ලංකාවේ අපහාස නීතීය හා නීති ප්‍රතිපාදන ගැන දැනගන්න

ලංකාවේ අපහාස නීතීය හා නීති ප්‍රතිපාදන ගැන දැනගන්න
ලංකාවේ අපහාස නීතීය පදනම් වන්නේ බ්‍රිතානය නීතිය පදනම් කරනගෙනය එයට කිසීම ලිඛිත පනතක් නැති බව කිවෝත් ඔබ පුදුම වනු ඇත .
 
ලංකාවේ අපහාස නීතීයට පනතකින් නෛතීක වලංගුතාවයක් ලැබී නැත එය හුදු සිවිල් නීතීයේ එන දීලීක්තමය වැරදී මත පදනම්ව නීතීයේ ඇතීවු දියුනුවීම් හා අධීකරණ නඩු තීන්දු වලීන් දීයුනුවු නීතියකි. එය වර්ධනය වන්නේ දීලීක්ත නීතීය ලංකාවේ අධීකරණය වර්ධනය කරන ප්‍රමාණයට පමණි.
 
ඊට අමතරව වෙනත් අපහාස නීතී ප්‍රමාණයක්ද ඇත.
 
ඒවා නම්
  1. දැනට ඉවත්කර ඇතී සාපරාධී අපහාස නීතීය ,
  2. පරීඝනක අපරාධ නීතීය
  3. අධීකරණයට අපහාස කිරීම
  4. කාන්තාවන්ට එරෙහී අපහාසයට ඇතී අපරාධ නීතීය
  5. ලමයින්ට එරෙහී අපහාසයට ඇතී අපරාධ නීතීය.
  6. දණ්ඩ නීතී සංග්‍රහයේ 479 කීර්තීනාමයට හානී කිරීම
 
මෙයින් කාන්තාවට එරෙහි අපහහාසය අපහාසයක් පමණක් නොව යම් ක්‍රියාවක් හේතුවෙන් කාන්තාවන්ට වන අපහසුව මත සලකා දඬුවම් කරන අතර අපහහාසයද එහී ගැබ්ව ඇත. එහෙත් එය සෘජුවම අපහාසය නොවේ ළමයින්ට එරෙහි කෘරත්වය නීතීයද අපරාධ නීතියේ අන් නීතියක් වන අතර එහීද මානසීක පීඩාව එනම් ඉංග්‍රීසීයෙන් කියන චයිල්ඩ් බුලීන් Child bullying යන සංකල්පය ගොනු කර ඇතිමුත් එය ළමයින්ට එරෙහි අපහහාසය ලෙස පමණක් යොද ගත නොහැක.
 
අධීකරණයට අපහාස කීරීම ද ලංකාවේ නීතියේ කොටසක් වන අතර එය අපහාසයක් වන්නේ කෙසේද යන්න ගැන සීමාවන් පැහැදිලි ලෙස විස්තර කර නැතී නිසා එය තුල අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව විශේෂඥයන්ගේ මතයයි .
 
එහෙත් අපහාස නීතිය සිවීල් නීතිය ඇති කාරණයක් නිසාම එය සීවිල් නඩු විධාන සංග්‍රහයේ පටිපාටිමය පිලීගැනීම් මත ක්‍රියා කිරීමට සිදුවේ.
 
අපහස නඩුවක් පවරන්නේ කෙසේද යන කාරනය මුලින්ම බලමු, ඔබ අපහාසයට ලක් වුයේ නම් ඔබගේ අධීකරණ බල ප්‍රදේශයේ නඩුව පැවරීය යුතුය. එනම් ඔබ කොළඹ නම් නඩු පැවරීය යුත්තේ කොළඹ දීසා අධිකරනයේය. එය සාමානය පටිපාටිය අනුව පැවරීය යුතුය . එනම් නඩු විභාග කර තීන්දු දෙන පැමිණිලිකරු හා විත්තිකරු වශයෙන් නඩුව පැවරීය යුතුය.
 
