සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය  හැකියාව සහ මුල්‍ය විනය යන දෙකම පිරිහිලා, ඉදිරියට යෑම අසීරුයි 

ravi-kumudesh
  • සෞඛ්‍ය සේවාවේ මුල්‍ය පාලනය පිළිබදව වැඩි අවධානයක් යොමු කල යුතුයි !

උපකරණ හා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සැපයුම් මිළ දී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරණු ලබන ටෙන්ඩර් පටිපාටිය හේතුවෙන්, ප්‍රායෝගික නොවන කොලිටියකට මුවාවෙමින්, අති විශාල තාක්ෂණික වංචාවක් සිදු වන අතර, එය වැලැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිළධාරීන්ට අවශ්‍යතාවයක් නොමැති බව ඉතා පැහැදිළිය. 

මේ පිළිබදව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වසර ගණනාවක සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු දකවන අතර, පහතින් දැක්වෙන්නේ 2020 වර්ශයේ අප විද්වත් සංගමය විසින් සිදු කරනු ලැබූ පර්යේෂණයකි.

https://worldresearchlibrary.org/proceeding.php?pid=3517

මේ වන විට සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම පවා අභියෝගයක් වී ඇති තත්වයක් හමුවේ හෝ එම පර්යේෂණයේ නිර්දේශ පිළිබදව අවධානය යොමු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ වගකීමකි.

දැඩි ආර්ථික දුෂ්කරතාවය හේතුවෙන් බරපතල අර්බුධයකට සෞඛ්‍ය සේවාව ලක්ව ඇතත්, පවතින ප්‍රතිපාදන නාස්තිය සහ දූෂණයට ලක්වීම තව දුරටත් පෙනෙන්නට තිබේ. 

උපකරණ, ප්‍රතික්‍රීයක, රසායන් ද්‍රව්‍ය, ඖෂධ, වැනි සැපයුම් ලබා ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැන භාවිත කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම හරහා විශාල මුදල් ඉතිරියක් කරගත හැකි වුවද, ඇතැම් විශේෂඥ වෛද්‍ය වරුන්ගේ පූර්ණ ඒකාධිකාරී තීරණ වලට යටවෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම හේතුවෙන් එකී මුල්‍ය විනය ඇති කර ගැනීමට කාලාන්තරයක් තිස්සේ නොහැකි වී ඇත.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සහ තාක්ෂණික ඇගයිම් වලදී සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හරහා කොලිටිය හෙවත් 'ගුණාත්මකව උසස්' යන්න තනි පුද්ගලයෙකුගේ මතයක් බවට පරිවර්තනය වී ඇති අතර, විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කල සෞඛ්‍ය ලේකම්වරයා, ඒ හරහා සිදුවන දූෂිත තත්වයන් හොදින් හදුනන නමුත්, මෙතෙක් ඒ පිළිබදව කිසිදු පියවරක් ගෙන නොමැත.

සමාගම්වලින් සැපයුම් ලබා ගැනීමේදී ඇතැම් විශේෂඥයින් යෝජනා කරනු ලබන අධික වියදම් සහිත තෝරා ගැනීම් වලින් රෝගීන්ට කෙතරම් වාසියක් අත්වෙන්නේද යන වග හෝ, යෝජිත කොලිටිය සදහා ව්‍යුහාත්මක පරීක්ෂාවක් කිසිවිටෙකත් සිදු නොවන බැවින්, එය 'කොලිටියට වඩා' තමන්ට හිතැති සමාගමට අවස්ථාව ලබාදීම සදහා භාවිතා කරනු ලබන 'වරයක්' බවට පත්ව ඇත.

පරීක්ෂණ 10ක් කල හැකි මිලට එක් පරීක්ෂණයක් සිදු කිරීම සදහා ගනු ලබන තීරණ හේතුවෙන්, එක් රෝගියෙකු සදහා සමස්ත ක්‍රමවේදය තුල කිසිසේත් ලගාවිය නොහැකි නොවන කොලිටියක් මිලදී ගැනීම හේතුවෙන්, තවත් රෝගීන් නව කිසිදු සේවාවක් නොලබා හරවා යවන තත්වයක් සෞඛ්‍ය සේවාව තුල ඇති වෙමින් පවතී.

එනයින් ප්‍රායෝගික හෙවත් භාවීත කල හැකි කොලිටිය (Userble Quality) පමණක් අරමුණු කරමින්, ඒකක ගාස්තු අනවශ්‍ය ලෙස ඉහල දමා ගැනීම පාළණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුය.

ඒකක පරීක්ෂණයක් සදහා වැය කල හැකි උපරිම මිල සීමාවක් නොමැති අතර, උපකරණ  ලබා ගැනීමේදීද එකම කාර්‍යක් වෙණුවෙන් විශාල මිල පරාසයක් පවත්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසරය ලැබේ. 

භාවිතයට සුදුසු  උපකරණ ඉවත දැමීමත්, එක් අයෙකු මිලදී ගත් කොලිටි උපකරණය, තවත් අයෙකුට ප්‍රතික්ෂේප කිරීමට හැකි වීමත්, ක්‍රියාකාරීත්වයෙන් පවතින උපකරණ තිබියදී  වෙනත් උපකරණ මිලදී ගැනීමට අවසර ලබා දීමත් ඉතා විශාල මුදල් නාස්තියක් සිදු වෙමින් පවතින බැවින්, අවම වශයෙන් පවතින ආර්ථික අර්බුධය සැලකිල්ලට ගනිමින් හෝ එවන් නාස්තිකාර වියදම් අවම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහා පියවර ගත යුතුය.

ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයිම් කමිටු සදහා සාමාජිකයින් පත් කිරීම අහඹු ලෙස සිදු නොවන බව ඉතා පැහැදිලි වන පෙනෙන්නට තිබෙන අතර, තෝරාගත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පමණක් නැවත නැවත පත්වන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේම යන්ත්‍ර ක්‍රියාකාරීත්වය, මිල පරස්පරතා පිළිබද නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි, යන්ත්‍ර සමග සෘජු ලෙස වැඩ කරනු ලබන වෘත්තිකයින් මග හැර එම කමිටු පත් කිරීමටද සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබී මගින් තමන්ට හිතෛෂී කණ්ඩායම් පත් කර ගැනීම සදහා අනියමින් හෝ අනුබලයක් ලැබෙන බවක් පෙනෙන්නට තිබේ. යම් රෝහලකට හෝ සෞඛ්‍ය ආයතනයක් සදහා තාක්ෂණික ඇගැයිම් කමිටු පත් කිරීමේදී එම රෝහලේම කණ්ඩායමක් පත් කිරීම මගින් මෙම  අතිශය දූෂිත තත්වයන් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන බව, සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතේරෙනවා වන්නට බැරිය. 

මෙම තත්වයන්  වලක්වා ගැනිමින් අතරමැදියන්ගේ කොමිස් උත්ප්‍රේරණය කිරීම වෙණුවට, ප්‍රායෝගික වශයෙන් තත්වයෙන් උසස් මහජන සේවාවක්, අවම පිරිවැයක් යටතේ මහ ජනතාවට ලබා දීම තහවුරු.කිරීම සදහා විධිමත් වැඩ පිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ ක්‍රියාත්මක කල යුතු අතර්, දුෂිත තත්වයන් සදහා පැමිණිලි කිරීමට සහ කඩිනමින් මැදිහත්වීම සදහා යාන්ත්‍රණයක් ඇති කිරීම සදහා ස්වාධීන මණ්ඩලයක් වහා පත් කරන ලෙස අප ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය