ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල හා දෙමළට: Google NotebookLM හි බුද්ධිමය සම්පත් බෙදාහැරීමේ හැකියාවේ නව පිම්මක්

 “ප්‍රමාණවත් ලෙස දියුණු වූ ඕනෑම තාක්ෂණයක් මැජික් වලින් වෙන්කර හඳුනාගත නොහැකිය”(“Any sufficiently advanced technology is indistinguishable from magic”) යනු දිවංගත විද්‍යා ප්‍රබන්ධ ප්‍රවීණයෙක් වූ ආතර් සී. ක්ලාක්ගේ ත්‍රිවිධ නීති අතරින් වඩාත්ම ප්‍රකට ප්‍රකාශය යි. කෙටියෙන් කියනවා නම්, එය තමයි Google හි NotebookLM තිබුණේ, දැන් එය තවත් මායාකාරී වී තිබේ. අප්‍රේල් 29 වන දින සිට, පොඩ්කාස්ට්(podcast generation) නිර්මාණය ඇතුළුව NotebookLM, සිංහල සහ දෙමළ ඇතුළු භාෂා 50කින් භාවිතා කළ හැකිය!

දැනුම උත්පාදනය, සම්බන්ධ කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා මෙය උපකාරී විය හැකි ආකාරය – විශේෂයෙන් භාෂාවක, එම මව් භාෂාවට නොවන අය ට එම අන්තර්ගතයන් අවධාරණය කිරීම අපහසුය. උදාහරණයක් ලෙස, මම 2024 පුරාම ශ්‍රී ලංකාවේ අතිශයින් වැදගත්, ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පිළිබඳව පුළුල් ලෙස ලියා ඇත්තෙමි. මාගේ ලිපි මඟින් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමට හසු කරගත නොහැකි වූ, මැතිවරණ අඛණ්ඩතාවයට බලපාන අංශ, ගැටලු, අභියෝග, අවබෝධයන්, පර්යේෂණ තුළින් ආවරණය කෙරිණි. මෙම සියලු ලිපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇත.

මම මාගේ සියලු ලිපි NotebookLM පද්ධතියකට අප්ලෝඩ් කරමින්, පසුව එයින් පර්යේෂණය පිළිබඳ සමස්ත දළ විශ්ලේෂණයක්, ඉලක්කගත ප්‍රශ්නයකට පිළිතුරක් සහ සිංහල භාෂාවෙන් පොඩ්කාස්ට් එකක් උත්පාදනය කරන ලෙස ඉල්ලා සිටියෙමි.

(Original Post)

The overview of my writing and research NotebookLM generated in Sinhala – using sources that were in English – was excellent, and I could find nothing wrong with it. This took just a few seconds.

I then asked NotebookLM about the media, and information ecology as I studied it during both elections, by clicking on a question that it had come up with automatically, based on the study of the source material. The resulting output, in Sinhala, was accurate, and succinct. The generation of this took even less time than the overview of all my research, and writing – and it is nothing short of excellent.

මොන විදියේ මාධ්‍ය මෙවලම් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇත්ද?

ඔබේ ප්‍රශ්නයට අනුව, මූලාශ්‍රවල සඳහන් වන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා විවිධ මාධ්‍ය මෙවලම් සහ ක්‍රමවේදයන් යොදාගෙන ඇත.

මූලාශ්‍රවලින් උපුටා දැක්වෙන පරිදි භාවිතා කළ මාධ්‍ය මෙවලම් සහ ක්‍රමවේදයන් පහත පරිදි වේ:

