ආණ්ඩුවේ අලුත් බද්ද EPF, ETF ආදායමටත් අත තියයිද?

ආණ්ඩුවේ අලුත් බද්ද EPF, ETF ආදායමටත් අත තියයිද?

විසඳුම් සොයා ගැනීමට අසීරු සේ දිස්වන ආර්ථික අර්බුදයක ගිලී සිටින ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල

ආයෝජනයෙන් ලබන ආදායමට බද්දක් පැනවීමට ගෙන ඇති තිරණයට දිවයිනේ ප්‍රධානතම වෘත්තිය සමිති වල විරෝධය පළ වී තිබේ.

 වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන 21 කින් සමන්විත ''පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය'' පෙන්වා දෙන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ගණනය කරනු ලබන 2020 අප්‍රේල් මස 01 වැනි  දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම රුපියල් මිලියන දෙදහසක් ඉක්මවනු ලබන පුද්ගලයන්, ව්‍යාපාර සහ සමාගම් වලින් බදු අයකළ හැකි ආදායම මත 25% ක අධිභාර බද්දක් පැනවීමට රජය විසින් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

එම අධිභාර බද්ද පෞද්ගලික විශ්‍රාම වැටුප් අරමුදල්, වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු අරමුදල්, වෛද්‍යාධාර අරමුදල් මෙන්ම සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුත්තීන්ගේ අරමුදල ඇතුලු සියලු සමාජ ආරක්‍ෂණ අරමුදල් සඳහාද බලාත්මක කෙරෙන බවට තමන් වෙත වාර්තා වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

එම  මධ්‍යස්ථානයේ සම කැදවුම්කරුවන් වන සිල්වෙස්ටර් ජයකොඩි හා රන්ජන් සේනානායක යන වෘත්තිය සමිති නායකයන් දෙදෙනාගේ අත්සනින් යුතුව පෙබරවාරි 11 වැනි සිකුරාදා නිකුත් කර තිබෙන නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල 1958 වසරේදී විශේෂ පනතක් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අර්ථ ලාභය වෙනුවෙන් පිහිටුවනු ලැබු අරමුදලක් වන අතර එවැනි සමාජ ආරක්‍ෂණ අරමුදල් සඳහා සේවකයා මෙන්ම සේවා යෝජකයා විසින්ද ඒකාබද්ධ දායකත්වය ලබා දෙන බවයි.

''සේවක අර්ථ සාධක අරමුදල කම්කරු කොමසාරිස්වරයා යටතේ පූර්ණ අධීක්‍ෂණය කෙරෙන අතර අරමුදලේ මූල්‍ය කළමනාකරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් සිදුකෙරේ. අරමුදලේ හිමිකාරිත්වය සාමාජිකයින් සතුවන අතර සිදුකරන ආයෝජන වලින් 90% ක්ම රාජ්‍ය මූල්‍ය ආයතන තුළ සිදුකරනු ලබයි.''

 සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු  මෙම සියලු සුබ සාධක හා සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් දැනටමත් රජය විසින් බදු අයකර ගැනීමක් සිදුකරන අතර අරමුදලට දායක වන ශ්‍රමිකයන් සිය සේවා කාලය තුළදීද, සේවයෙන් විශ්‍රාම ගිය පසුවද විවිධ අයුරින් බදු ගෙවීම් වලට යටත් වේ.

 සියලු පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති වක්‍ර බදු වලට අමතරව 14% ක ආදායම් බද්දක් මෙම අරමුදලේ ඉතිරිය ආපසු ලබාගැනීමේදී ද අයකරනු ලබයි.