පලමුව නඩුව පවරා වීත්තිකරුවන්ට සිතාසී යැවීය යුතුය, විත්තිකරුවන් නම් කීරීමේදී. එම අපහසය පලකර හෝ මුද්‍රණය කල හෝ ප්‍රචාරය කල ආයතනයද නඩුවේ විත්තිකරුවන් ලෙස නම කල යුතුය. එසේ නම් නොකලේ නම් එය මතම නඩුව නිශ්ප්‍රභා කරන ලෙස විත්තිකරුවන්ට ඉල්ලා සීටිය හැක. පැමිණිල්ල කරන විට පැමිණිල්ල සමග සිදුවූ පීඩාව , කීර්තිනාමයට වු හානිය , පුද්ගලයාගේ කීර්ති නාමයේ ප්‍රබල බව හා සිදුවු පාඩුවට වන්දි ගනණය කොට විශාල වන්දියක් ඉල්ලා සිටිය හැක. ඔබට ඕනැම ගනණක් වන්දි ඉල්ලා සිටිය හැක.
 
ඒ නුව තමයි බොහෝ විට දේශපාලනඥයන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අපහාස නඩු දමන බවට තර්ජනය කරන්නේ. එහෙම වන්දි ඉල්ලන්න දේශපාලනඥයන්ට පමණක් නොවේයි ඕනෑම පුද්ගලයකුට පුලුවන්.
 
ඉන්පසු විත්ති කරුවන් ගේ උත්තරය හා ඉන් පසු ප්‍රතිඋත්තරය හා ඉන් පසු පුර්ව නඩු විභාගය හා ඉන්පසු නඩු විභාගය වේ. එහිදී නඩු විභාගයේදී පැමිණිලිකරු හා පැමිණිල්ලේ සාක්ෂීද අනතුරුව විත්තිකරු හා විත්තියේ සාක්ෂීද වේ. අනතුරුව ලිඛිත දේශන හා තීන්දුවයි.
 
දැන් බලමු අපහාස නීතිය කියන්නේ කුමක්ද කියලා. ලංකාවේ බල පැවැත්වෙන අපහාස නීතීය තුල දිලික්තමය වරදක් ගොඩ නැගෙන්න නම් පහත දේ සිදුවීය යුතුයි. එනම්
1. අපහාසයක් එනම් අපහාසමය වචන හෝ ඇඟවුම් තිබිය යුතුයි.
1. අපහාසය කර තිබිය යුතුයි.
3. අපහාසාත්මක චේතනාවක් තිබිය යුතුයි.
4. අපහාසය ප්‍රසිද්ධ කර තිබිය යුතුය. බේදා හැර තීබිය යුතුයි. හෝ මුද්‍රණය කර තීබිය යුතුයි හෝ ප්‍රචාරය කර තිබිය යුතුයි.
 
මේ කරන කර තිබේ නම් ඉහත ආකරයට අපහාස නීතීය යටතේ නඩු දාන්න පුලුවන්. එතකොට ඒ කරපු ප්‍රකාශය හෝ වචන අඩංගු තැටීය , විඩියෝ එක , ෆේස් බුක් නම් ස්ක්‍රීන් ශොට්ස් , රෙකොර්ඩින් හෝ රුපවාහීනී කොටස් Clips අධීකරනයට ඉදීරීපත් කරන්න අවශයයි. ඇමිනුම් ලෙස එහෙම කරල ඔප්පු කරන්න ඔනා අධීකරනයට එහෙම අපහාසයක් කරල තීයන විත්තිය .
මෙහීදී අපහාසයේ අසත්‍ය ගැබ්ව තිබෙන්න අවශයයි. සත්‍ය ප්‍රකාශ කිරීම කොපමන තිත්ත වුවත් අපහාසයක් වන්නේ නැ ,
 
ඒ නිසා තමන්ට කීර්ති නාමයක් ඇති හෝ නිකැලැල් පුද්ගලයකු බව ඔප්පු කිරීම හෝ අධීකරණයට කියා පෑම පැමිණිල්ලේ වගකීමයි.
 