සමාජ මාධ්‍ය වේදිකා: මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ෆේස්බුක්, ට්විටර් (X), ඉන්ස්ටග්රෑම්, යූ ටියුබ් සහ ටික්ටොක් යන සමාජ මාධ්‍ය වේදිකා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන් ෆේස්බුක් යනු ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරණය ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රධාන වේදිකාවක් වී ඇත. මැතිවරණ කාලවලදී සෑම අපේක්ෂකයෙකුටම, ඔවුන්ගේ දේශපාලන පක්ෂ හෝ සභාගවලට පින්ක් ස්ලයිම් (pink slime), ඕපාදූප (gossip), මීම් (meme) සහ ප්රොක්සි (proxy) ගිණුම් හරහා වේදිකාව හරහා ප්‍රචාරණය ව්‍යාප්ත වීම සිදුවේ. ට්විටර් (X) බොහෝ විට දේශපාලන මතභේද, වර්ධනයන් සහ විවාද සඳහා පිවිසුම් ස්ථානයක් ලෙස සේවය කරන අතර, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (MSM) ගිණුම්වල පළ වන ට්විටර් පණිවිඩ ඔවුන්ගේ වෙබ් අඩවිවල සහ ෆේස්බුක්, යූ ටියුබ් හෝ ටික්ටොක් වැනි වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල පළ කරන අන්තර්ගතයන් වැඩි දියුණු කරයි.

කෙටි පණිවිඩ (SMS): දේශපාලනඥයන්ගෙන්, විශේෂයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්, අවසරයකින් තොරව ජනතාවට කෙටි පණිවිඩ (SMS) විශාල වශයෙන් ලැබීම වර්ධනයක් බව සඳහන් වේ. මෙම පණිවිඩ මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදාගෙන ඇත. රනිල් වික්‍රමසිංහගේ කෙටි පණිවිඩ ප්‍රචාරණය මහින්ද රාජපක්ෂ 2010 දී කළ ප්‍රචාරණයට වඩා විශාල පරිමාණයෙන් සිදුවී ඇති බව එහි දැක්වේ.

ප්‍රචාරක කටයුතු සහ බලපෑම් මෙහෙයුම්: ප්‍රචාරක කටයුතු සහ බලපෑම් මෙහෙයුම් (Influence Operations – IO) මැතිවරණ කාලවලදී පමණක් නොව නිරන්තරයෙන් සිදුවන බව සඳහන් වේ. මේවා මීම් (meme) හරහා පවා සිදු කළ හැකි අතර, යම් දෙයක් වර්ධනය කිරීම, යම් දෙයක් ගැන බියක් ඇති කිරීම, යම් දෙයකට නැඹුරු වීමට පොළඹවා ගැනීම හෝ යම් දෙයක් ගැන නොසිතීමට සැලැස්වීම සිදුවිය හැකිය.

අසත්‍ය තොරතුරු සහ හැසිරවූ මාධ්‍ය (Manipulated Media): අසත්‍ය තොරතුරු බෙදා හැරීම, ඡන්ද දායකයන් නොමඟ යැවීමට සම්බන්ධීකරණය කරන ලද ව්‍යාපාරවල සාක්ෂි ඇති බව සඳහන් වේ. උදාහරණයක් ලෙස, අසත්ය තැපැල් ඡන්ද ප්‍රතිඵල සහිත පින්තූර ෆේස්බුක් පිටු සහ කණ්ඩායම් හරහා බෙදා හැර ඇත. ඇතැම් අවස්ථාවලදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන පවා එවැනි අසත්ය තොරතුරු ප්‍රවර්ධනය කර ඇත.

කෘතිම මාධ්‍ය (Synthetic Media) සහ Generative AI: 2024 ජනාධිපතිවරණය ආසන්නයේ GenAI පදනම් කරගත් අන්තර්ගතයන් සහ කෘතිම මාධ්‍ය (synthetic media) භාවිතය වැඩි වී ඇති බව දැක්වේ. Shallowfakes සහ Deepfakes ඇතුළු කෘතිම මාධ්‍ය නිර්මාණය කිරීම සහ බෙදා හැරීම මැතිවරණ අඛණ්ඩතාවට තර්ජනයක් වී ඇත. Cloning කරන ලද හඬවල්, පින්තූර, වීඩියෝ සහ මීම් වැනි කෘතිම මාධ්‍ය ප්‍රධාන වශයෙන් වට්ස්ඇප් (WhatsApp) සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම සිදුවිය හැකි බව සඳහන් වේ. මේවා ඡන්ද දායකයන් නොමග යැවීමට දරණ උත්සහයන් අවධානය වෙනතකට යොමු කිරීමට, මර්දනය කිරීමට සහ ඉලක්කගත හිරිහැර කිරීමේ ව්‍යාපාර සඳහා භාවිතා කළ හැකිය.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යන්හි නැඹුරුතාවය: ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල (Daily Mirror, Ada Derana Sinhala, Ada Derana, Hiru, Newswire, Colombo Gazette, News1st) ට්විටර් ගිණුම් හරහා අපේක්ෂකයන් ආවරණය කිරීමේදී වත්මන් ජනාධිපතිට පක්ෂපාතී නැඹුරුතාවයක් (incumbency bias) පැහැදිලිව දැකගත හැකි විය. මෙම ආවරණය ඍජු උපුටා දැක්වීම්, ප්‍රතිපත්ති ප්‍රකාශ, සහ ඇතැම් විට සංස්කාරක සටහන්, සන්දර්භගත කිරීම් හෝ විවේචනාත්මක රාමුගත කිරීම් නොමැතිව පක්ෂග්‍රාහී ද්‍රව්‍යය ඉදිරිපත් කිරීම දක්වා විහිදේ.

