කාන්තා දිනය වසරකට යෙදෙන තවත් එක් දිනයක් පමණයි

කාන්තා දිනය වසරකට යෙදෙන තවත් එක් දිනයක් පමණයි

සෑම වසරකම කාන්තා දිනයක් පැවැත්වීම වචනවලට පමණක් සීමා වී ඇති අතර, එය වසරකට යෙදෙන තවත් එක් දිනයක් පමණක් ම වී ඇත.

වර්තමානය වන විට සමස්ත දේශපාලන ධාරාවම මහ ගඳ ගසන කුණු බදුනකට සමානය. ඒ හරහා රටේ ආර්ථිකය විනාශ මුඛයට පත්වෙමින් ඇත. එහි ප්‍රතිඵල ලෙස සමාජයේ පිරිහීම සහ රට වැසියන්ගේ ජීවිකාව අගාධයට පත්ව ඇත.

සමස්ත ජනගහනයෙන් බහුතරය වන කාන්තාව මෙම අහිතකර බලපෑම්වල ප්‍රධාන ගොදුර බවට පත් වී ඇති වත්මන් තත්වය තුළ, රැකියා අස්ථිර බව, කුසගින්න, අනාරක්ෂිත බව, මානසික අසහනය, යන වේදනාවන් සමඟ එදිනෙදා තම ජීවිතය විඳවමින්, කාත්නාව පසුවන මෙවන් ඛේදනීය පසුබිමක, කාන්තා දිනයක් පැවැත්වීම හා එවැනි දිනයක් ගැන කතා කිරීමත් එම වචනයට පවා කරන නිගාවක් බව කිව යුතුය.

එසේම පුරසාරම් කතා, කයිවාරු, ශෝබන වලින් රැවටීම විනා කාන්තාවට සාධාරණය යථාර්තයක් වන සමාජයක් බිහිවීම පේනතෙක් මානයක වත් නොමැති කල මොන සැමරැම් දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

Thamara Dayani

තමරා දයානි හෙට්ටිමුල්ල, ප්‍රධාන සංවිධායක, ජාතික වෘත්තීය සමිති පෙරමුණ