නොදැකපු කඳුළු

නොදැකපු කඳුළු

නූල් පොටකට දෙවෙනි නෑ දැන්

කේඩෑරි සිරුරේ

සළුව සරි නම් එච්චරයි උන්

නොදැක්කද ඒ

කඳුළු…

ඩොලර් කොළයට ඔට්ටු වී එයි

අපාදුක් වින්දේ

මැරුණු හීන හැර හිතක් නෑ දැන්

නොදැක්කද ඒ

කඳුළු…

| ශෂී ගලගොඩ