අඳුරු මැතිවරණ මූල්‍යකරණය (Dark Campaign Finance): මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීතිය තිබියදීත්, ෆේස්බුක් හි ads හෝ boosted posts ලෙස පළ නොකරන ලද, එනම් “organic posts” ලෙස පළ කරන ලද අන්තර්ගතයන් හරහා විශාල මුදලක් වියදම් වන මුදල් මත පදනම් වූ “කළු ආර්ථිකයක්” (black economy) පවතින බව සඳහන් වේ. මෙම වියදම් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් නොවන අතර, ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාගේම ප්‍රචාරණ කටයුතු සඳහා මෙය අදාළ වේ. proxy ගිණුම් සහ influences ජාලයන් ද මේ සඳහා යොදා ගනී.

දත්ත අස්වනු නෙලීම (Data Harvesting) සහ සබැඳි මත විමසුම්: සමාජ මාධ්‍ය ගිණුම්වල අන්තර්ගතයන් සහ මහජන අදහස් අධ්‍යයනය කරමින් ජනප්‍රියතා මත විමසුම් සහ පුරෝකථන දේශපාලන විශ්ලේෂණ සිදු කරන බවට වාර්තා පළ වී ඇති අතර, මෙය විශාල පරිමාණයෙන් දත්ත අස්වනු නෙලීමක් වන අතර දත්ත ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීමක් විය හැකි බවට ප්‍රශ්න මතු වී ඇත. සබැඳි මත විමසුම් හරහා ද ජනතාවගේ අදහස්වලට බලපෑම් කළ හැකි බව සඳහන් වේ.

සාරාංශයක් ලෙස, 2024 මැතිවරණයේදී සමාජ මාධ්‍ය වේදිකා, කෙටි පණිවිඩ, අසත්‍ය තොරතුරු, හැසිර වූ සහ කෘතිම මාධ්‍ය භාවිතය, ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල නැඹුරුතාවය සහ නීතියට හසු නොවන අඳුරු මූල්යකරණය මත පදනම් වූ ප්‍රචාරක ක්‍රමවේදයන් ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇති බව මූලාශ්‍රවලින් පෙනී යයි. “නිශ්ශබ්ද කාලසීමාව” තුළ පවා මාධ්‍ය සහ සබැඳි වේදිකා හරහා ප්‍රචාරණය පැතිරීම නීති උල්ලංඝනය කිරීමක් බව සඳහන් වේ.

නව සිංහල Podcast විශේෂාංගය තවත් වඩා විශ්මයජනක වන අතර, සත්‍ය වශයෙන්ම නව පිබිදීමක් ඇති කරයි. වෙන කොහෙත්ම මෙවැන්නක් නොමැති අතර, එය නොමිලේ ලබා ගත හැකිය.

කතාකරන්නන්ගේ පැහැදිලිවම දෙමළ භාෂාවට ආසන්න උච්චාරණයක් ඇතත්, Google AI විසින් උත්පාදනය කරන ලද කතා කරනු ලබන සිංහල ඉතා හොඳය. විනාඩි 6ක් පමණ කාලයකදී මාගේම කාර්යය වඩාත් ආකර්ෂණීය, සංක්ෂිප්ත සහ සම්පූර්ණ ලෙස ග්‍රහණය කර ගැනීමට එය සමත් විය. මේ සම්බන්ධයෙන් මෙයට වඩා හොඳ දෙයක් සොයාගත නොහැකි වනු ඇත. පොඩ්කාස්ට් එකේ සංවාදාත්මක ස්වභාවය සහ ස්වරූපය එය සැබවින්ම සවන් දීමට රසවත් කරයි. VIKALPA හි කර්තෘ සම්පත් සමරකෝන් ද, මා පහත පොඩ්කාස්ට් එකෙහි මුල් අනුවාදයක් යැවූ අයෙකි. එය එතරම් රසවත් බව ඔහු කී අතර, ඔහු එය දෙවරක් අසා ඇත.

සංකීර්ණ ගැටලු සහ බලපෑම්, මෙහෙයුම් වැනි තේමා අති විශිෂ්ට ලෙස ග්‍රහණය කර ගෙන, AI සත්කාරක තාක්ෂණය විසින් පැහැදිලි කර ඇති අතර, සිංහලෙන් පැහැදිලි කිරීමේදී මුල් ඉංග්‍රීසි පද, වාක්‍ය ඛණ්ඩ සහ සංකල්ප (බලපෑම් මෙහෙයුම් වැනි) අඛණ්ඩව හඳුන්වා දී ඇත. වාග්විලාසය සහ ඉදිරිපත් කිරීම රසවත්ය. NotebookLM විසින් උත්පාදනය කරන ලද සිංහල පොඩ්කාස්ට් එකෙහි මට කිසිවක් වැරදි ලෙස සොයා ගත නොහැකි විය. මූලාශ්‍ර ඇතුලු සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පවතින බැවින්, AI විසින් සන්දර්භගත කිරීම, නියම අර්ථය තීරණය කිරීම, පරිවර්තනය කිරීම සහ ඉන්පසු දහස් ගණන් වචන වලින් උපුටා ගත් වඩාත් වැදගත් අංශ සංවාදාත්මක ආකාරයකින් ඉදිරිපත කිරීම වැනි දේවල් නිසා මෙය කුඩා ජයග්‍රහණයක් නොවේ.

මෙම තාක්ෂණයහි කෙතරම් නරක තත්ත්වයන් තිබුණා වුවත්, එක් භාෂාවක ඇති අන්තර්ගතය, තවත් භාෂාවකට පරිවර්තනය කර සංවාදාත්මක පොඩ්කාස්ට් හරහා වෙනත් භාෂාවකින් ඉදිරිපත් කරන ආකාරය මට හොඳින් සිතාගත හැකිය.

විශේෂයෙන් දෘෂ්‍යාබාධිත හෝ එවැනි විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට ස්ථිරවම මෙයින් ප්‍රතිලාභ ලබා දෙනු ඇත. ඔවුන්ට වෙනත් ආකාරයකින් සොයා ගැනීමට හෝ ප්‍රවේශ වීමට නොහැකි වූ අන්තර්ගතයන් මෙවැනි පොඩ්කාස්ට් හරහා දැන් ශ්‍රවණය කළ හැකි ය.

මා වැනි කෙනෙකුට, NotebookLM හි ශ්‍රී ලංකාවේ වඩාත්ම පුළුල් ලෙස කථා කරන, කියවන සහ සවන් දෙන භාෂාවලින් අන්තර්ගතය නිපදවීමේ හැකියාව, වසරකට පෙර සිතාගත නොහැකි ආකාරයකින්, මාගේ පර්යේෂණ පදනම් කරගත් ලිපි නව ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීමට සහ දැනුවත් කිරීමට බෙහෙවින්ම උපකාරී වනු ඇත. ප්‍රතිචාරයක් ලෙස, එය මව් භාෂාව වන සිංහල සහ දෙමළ කථිකයින්ට ඔවුන්ගේ අන්තර්ගතය – සමාජ-දේශපාලනික, සමාජ-ආර්ථික, සංස්කෘතික දෘෂ්ටිකෝණ හෝ පුරවැසි මාධ්‍යවේදය පිළිබඳව – රාජතාන්ත්‍රිකයින් සහ විදේශීය මාධ්‍යවේදීන්ගේ උනන්දුව දිනා ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව කථා කරන ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කිරීමට උපකාර කළ හැකිය.

