විදේශ රැකියාවල නියුතු ඔබට පණිවිඩයක්..

විදේශ රැකියාවල නියුතු ඔබට පණිවිඩයක්..

විදේශ රැකියා වල යෙදෙන ඔබ වෙනුවෙන් නව සේවාවක් විගමණික සම්පත් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කර තිබේ.

විදේශ රැකියාවක යෙදෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වීසින් පැය24 පුරාම මෙම සේවාව ක්‍රියාත්මක කරයි.

විදේශ රැකියාවේදී ඔබට සිදුවන දුෂ්කරතා, හිරිහැර පිළිබදව විගමණික සම්පත් මධ්‍යස්ථානයේ පහත දැක්වෙන දුරකථන අංකයට, ෆැක්ස් අංකයට හා විද්යුත් තැපෑලට යොමු කරන මෙන් ඔවුන් ඔබෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක -

+94 11 2879900 

+94 11 2879901

+94 11 2879902

+94 11 2251367

+94 11 2251386

+94 11 2251148

ෆැක්ස් අංකය - +94 11 2251378

Email - Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.

එවැනි දුෂ්කරතා, කරදර හිරිහැර හා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක වීම සදහා ගමන් බලපත් අංකය හෝ ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය අනිවාර්ය වේ.

එමෙන්ම භාවිතා කරන දුරකථන අංකයක් සහා හෝ ශ්‍රී ලංකාවේ භාරකරුවෙකුගේ නම හා භාවිතා කරන දුරකථන අංකයක් තිබිමෙන් කඩිනමින් මෙම විශේෂ විගමණික සම්පත් මද්‍යස්ථානයට අදාළ කාරණය සම්බන්ධයෙන් මැදිහත් වීමට සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදාල නිලධාරීන් වෙතට දැන්වීමට මෙමගින් හැකිවනු ඇති බවට බලාපොරොත්තු වේ.

එබැවින් ඔබ විසින් විගමණික සම්පත් මධ්‍යස්ථානයට යොමු කරණ ජායාරුප ,හඩපට,හෝ විස්තර සමග පහත තොරතුරු අනිවාර්යෙන්ම සටහන් කරන ලෙස විගමණික සම්පත් මධ්‍යස්ථානය විදේශගතව සිටින ඔබෙන් ඉල්ලා සිටී.

• ගමන් බලපත් අංකය හෝ ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය,
• භාවිතා කරන දුරකථන අංකය,
• ශ්‍රී ලංකාවේ භාරකරුවෙකුගේ නම හා භාවිතා කරන දුරකථන අංකය

විදේශගතව සිටින ඔබ මේ පිළිබදව සැලකිලිමත් වී කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

වැඩබිම