නිදේශන ක‍්‍රියා පටිපාටිය පාලනය වන්නේ ILO ව්‍යවස්ථාවේ 24 සහ 25 වගන්ති වලිනි. එමගින් සේවා යෝජකයන්ගේ හෝ සේවකයන්ගේ සංවිධානයන්ට, එනම් ”යම් කිසි රාජ්‍යයක් පාර්ශ්වකරුවෙකුව සිටින කවර හෝ සම්මුතියක සිය අධිකරණ බලසීමාව තුල කවරාකාරයක වන්නාවූ ඵලදායක පිලිපදිමකට ලක් කිරිමට අසමත්ව ඇතැයි ” තමන් සලකන ඕනෑම සාමාජික රාජ්‍යයකට එරෙහිව ILO පාලක මණ්ඩලය වෙත නිදේශනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ප‍්‍රදානය කරයි. නිදේශනය සහ රජයේ ප‍්‍රතිචාරය විමර්ශනය කිරීම සඳහා සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රෛපාර්ශ්වීය කමිටුවක් පිහිටුවීමට ඉඩ සලසා ඇත. කමිටුව පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන වාර්තාව පැමිණිල්ලේ නීතිමය සහ ප‍්‍රායෝගික පැතිකඩවල් ප‍්‍රකාශයට පත් කරයි, ඉදිරිපත් කර තිබෙන තොරතුරු විමර්ශනය කරයි, නිර්දේශවලින් අවසන් වෙයි. රජයේ ප‍්‍රතිචාරය සතුටුදායක නො වේ යැයි සැලකෙන අවස්ථාවල දී නිදේශනය සහ එයට ලද ප‍්‍රතිචාරය ප‍්‍රසිද්ධ කිරීමට පාලක මණ්ඩලයට අයිතිය ඇත. සාමාන්‍යයෙන් අංක 87 සහ 98 දරණ සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධ නිදේශන සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ කමිටුවේ විමර්ශනය සඳහා යොමු කරනු ලැබේ.

Final 2

මූලාශ්‍රය: www.ilo.org