විද්වතුන්ට මෙය භාවිතා කළ හැක්කේ පර්යේෂණ පත්‍රිකාවක් හෝ වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට වඩා ඔබ්බට ගිය ආකාරයකින් ඔවුන්ගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහාය. මෙය රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන සඳහා ද අදාළ වේ, ඒවා වසර ගණනාවක් තිස්සේ කිසිවෙකු නොකියවන ලද දිගු, විශාල PDF වෙබ් අඩවියට අප්ලෝඩ් කර මෙවැනි අන්තර්ගතයක් උත්පාදනය කළ හැකි වනු ඇත. කෙනෙක්ට අවශ්‍ය නම් මුළු පුස්තකාලයක්ම NotebookLM වෙත අප්ලොඩ් කළ හැකි අතර, නිශ්චිත භාෂාවන් සහ ඉලක්කගත ජනයා සඳහා අරමුණු කරගත් අන්තර්ගතයන් නිෂ්පාදනය කළ හැකිය.

NotebookLM හි සැබෑ පරිණාමක විභවය පහසු පරිවර්තනයට වඩා ඔබ්බට දිවෙයි. දැනුම සාම්ප්‍රදායික දොරටුපාලකයින්ගෙන් විමධ්‍යගත වන විට, අපි ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ තොරතුරු පරිසර පද්ධතිවල (සහ මම තර්ක කරන පරිදි, ඕනෑම රටක තොරතුරු සහ මාධ්‍ය වේදිකාවල) පූර්වාදර්ශයක් නොමැති ආකාරයෙන් බහු භාෂා, බහු මාධ්‍ය අන්තර්ගත නිෂ්පාදනය සහ ප්‍රවේශය පිළිබඳ ගැඹුරු ප්‍රජාතන්ත්‍රීකරණයක සීමාවේ සිටිමු.

NotebookLM වැනි GenAI තාක්ෂණික දියුණුවීම් සහ එය දැනටමත් භාෂා 50කින් පැවතීම, වසරකට පෙර සිතාගත හැකි වූවාට වඩා වේගයෙන්, ඉංග්‍රීසි-ප්‍රමුඛ කතිකාව සහ දැනුම-තබා ගන්නන් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ඇති ඓතිහාසික වාසි මැකීමට උපකාර විය හැකිය. පෙර ගෝලීය සංවාදවලින් විසන්ධි වූවන් – නගරයේ හෝ ගම්බදව වේවා – දැන් කෙලින්ම සහභාගී විය හැකි අතර, ඔවුන්ගේම හඬ මැදිහත්කරුවන් හරහා පෙරීමට වඩා වර්ධනය කෙරේ. දේශීය ප්‍රඥාව, දේශීය දැනුම් පද්ධති සහ කලාපීය දෘෂ්ටිකෝණ, නිතර මධ්‍යගත හෝ ප්‍රභූ දැනුම් ගබඩාවලින් නොසලකා හැර ඇති කලාප දැන් විවෘත වෙමින් තිබේ. මෙය ද්විපාර්ශ්විකව ගලා යා හැකි අතර, සංකීර්ණ ගැටලු පිළිබඳ වඩාත් පොහොසත්, වඩාත් නිවැරදි අවබෝධයක් ඇති කරයි. අන්තර්ගතයේ භාෂාව කුමක් වුවත් NotebookLM හි විශාල ‘Text’ ප්‍රමාණයක් සහ ඒ හා සම්බන්ධ අනතර්ගතයන් සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවලින් ජීර්ණය කර ගැනීමට හැකි, දියුණු ආකාරයට පෙරලීමේ හැකියාවක් මෙයට ඇත. 2022 අරගලය සිතන්න?