ඉතාම සොච්චම් වැටුපකට හිමිකම් කියන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අර්ථ ලාභයෙන් උපයන යම් මුදලක් වේ නම් එය රජය විසින් හඳුන්වාදීමට යන නව අධිභාර පනත මගින් 25% ක බද්දකට යටත් කිරීමට නිර්දේශ කර තිබීම බලවත් අපරාධයක් ලෙස පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

''රාජ්‍ය සේවක විශ්‍රාම වැටුපටද එම අනුවේදනීය ඉරණම අත්වීමට නියමිත අතර ජීවන බරින් මිරිකී සිටින වැඩකරන ජනතාව ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කර සිය අනාගතය පිණිස, දුවාදරුවන්ගේ යහපත පිණිස ඉතිරි කර ගන්නා එම මුදලට මෙලෙස බදුපිට බදු ගැසීම මානුෂීය නොවන ක්‍රියාදාමයක් ලෙස සලකමු.''

 බොහෝ විදේශීය රටවල පවා සමාජ ආරක්‍ෂණ අරමුදල් සියලු ආකාරයේ ආදායම් බදු වලින් පූර්ණ වශයෙන් නිදහස් කොට ඇත.

 සමාජ ආරක්‍ෂණයේ ඇති වටිනාකම මෙන්ම ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් කැපවෙන බවට ප්‍රතිඥා ලබාදෙමින් ජනතාවගේ ජනවරමින් බලයට පැමිණි රජයක් ලෙස එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු වෙනුවට මෙවැනි විනාශකාරී තීන්දු ගැනීම අතිශය කණගාටුදායක බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති.

 එසේම පවතින සෞඛ්‍යමය ගැටලු හා සකලවිධ ආර්ථික පසුබෑම් තුළ රටේ වැඩකරන ජනතාව මෙන්ම සෑම ජන කොටසක්ම මේවන විට දැඩි අපේක්‍ෂාභංගත්වයකට පත්ව ඇති අතර රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් මේ අයුරින් අධිභාර බද්දක් අයකර ගැනීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි සිය නිවේදනය මගින් ඔවුන් වැඩි දුරටත්  අවධාරණය කර ඇත්තේ.

රාජ්‍ය හා පෞද්ගලික ශ්‍රම බලකාය රටේ සංවර්ධනයේ ප්‍රධාන නියමුවන් වන අතර එම අඩිතාලම බිඳ වැටුනහොත් තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් අනාගත පුරෝකථනයන් සිදුකිරිම ඉතා අසීරු වනු ඇති  බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයන් තව දුරටත් පෙන්වා දෙන්නේ එසේම රටේ යහපැවැත්ම වෙනුවෙන් රජයක් ලෙස සැමවිටම මහජනතාවගේ පැත්තේ හිඳිමින්, ඔවුන්ගේ සමාජ සුරක්‍ෂිතභාවය තහවුරු වන පරිදි තීන්දු තීරණ ගැනිම සිදුකළ යුතු බවයි.

''එබැවින් මෙම නව අධිභාර බදු පනත් කෙටුම්පත මගින් අසරණ සේවකයන්ගේ සමාජ ආරක්‍ෂණ අරමුදල් තවදුරටත් අවදානමකට පත් නොකර, එම 25% ක අධිභාර බද්ද, සුභ සාධක හා සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් අය නොකිරීමට කටයුතු කරන ලෙසට අප රජයේ සියලු වගකිවයුතු පාර්ශව වෙත දන්වා ඇත.''

 එසේ නොවන්නේ නම් මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල් සුරක්‍ෂිත කරගැනීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් සමගින් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යොමුවීම   කටයුතු කරන අතර ඒ සඳහා සහාය ලබාදෙන පොදු මහජනතාවගෙන් හා සියලු මාධ්‍ය ආයතන වෙතින් ද පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ලෙස  හෝදරාත්මකව ඉල්ලා සිටි.

 ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය,  ලංකා වතු සේවා සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් කම්කරු සම්මේලනය,  තැපැල් හා විදුලි සංද්ශ නිලධාරීන්ගේ සංගමය,  ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය, එක්සත් පොදු සේවා සංගමය, වාණිජ හා කාර්මික සේවක සංගමය, රක්ෂණ සේවක සංගමය,  තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, දුම්රිය ‍ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ටෙලිකොම් ඉංජීනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය,  ආහාරල බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය, ස්වාධීන තටාක සේවක සංගමය,  ජාතික නිදහස් වෘත්තීය සමිතිය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය,  PEOTECT සංගමයෙන් පොදු දේපල හා මානව හිමිකම් සුරකීමේ මධ්‍යස්ථානය සමන්විතය.

කම්කරු ඇමැතිගේ ප්‍රතිචාරය

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ආයෝජනයෙන් ලබන ආදායම මුල්‍යමය ආදායමක් සේ සලකා බදු ගෙවීමට සුදානම් නොමැති  බවයි.

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙබරවාරි 9 වැනිදා පාර්ලිමේතුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අරමුදල් ආයෝජනයෙන් ලබන අදායම මුල්‍යමය අදායමක් සේ දේශීය අදායම් කොමසාරිස් අර්ථ  නිරූපණය කිරීම පිළිබඳ තමන් විරුද්ධත්වය පළ කළ බවය.

 ''මේක මේ ගැසට් එකෙන් විතරක් ආපු එකක් නෙමෙයි. මීට පෙර ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් අර්ථ නිරූපණයක් කරලා තියෙනවා EPF, ETF වල මුදල්වලින් කෙරෙන ආයෝජනවලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආදායමක් හැටියට එන නිසා ඒකට බද්දක් ගෙවන්න ඕන කියලා. නමුත් අපේ අමාත්‍යාංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. ඒක වැරදියි.. දැන් මාස ගාණක් තිස්සේ අපි ඒක දන්වලා තියෙනවා. ඒක අපේ ස්ථාවරය.''

''ආදායම් බදු කොමසාරිස්තුමා අපෙන් ඉල්ලලා තියෙනවා මේක ගෙවන්න කියලා. අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා.'' අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩි දුරටත් පවසා තිබුනි.

 

එහෙත් පසුගිය කාලසීමාව මුළුල්ලේ අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරත ඇතැම් අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී වෛද්‍යවරුන්ගේ බොහෝ වෘත්තීය සමිති ව්‍යාපාර පවා වෛද්‍යවරුන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හෝ මානව හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම  වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව ඉතා පැහැදිලි ය. පෙනෙන්නට තිබු අවස්ථා ගනණාවකදී ම දිගින් දිගට ම වෛද්‍යවරුන්ගේ කායික සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටෙන සිදුවීම් ගණනාවක්ම සිදුවෙද්දී ප්‍රාදේශීය වශයෙන් සේවය කරන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන්ට රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට නොහැකි වූ පරිසරයක් නිර්මාණය වෙද්දී ද ඇතැම් වෘත්තීය සමිති පෞද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර ඉතා විශාල වශයෙන් විරෝධතාවන් බිහි වෙමින් තිබෙන යුගයක දී අදාළ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා සහ ඉල්ලීම් මත මෙම ඉතා ශක්තිමත් වෘත්තීය සමිති සන්ධානය ගොඩනැඟූ බව ඔබට සිහිපත් කරමු කැමැත්තෙමු.

බොහෝ අවස්ථාවලදී වෘත්තිය සමිති ව්‍යාපාර වෘත්තීය සමිති නායකයාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත මෙහෙයවන ස්ථානයක් බවට පත්වීම නිසා එය නියෝජනය කරන සාමාජිකයන්ගේ අයිතිවාසිකම් නොසලකා හරින ලද අවස්ථාවන් ක්‍රමානුකූලව වැඩි වර්ධනය වෙමින් පවතින බව අපගේ නිරීක්ෂණය යි. එක් පැත්තකින් වෘත්තීය සමිතිය නියෝජනය කරන සාමාජිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් බිඳවැටීම් දිගින් දිගටම සිදුවන අතර අනෙක් අන්තයෙන් නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රධාන බල කණුවක් වන රෝගී සත්කාර සේවා ලබාගන්නා සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් බිඳවැටීම සම්බන්ධයෙන් කිසිවකු හඬ නොනැගීම ඉතා කණගාටුදායක තත්වයකි.

