අපිත් නිදහස ලැබූවන්…
නමුත්... නිදහස ලබා
වසරම හැත්තෑවක් ගෙවිලත්
තවම අප යටත් දංවැලක් සමඟම
අර්ථ වීරහිතව ජීවත් වන්නෙමු
නැගී සිට…
කෑ ගසා හඩ දී
අපවම නංවා ගන්න
සිතන සැම විටකම, අවසන
කුමක් හෝ සාමූහික ගිවිසුමක් සමග
අප විසින්ම වලක් හාරාගෙන
අපම සැමදා වැළලෙන්නෙමු.
මේ දේශයටත්
තේ වලටත්
ලේ බැදීම් ගොඩකි,
සැපක් නොදන්නා අපට මෙන්ම
තෘප්තියක් අහිමිවූ අපගේ ඥාතීන්ටද
අපේම “සංගමයන්” ද්‍රෝහී විය.
වෙහෙස මහන්සියෙන් වැඩකොට,
යන්තම් සිනහවක් මුව රඳවා ගත්තත් ,
රැකියාවෙන් සියවසක් සැමරූවත් …
තවමත් බත් පතකට, සොච්චම් වාසියකට
කොඩි ඔසවා ඝෝෂා නගනෙමු අප...
උප්පැන්නය, හැදුනුම්පත වෙනුවෙන්
රස්තියාදු වන්නෙමු ...
ඒ වෙනුවෙන් සන්තොසම්ද දෙන්නෙමු...
නමුදු සියල්ල තවම එලෙසමය...
නිදහස් සුළඟ -අපට
ස්වර්ගයේදී හෝ
එක් වරක්වත් සැපයක් සැනසුමක් ලබා දේවිද?
නැතහොත්
සාමූහික ගිවිසුමක්
එහිදිත් ඊට හරස් වේවිද ?
| නල්ලයියා චන්ද්‍රසේකරන්
මෙහි සාමුහික ගිවිසුම යනු වතු කම්කරුවනගේ වැටුප් හා ප්‍රතිලාභ සම්භන්ධව වතු පාලකයින් හා වතු වෘත්තීය සංගම් අතර ඇතිකරගන්නා ගිවිසුමකි.
(වතු කම්කරු ජනතාවගේ පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප කරවීම අරමුණු කරගනිමින් ප්‍රකාශයට පත් කරන මලෛග කාව්‍ය සරණිය " කහට සුවඳ කවි" කවි පොතිනි)