කාන්තාවන්ට එරෙහි, හිංසනයට එරෙහි දින 16 වැඩපිළිවෙළ කුමක්ද?

padmini-weerasuriya

ලොව පුරා කාන්තාවන්ට එරෙහි හිංසනය වැඩි වෙමින් පවතී. මේ නිසා කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමට ලොව පුරා ක‍්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් අතරට දින 16 ක‍්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් විය. මෙකී දින 10 වැඩපිළිවෙළ තුලින් ලොව පුරා කාන්තාවන් සහ ගැහැණු දරුවන් හට එරෙහිව සිදුවන හිංසනයන් පිටු දැකීම සඳහා ලෝක අවධානය දිනාගැනීමට කටයුතු කරනු ලබයි. මෙය ආරම්භ වූයේ 1991 දී ගෝලීය කාන්තා නායකත්ව ආයතනය (Center For Women Global Leader Ship) ක‍්‍රියාකාරීන්ගේ මූලිකත්වයෙනි.

1991 සිට මේ දක්වා ලෝකයේ රටවල් 187ක්, සංවිධාන 6000ක් මෙම ක‍්‍රියාවලිය ක‍්‍රියාවට නංවා ඇති අතර, නන් අයුරින් සහභාගී වෙමින් සහයෝගය දක්වයි.

ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය තුරන් කරමු යන තේමාව යටතේ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා එනම් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දක්වා කෙරෙන ක‍්‍රියාකාරීත්වයන් දින 10යේ වැඩපිළිවෙළ ලෙස හªන්වන අතර, ”ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන 30 වන වසර” මේ වසරයි.

මේ වසරේ 2021 තේමාව වනුයේ ”ලොව තැඹිලි පැහැ ගන්වනු” ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය දැන්මම නවතාලනු. (Orange the World End the Violence Against Women now)

නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා වූ කාලය තුල ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන දින ගණනාවක් සනිටුහන් වෙයි. එනම් නොවැම්බර් 29 මානව හිමිකම් ආරක්ෂා කරන ක‍්‍රියාකාරිකයන්ගේ දිනය, දෙසැම්බර් 01 ජාත්‍යන්තර ඒඩ්ස් දිනය, දෙසැම්බර් 03 ආබාධිත අයිතීන් වෙනුවෙන් කැපවුණු දිනය, දෙසැම්බර් 06 මොන්ටි‍්‍රයල් සමූහ ඝාතනය වේ.

නොවැම්බර් 25 වන දිනය කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ දිනය වශයෙන් ප‍්‍රකාශයට පත් කරන ලද්දේ ඩොමිනිකන් ඒකාධිපති පාලනයට එරෙහිව සටන් වැදුණු පැටී‍්‍රශියා, මාරියා තෙරේසා හා මිනර්වා යන සහෝදරියන් තිදෙනා 1960 නොවැම්බර් 25 වන දින දාමරිකයන් විසින් ඝාතනයට ලක් කිරීමත් සමඟයි.

කොවිඞ් වසංගතය මගින් ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවධානම් තත්වය වර්ධනය කර ඇති අතර, එමගින් විරැුකියාව හා දරිද්‍රතාවයද, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයද ප‍්‍රමාණාත්මකව වැඩි වීමට ඉඩකඩ සපයා දී තිබේ. ලැබී ඇති වාර්ථා වලට අනුව, ලොව පුරා මිලියන 11ක දැරියන් කොවිඞ් වසංගතය නිසා නැවත පාසල් වලට නොපැමිණෙනු ඇත. එම නිසා ඔවුන්ට ළමා වියේදීම විවාහ වීමට බල කෙරෙණු ඇත. එසේම ලොව පුරා සිදුවුණු ආර්ථික කඩා වැටීම නිසා මිලියන 47කට වැඩි ප‍්‍රමාණයක් ස්ත‍්‍රීන් සහ දැරියන් 2021 වර්ෂයේදී අන්ත දුගී භාවයට පත් වෙනු ඇත.

හිංසනයෙන් තොර හෙට දිනක් වෙනුවෙන් ඇප කැප වීම අපගේ අද දිනයේ මෙන්ම හෙට දිනයේද වගකීමයි.

පද්මිණී වීරසූරිය, ස්ත‍්‍රී මධ්‍යස්ථානය