මෙවන් තත්ත්වයක් තුළ වෘත්තීමය විෂය පථය තුළ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් අනෙක් අන්තයෙන් රෝගී සත්කාර සේවා ලබාගන්නා වූ ජනතාවගේ රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් මෙම කණ්ඩායම් දෙක අතර පාලමක් ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අද පවතින තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීම සඳහා ඉතා සක්‍රිය වැඩපිළිවෙළක් ගොඩනැගීම සඳහා අප වෘත්තීය සමිති සන්ධානය කැපවී සිටින බව අවධාරණය කරනු කැමැත්තෙමු.

1965 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ආර්ථික සහ සමාජ දර්ශකවල ඉතා ඉහළ තලයක පවතිද්දී ඉතා පහළ තලයක පැවැති සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, චීනය, හා  ජපානය ඇතුළු බොහෝ රටවල් 2000 වර්ෂය වන විට ශ්‍රී ලංකාව අභිබවා ගිය අන්දමට ම  අප අපගේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් මීට වඩා දැඩි සැලකිල්ලක් නොදක්වන්නේ  නම් තවත් වසර පහළොවක් විස්සක් පමණ ගත වූ පසුව අපට සතුටු විය නොහැකි සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ශේෂ වී පැවතිය හැකි බව අපගේ නිරීක්ෂණයයි. අප අවධාරණය කරනු ලබන්නේ අපේ රටේ සෞඛ්‍ය සේවය විසි එක්වන සියවසට ගැලපෙන පරිදි නවීකරණය වීම සඳහා වහ වහා නව ප්‍රතිපත්ති සකස් වීම සිදුවිය යුතු බවයි. එහෙත් අවාසනාවට මෙන් අපගේ නිරීක්ෂණය නම් පසුගිය දශක කිහිපයක කාලයක් මුළුල්ලේ ම අපගේ සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපත්ති සකස් වීමේ දී නවමානයන් කෙරෙහි ඉතා අඩු අවධානයක් යොමු වී ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටින සමාජ ආර්ථික අර්බුදය සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගමන් මග සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ලබාගන්නා පරිපාලන තීන්දු තීරණ වලට ඉතා ඉහළ තත්ත්වයක් හිමිවිය යුතු නමුත් පසුගිය කාලසීමාව තුළ ගනු ලැබූ බොහෝ තීරණ වල විද්‍යානුකූලභාවය සහ විනිවිදභාවය ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්ව ඇත.  විශේෂයෙන්ම රෝගී සත්කාරක සේවා කටයුතු සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ වලදී පවා ඇතැම් තීරණවල විද්‍යානුකූලභාවය ප්‍රශ්න සහගත බව අපගේ නිරීක්ෂණය යි.

විද්‍යානුකූල පසුබිමක් මත විනිවිද පෙනෙනසුළු තීන්දු තීරණ ගැනීමට හැකියාව පවතිද්දී ඇතැම් වෘත්තීය සමිති ව්‍යාපාරවල දැඩි බලපෑම් මත හෙවත් වෘත්තීය සමිති මාෆියාවේ ක්‍රියාකාරීත්වය නිසා ද ඇතැම් ඉහළ නිලධාරීන්ගේ නිලධාරිවාදී ක්‍රියාකාරීත්වය හෙවත් නිලධාරිවාදී මාෆියාව නිසා ද දේශපාලන බලපෑම් හෙවත් දේශපාලන මාෆියාව නිසා ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන යහපැවැත්ම දැඩි ලෙස අනතුරට ලක්ව ඇති බව අපගේ මතයයි.