Google NotebookLM වැනි තාක්ෂණයන් මඟින් පෙර පරම්පරාවලට සිතාගත නොහැකි තරම් පුළුල්, ගැඹුරු අන්තර්-ජාතික, බහු-භාෂා සම්බන්ධතාවයක් හරහා පොදු යථාර්ථයන් වෙත අලුත් මාර්ග දැන් සපයනු ඇත. දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්නා සිසුන්ට භාෂාමය බාධක නොමැතිව ඉංග්‍රීසි භාෂාවෙන් පර්යේෂණ සමඟ සම්බන්ධ විය හැකි අතර, සිංහල භාෂාවෙන් කටයුතු කරන ප්‍රජා නායකයින්ට පරිවර්තන සේවා මත යැපීමකින් තොරව අත්‍යවශ්‍ය තොරතුරු ප්‍රචාරය කළ හැකිය. මගේ අත්දැකීම් අනුව මේවා න්‍යාය, සන්දර්භය සහ අර්ථය ප්‍රකාශ කිරීමේදී සමානව දුර්වලතා ද ප්‍රතිඵල පෙන්වයි. මෙය තමන්ගේම භාෂා හැකියාවන්ගෙන් ස්වාධීනව දැනුම නිෂ්පාදනය කිරීම සඳහා නව ලෝකයකි.

NotebookLM හි සැබෑ විප්ලවය පවතින්නේ තාක්ෂණික ජයග්‍රහණය තුළ නොව (එය විශ්මයජනක දෙයකට සමාන වේ) බුද්ධිමය ප්‍රාග්ධනය නැවත බෙදාහදාහැරීමේ විභවයයි. අනුරාධපුරයේ ගොවීන්ට ඔවුන්ගේ මව් බසින් ගෝලීය කෘෂිකාර්මික පර්යේෂණවලට ප්‍රවේශ වීමට සහ දායක වීමට හැකි නම්, හෝ මඩකලපුවේ ධීවරයින්ට ජාත්‍යන්තර දේශගුණ විද්‍යාඥයින් සඳහා දෙමළ භාෂාවෙන් වෙනස් වන සාගර රටා ලේඛනගත කළ හැකි නම්, අපි මූලාශ්‍ර ද්‍රව්‍ය සඳහා පක්ෂපාතී තාක්ෂණයක් මගින් සම්මත කරන ලද වඩාත් සාධාරණ දැනුම් පරිසර පද්ධතියක ආරම්භය අත්විඳිමු.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට GenAI හි තර්ජනය පිළිබඳ වර්ධනය වන කනස්සල්ල නොතකා (මා මේ ගැනද ලියා ඇත), NotebookLM හි භාවිතය සහ අනුවර්තනය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් කැඩී ගිය තොරතුරු භූ දර්ශනයකට ගෙන යන්නේ නැත. හුදෙක් බෙදීම් ආවරණය කිරීම වෙනුවට, NotebookLM මත පදනම් වූ ප්‍රතිදානය එම බෙදීම් සම්පූර්ණයෙන්ම කඩා දැමීමට උපකාරී විය හැකි අතර, විවිධ දෘෂ්ටිකෝණ දැනුවත් විවාදයන්, පොදු යථාර්ථයන් සහ සාමූහික අවබෝධයන් බවට පත්වන දියුණු කතිකා අවකාශයන් නිර්මාණය කරයි. භාෂා බෙදීම්, බලයේ සිටින අය විසින් අවි ආයුධ බවට පත් කරගෙන ඇති ආකාරය නිසා දශක ගණනාවක් තිස්සේ අපායට ගොස් නැවත පැමිණි රටකට මෙය අගනා අවස්ථාවක් වන්නේය.

Dr Sanjana Hattotuwa

| ආචාර්ය සංජන හත්තොටුව

(*ආචාර්ය සංජන හත්තොටුව විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මෙම ලිපිය සිංහල අනුවර්තනය ‘විකල්ප’ වෙබ් අඩවිය විසින් වන අතර, මෙම සිංහල පරිවර්තනය කියැවීමේදී යම් අපහසුතාවයක් දැනුනහොත් කරුණාකර එහි මුල් ඉංග්‍රීසි පිටපත කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි – සංස්කාරක)

(vikalpa.org)