ඒ කියන්නේ ඕනෑම පුද්ගලයකුව සලකන්න නිකැලැල් නිර්දෝශී පුද්ගලයකු හැටීයට. ඒ උනත් තමන්ට කසිප්පු කාරය කියල කවුරු හරී කිව්වෝත් තමන් කසිප්පු නොපෙරන සමාජයේ සාමකාමී දීවී පෙවතක් ගෙවන කෙනෙක් කියලා ඔප්පු කරන්න ඕනි හෝ කරුනු ඉදීරීපත් කරන්න ඕනි. තමන් ඇත්තටම කසිප්පු පෙරල තියනවා නම් එහෙනම් අපහාස නඩු දැමීමේන් පලක් නෑ.
 
යමෙක් තමන්ට ප්‍රසිද්ධියේ අපහාස කලොත් ඒ කියන්නේ යම් අවස්ථාවක ප්‍රසිද්ධ සභාවක අපහාස වචන කියමින් අපහාස කලොත් එතැන සිද්ධවු දේ රෙකොර්ඩ් කර ගන්න බැරී උනත් එතැන වු දේ හරීයටම කියන්න පුලුවන් සාක්ෂී කරුවන් හොයා ගන්න පුලුවන් නම් එතකොට පුලුවන් අපහාස නඩුවක් දාන්න. හැබැයී මුදිත හෝ පටීගත වචන තිබෙනවා තරම් පහසු නැතී වුනත් එකිනෙකට පරස්පර නැති සාක්ෂි තිබේ නම් ඔවුන් හොඳ ට සාක්ෂි දුන්නොත් එතකොට පුලුවන් හොඳ නඩුවක් අරගෙන යන්න. හැබැයී ඔබ පරීස්සම් වෙන්න ඕනි. මෙතැනදී ඔබට එකට සාක්ෂී ඔප්පු කරන්න තියන වගකිම වැඩියි.
 
තමන්ට එහෙම කල අපහාසය වාචීකව කල එකක් නම් ඒක තමන්ට විතරක් ඇසුනු එකක් නම් එහෙනම් අපහාසයක් හැටියට සලකන්න බැ, එහෙම නම් නඩු දානනත් බැ. තමන්ට ඉන්බොක්ස් කරල එවන පණිවුඩයක් අපහාස නඩුවකට නඩු නිමිත්තක් වෙන්නේත් නැ. එහෙත් වෝල් එකේ දාන ප්‍රසිද්ධ ප්‍රකාශයක් ෆේස්බුක් එකක ඡායාරුපයක් අපහාසයක් වෙනවා හෝ එහි අපහාසයක් වන බවට තීරනය කරන්න පුලුවන් නම් නඩු දාන්න හැකියි.
 
ඒවගේම තමන්ගේ ඡායාරුප විකෘති කර අසභ්‍ය ලෙස දැම්මත් නඩු දානන් පුලුවන්. විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහිව වෙබ් පිටුවල හා වෙනත් ඉන්ටර්නෙට් ප්‍රකාශන වල අපහාසය දැන් බහුලව වෙනවා. සමහර විට සමහර අයගේ ජීවීතයට පවා හානී වෙනවා. එතකොට බිය ගැන්වීම කියන අපරාධ වරද හැරුනු කොට අපහාසයට කෝටී ගානනක් වන්දී ඉල්ලල නඩු දාන පුලුවන් බව ඔබලා දැන ගන්න අවශයයි. එහෙම කීප දෙනෙක් බය නැතුව නීතීයට ආවෝත්  බොහෝ අපහාස නවත්වන්න පුලුවන්.
 
අපහාසයට ඉඩ දෙන්න එපා නඩු හරහා ඉදිරියට එන්න. අවශ්‍ය ඔනැම දෙයක් අහන්න දැන ගන්න විනීතව විවේචනය කරන්න.
 

සටහන -නීතීඥ ලක්ෂාන් ඩයස්