දෙපයින් නැගී සිටීමට වෙරදරන වීරිය දරන
අභීත කාන්තාවනි
විටෙක ඔබ මවක්
විටෙක ඔබ බිරිඳක්
තවත් විටෙක ඔබ සහොදරියක්
තවත් විටෙක ඔබ නැගෙණියක්
තවත් මොහොතක සෙනෙහෙබර හිතවතියක්
නුඹට - මට කළ නොහැක්කක් නොමැත
උදාවන සූර්යා මෙන් අවධිවන ඔබ
හිරු හා සමානව දෙන ආලෝකය ද
ඒ හා සමානව
යම් විටෙක පතුරුවා රශ්මිය සේද
ප්‍රතිචාර දැක්විය හැකි වුවද
ඉර සේ නොසොල්මන්ව සිටින්නේ
නුඹ සතුව ඉවසීම, දයාව, කරුණාව නිහතාමනී බව
හෘදයාංගම බව නිසා නොවේද ?
දුක් පීඩා බාධක කම්කටොලු
මැද ජීවිතය ජයගන්න
උරෙන් උර ගැටෙන
කාන්තාවන් වෙනුවෙන්
ජාත්‍යන්තර කාන්තා දින සැරුමට
මගේ හෘදයාංගම සුභ පැතුම්
එක් කරමි.
මම
| දේවිකා කොඩිතුවක්කු
සභාපති
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය