍රියාවේ යෙදවීමෙහිදී මතු වන මූලික ප‍්‍රශ්න පිළිබඳව කරන අදහස් දැක්වීම් වලිනි. කමිටුවේ වාර්ෂික වාර්තාව තුළ මෙම නිරීක්ෂණ ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. ඍජු ඉල්ලීම් අදාළ වන්නේ වඩා තාක්ෂණික ප‍්‍රශ්නවලට හෝ වැඩි දුර තොරතුරු සඳහා කරන ඉල්ලීම්වලට ය. ඒවා වාර්තාව තුළ ප‍්‍රකාශයට පත් නොකෙරෙන නමුත් අදාළ රජයන් වෙත ඍජුව සන්නිවේදනය කෙරේ. 

කමිටුවේ වාර්ෂික වාර්තාව කොටස් තුනකින් සමන්විත ය. I වන කොටස, සාමාජික රාජ්‍යයන් සිය ව්‍යවස්ථානුකූල බැඳීම්වලට ගරු කරන ආකාරය පිළිබඳ අදහස් දැක්වීම් ඇතුළත් සමස්ත වාර්තාවක් General Report අඩංගු කර ගන්නා අතර, කමිටුවේ නිරීක්ෂණ ඉස්මතු කර දක්වයි. II වන කොටස, ජගත් කම්කරු ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ නිරීක්ෂණ අඩංගු කර ගනියි. III වන කොටස වූකලි සමස්ත අධ්‍යයනයකි General Survey.

මුලාශ්‍රය: ජගත් කම්කරු සංවිධාන වෙබ් අඩවිය ආශ්‍රයන්

Chart 1