ඇතැම් වෛද්‍ය නිලධාරිවරුන් හෝ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ඔබ වෙත මේ දක්වා ලැබී ඇති තොරතුරු සහ විනය කටයුතු සම්බන්ධයෙන් ඔබගේ පසුවිපරම් කටයුතු වලින් ලද නිරීක්ෂණ මත කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින අතර ඉදිරි කාලයේ දී අප විසින් එසේ චෝදනා එල්ල වී ඇති වෛද්‍ය නිලධාරීන්  සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ හෙළි කිරීමට බලාපොරොත්තු වන බැවින් එසේ හෙළිදරව් කිරීමෙන් අදාල නිලධාරීන් පෞද්ගලික ව පත් වන අපහසුතාවයන් සම්බන්ධයෙන් වෘත්තීමය සමිති ව්‍යාපාරයක් ලෙස අප විසින් වගනොකියනු ලැබේ.

වෘත්තීයති සමිති ව්‍යාපාරයක් ලෙස වෛද්‍යවරුන්ගේ මූලික අයිතිවාසිකම් සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නමුත් කුමන හේතුවක් නිසාවත් චෝදනා එල්ල වන වෛද්‍යවරුන් හෝ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් හෝ පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන අතර කොන්දේසි විරහිත ව අදාළ නිලධාරීන්ට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස හඬ නැගීමටත් ඔවුන් ජනතාව හමුවේ හෙළිදරව් කිරීමටත් අප පසුබට නොවන බව යළිත් අවධාරණය කර සිටින්නෙමු.

ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා ලෙස ඔබ ගනු ලබන තීන්දු තීරණ වල විනිවිදභාවය සහ පාරදෘශ්‍යභාවය ගැන ඉතා දැඩිව අවධානයෙන් පසුවන අතර එවැනි තත්ත්වයන් බිඳ වැටෙන සෑම අවස්ථාවකදී ම වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ඒ සම්බන්ධ ව හඬ නැගීමට පසුබට නොවන බව ද අවධාරණය කර සිටිමු.

වර්තමානය වන විට රෝගී සත්කාරක සේවා ලබා ගන්නා හෙවත් රෝගී සත්කාරක සේවා වෙත ළඟා විය හැකි රෝගීන් ප්‍රමාණය, වැඩි වර්ධනය වන වෛද්‍ය ප්‍රතිකාර වල ගුණාත්මකභාවය, එකිනෙකට වෙනස් වෛද්‍ය ප්‍රතිකාර හා නව අංගවලින් සමන්විත වෛද්‍ය ප්‍රතිකාර සේවා රෝගී සත්කාර සඳහා එකතු කිරීම මෙන්ම රෝගීන්ටත් දැරිය හැකි මිලකට ප්‍රතිකාර ලබාගත හැකිවන පරිදි සෞඛ්‍ය ආර්ථික විද්‍යානුකූල ප්‍රවේශයක් අලුතින් හඳුන්වා දීම වැනි කරුණු කෙරෙහි අවධානය ලක්වියයුතු බව අපගේ විශ්වාසය යි. එසේම සෞඛ්‍ය අංශයේ භෞතික සම්පත් වර්ධනයට සමගාමීව හා ඊට වඩා වැඩි ප්‍රවණතාවයක් මානව සම්පත ප්‍රවර්ධනය සඳහා ද සියලූ සෞඛ්‍ය සේවකයන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමත් අපගේ රටේ සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරගත කිරීම සඳහා අදාල විෂය පථයන් සමඟ සාකච්ඡා කොට නව මානයන් සෞඛ්‍ය සේවයට එකතු කිරීම කෙරෙහි වන විෂයානුබද්ධ කරුණු සම්බන්ධයෙන් ඉතා සක්‍රීය ලෙස දායක වීමට බලාපොරොත්තුවන අතර සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති ව්‍යාපාරයක් ලෙස වෛද්‍යවරුන් සම්බන්ධයෙන්ද සෞඛ්‍ය සේවයේ අනාගතය සම්බන්ධයෙන් ද ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යයන්හිදී ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අපට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

(the leader)